ව්‍යාපාර යනු
:- ලාභ ලැබීමේ අරමුණින් පවත්වා ගෙන යන මිනිස්
අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය,
බෙදාහැරීම, අලෙවිය හා අනුබද්ධ සියලු කටයුතු සාමාන්‍යයෙන් ව්‍යාපාර ලෙස අර්ථ
දැක්විය හැකි .
ලාභ අරමුණින්
තොර ව මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා පවත්වා ගෙන යන ව්‍යාපාර
ද පවති.
ඒ අනුව ව්‍යාපාර
යනු මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා ඇති ඕනෑම ආර්ථික
කටයුත්තකි.
අවශ්‍යතා යනු
:-
මිනිසා විසින්
අනිවාර්යයෙන් ම සපුරා ගත යුතු කායික හා මානසික තත්ත්ව මිනිස් අවශ්‍යතා ලෙස හැදින්වේ.
නැතිනම් අවශ්‍යතා යනු මූලික තෘප්තියක් ඉටුකර ගැනීම සදහා මිනිසා තුළ ඇති පෙලඹීමේ
ස්වභාවයයි. තවද අවශ්‍යතාවක් යනු යම් මූලික
තෘප්තියක් නො ලැබීමෙන් දැනෙන අඩුපාඩුවක් පිළිබඳ තත්ත්වයක් ලෙස ද අලෙවිකරණය පිළිබඳ
විශේෂඥයෙක් වු පීලිප් කොට්ලර් මහතා වරක් ප්‍රකාශ කර ඇත.
අවශ්‍යතා සීමිත සංඛ්‍යාවක් පවතින අතර ආහාර,
ඇදුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, සන්නිවේදනය, ප්‍රවාහනය, ආරක්ෂාව, විනෝදය අවශ්‍යතා
වලට නිදසුන් ය.
අවශ්‍යතා සෑම පුද්ගලයෙකුට
ම පොදු වේ. අවශ්‍යතා ප්‍රාථමික වන අතර උපතින් ම ඇති වේ. ව්‍යාපාරිකයන්ට ඒවා
අලුතෙන් නිර්මාණය කිරීමට අවශ්‍ය නොවන අතර නව අවශ්‍යතා බිහි කළ ද නො හැක. එමෙන් ම
සමාජ බලවේගවලට ද අවශ්‍යතා වෙනස් කළ නොහැකි වේ. ව්‍යාපාරවල කටයුතුවල ඉලක්කය වන්නේ
මෙම අවශ්‍යතා සපුරාලීමයි.
වුවමනා යනු :-
මිනිස් අවශ්‍යතා
සපුරා ගන්නා විවිධ ආකාර වුවමනා ලෙස හැඳින්වේ. වුවමනා අසීමිත ප්‍රමාණයක් පවති. වුවමනා ද්විතීයික
වන අතර ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැකිය. එමෙන් ම සමාජ බලවේගවලට ද වෙනස් කළ හැකි
ය. වුවමනා ජීවත් වීමට අනිවාර්යයෙන් ම සපුරා ගත යුතු නොවේ. වුවමනා සඳහා නිදසුනක් ලෙස ආහාර
අවශ්‍යතාව සපුරා ගන්නා විවිධ ආකාර වන බත්, පාන්, ඉඳි ආප්ප, තේ ආදිය
වුවමනා වේ. අවශ්‍යතා හා වුවමනා සඳහා නිදසුන් පහත වගුවේ
දැක්වේ.
|
අවශ්‍යතා |
වුවමනා |
|
1.ආහාර |
බත්, පාන්, ඉදි
ආප්ප, තේ |
|
2.ඇදුම් |
සාරි, කලිසම්,
ගවුම්, සරම |
|
3.නිවාස |
තට්ටු නිවාස, යුගල
නිවාස, නිල නිවාස, නේවාසිකාගාර |
|
4.අධ්‍යාපනය |
පාසල් අධ්‍යාපනය, පිරිවෙන්
අධ්‍යාපනය, පෞද්ගලික පාසල්, පාඨමාලා පොත්පත් |
|
5.සෞඛ්‍ය |
රජයේ රෝහල්,
පෞද්ගලික රෝහල්, බෙහෙත්, වෛද්‍ය පරීක්ෂණය |
|
6.සන්නිවේදනය |
දුරකථන, ෆැක්ස්, විද්‍යුත්
තැපෑල, අන්තර්ජාල පහසුකම්, සමාජ ජාල |
|
7.ආරක්ෂාව |
පොලිසිය, හමුදාව,
පෞද්ගලික අංශයේ ආරක්ෂක සේවය. |
මැස්ලෝ ගේ
අවශ්‍යතා ධුරාවලිය:-
ඒබ්‍රහම්
මැස්ලෝ ( 1908- 1970) මනෝ විශ්ලේෂකයකු වන අතර අවශ්‍යතා ධූරාවලි න්‍යායය ඉදිරිපත්
කරන ලදි. මිනිසා විසින් සම්පූර්ණ කර ගත යුතු අවශ්‍යතාවන් පිළිවෙළින් දැක්වෙන
පිරමීඩයක් ආකාරයෙන් පහත ආකාරයට ඉදිරිපත් කර ඇත.
මිනිසාට අවශ්‍යතා
ඇති වීමට හේතු
01. කුස ගින්න ඇති
වීම.
02. විළි වසා ගැනීමේ
අවශ්‍යතාව ඇති වීම.
03. පාරිසරික
බලපෑම්වලින් ආරක්ෂා වීමට සිදු වීම.
04. දැනුම හා අවබෝධය
ලබා ගැනීමට අවශ්‍ය වීම.
05. නිරෝගී ව ජීවත්
වීමට අවශ්‍ය වීම.
06. එකිනෙකා අතර
තොරතුරු හුවමාරු කර ගැනීමට
07. එක් ස්ථානයකින්
තවත් ස්ථානයකට මිනිසුන් හා භාණ්ඩ රැගෙන යාමට
08. විනෝද වීමට
වුවමනා තීරණය
කරන සාධක.
01. භෞතික පරිසරය
(නිවාස, ඇදුම් පැළදුම්, කුඩ, පාවාහන් ආදිය තීරණය වීම)
02. සමාජීය හා
සංස්කෘතික පරිසරය ( ආරක්ෂාව, ආටෝපය, වටිනාකම්)
03. තාක්ෂණික පරිසරය
(දුරකථනය, රූපවාහිනිය, පරිගණක)
04. ආර්ථික පරිසරය
(වැටුප්, ආදායම් මට්ටම, උද්ධමනය)
05. දේශපාලන පරිසරය/
නෛතික පරිසරය (යුද්ධය, සාමය,නීතිරිති, සංවිධාන)
06. වෙළඳ ප්‍රවර්ධනය
(ප්‍රචාරණය, සේල් පැවත්වීම,පෞද්ගලික අලෙවිය)
මිනිසා තම වුවමනා සපුරා ගන්නා ආකාර
01. හුවමාරුව මගින්
02. බලාත්කාරකමෙන්,
03. හිඟමන් ඉල්ලීමෙන්
04. තමා ම නිෂ්පාදනය
කර ගැනීමෙන්
05. ප්‍රදානයන් හෙවත්
ත්‍යාග මගින්
මින් වඩාත් වැදගත්
වන්නේ හුවමාරුවයි. හුවමාරුව යනු එක් පාර්ශ්වයක් සතු වටිනාකමක් ඇති යම් දෙයක් තවත් පාර්ශ්වයක්
සතු කිරීමයි. හුවමාරුව තුළින් වෙළදාම බිහි විය. වෙළදාම තුළින් වානිජ්‍ය බිහි විය.
වාණිජ්‍ය නිසා ව්‍යාපාර දියුණු විය.
නිෂ්පාදිත යනු
:-
නිෂ්පාදිත :- මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන
වෙළෙදපොළ වෙත ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිත ලෙස සරලව හඳුන්වයි.
ව්‍යාපාර විසින් වටිනාකමකින් යුත්
නිෂ්පාදිත පුද්ගල අවශ්‍යතා සපුරාලීමට වෙළෙඳපොළට ඉදිරිපත් කරයි. නිෂ්පාදිත
පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීමට ඉදිරිපත් කරන ප්‍රතිලාභ කට්ටලයක් ලෙස ද
නැතිනම් අශ්‍යතාවයකට ඇති විසඳුමක් ලෙස ද හඳුන්වයි.
නිෂ්පාදිත ආකාර දෙකකට වර්ග කළ හැකි
ය. එනම්
01. පටු වර්ගීකරණය :-
ඒ අනුව නිෂ්පාදිත භාණ්ඩ හා සේවා වශයෙන් වර්ග කරයි.
02. පුළුල් වර්ගීකරණය
:- ඒ අනුව
1. භෞතික භාණ්ඩ 6. පුද්ගලයින්
2. සේවා 7.
පළපුරුද්ද
3. අදහස් 8. තොරතුරු
4. ස්ථාන 9. ඉසව් හා
ක්‍රියාකාරකම්
5. සංවිධාන 10. දේපළ
වශයෙන් නිෂ්පාදිත වර්ග
කරයි.
භාණ්ඩ හා සේවා
භාණ්ඩ යනු :- අමුදව්‍යයකින්
මිනිස් අවශ්‍යතාවක් සපිරෙන ආකාරයට ම නිමි ද්‍රව්‍යයක් බිහි කිරීමෙන් භාණ්ඩ බිහි වන
අතර ඒවා ස්පර්ශ කළ හැකි වන, හැඩයක් හා වර්ණයක් ඇති, භෞතිකව දැකිය හැකි, ගබඩා කොට
පසුව ප්‍රයෝජනයට ග හැකි, නිපදවීමත් පරිභෝජනයත් එකවිට සිදු නොවන ද්‍රව්‍යයකි.
නිදසුන් ලෙස කාර්මික භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ දැක්විය හැකි ය.
සේවා යනු :- හැකියාවක්
දක්ෂතාවක් මිනිස් අවශ්‍යතා වන්ට අනුව යොදා ගැනීම මගින් සේවා බිහි වන අතර සේවා
ස්පර්ශ කළ නොහැකි, සේවා සපයන පුද්ගලයා අනුව ස්ථානය හා කාලය අනුව වෙනස් වන, සේවා
නිපදවන අවස්ථාවේ දී ම ප්‍රයෝජනයට ග යුතු, සේවා නිපද වීම හා පරිභෝජනය එක විට සිදු
වන දෙයකි. නිදසුන් ලෙස මූල්‍ය සේවා, වෘත්තිමය සේවා, අලුත් වැඩියා සේවා, සංචාරක
සේවා, ආදිය දැක්විය හැකි ය.
භාණ්ඩ පහත
ගැලීන් සටහනේ ආකාරයට වර්ග කළ හැකි ය.
කාර්මික භාණ්ඩ
යනු :- වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගන්නා භාණ්ඩ
වේ. භාණ්ඩ නිපදවීම සඳහා බොහෝ විට
මේවා මිල දී ගන්නේ ව්‍යාපාරිකයන් බැවින් ව්‍යාපාරික භාණ්ඩ ලෙස ද හඳුන්වයි. කාර්මික
භාණ්ඩ යොදා ගෙන බොහෝ විට පාරිභෝගික භාණ්ඩ නිපදවයි.
පාරිභෝගික භාණ්ඩ :- එදිනෙදා
පරිභෝජනයට යොදා ගන්නා භාණ්ඩයන් ය. පාරිභෝගික භාණ්ඩ භාවිතයෙන් අවසන් වේ.
කාර්මික භාණ්ඩ හා
පාරිභෝගික භාණ්ඩ අතර වෙනස්කම්
|
කාර්මික භාණ්ඩ |
පාරිභෝගික භාණ්ඩ |
|
1. පාවිච්චියේ දි අවසාන නොවේ. |
1. පාරිභෝජනයෙන් කෙළවර වේ. |
|
2. පාවිච්චියේ දි ක්ෂය වේ. |
2. පාවිච්චියේදි අවසන් වේ. |
|
3. සාපේක්ෂව ඉල්ලුම අඩු ය. |
3. සාපේක්ෂව ඉල්ලුම වැඩි ය. |
|
4.පාරිභෝගික භාණ්ඩ මත ඉල්ලුම රඳා පවති.(ව්‍යුත්පන්න
ඉල්ලුමක් පවති) |
4. සෘජු ඉල්ලුමක් පවති |
|
5. අලෙවියෙන් පසු සේවා සපයයි. |
5. අලෙවියෙන් පසු සේවා නො සපයයි. |
අත්‍යවශ්‍ය
භාණ්ඩ:- ජීවත් වීමට අත්‍යවශ්‍ය ආහාර පාන, නිවාස,
ඇදුම් පැළඳුම්, නිවාස
වැනි භාණ්ඩ මේ යටතට ගැනේ.
සුඛෝපභෝගී
භාණ්ඩ :- ජීවත් වීමට අනිවාර්යයෙන් ම අවශ්‍ය නොවන
රූපවාහිනි, ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, යාන වාහන මේ යටතට ගැනේ,
පහසු භාණ්ඩ :- පාරිභෝගිකයන්
නිරන්තරයෙන් ම මිල දි ගන්නා භාණ්ඩ එනම් පාන්, සබන්, සහල්, දන්තාලේප, වැනි දේ මේවාට
නිදසුන් වේ.
සාප්පු භාණ්ඩ
:- භාණ්ඩවල මිල, ගුණත්වය, සැසඳීමකින් පසු තෝරා
ගන්නා භාණ්ඩ සාප්පු භාණ්ඩ වේ. ඉතා ම සුදුසු මිල දී ගැනීමක් උදෙසා පාරිභෝගිකයා
නිතරම සැලකිලිමත් වේ. කාලයක් වැය කර මිල දී ගනී. නිදසුන් ලෙස විදුලි උපකරණ, ඇදුම් පැලඳුම් පාවහන් දැක්විය
හැකි ය.
විශේෂිත භාණ්ඩ
:- යම් භාණ්ඩයක් මිල දී ගැනීම සඳහා විශේෂිත උත්සාහයක්
දරයි නම් එය විශේෂිත භාණ්ඩයකි. මේවායේ මිල ඉහළ අගයක් ගනී. විශේෂිත භාණ්ඩයක්
පරිභෝජනයෙන් පාරිභෝගිකයා වඩාත් තෘප්තිමත් වේ. මේවායේ මිල ඉති ඉහළ විය හැකි ය. නිදසුන්
ලෙස ස්වර්‍ණාභරණ මෝටර රථ, පරිගණක දැක්විය හැකි.
නො සෙවු භාණ්ඩ
:- වෙළෙඳපොළෙහි විකිණීම සඳහා තිබුණාත්
පාරිභෝගිකයා ඒ පිළිබඳ උනන්දුවක් නො දැක්වීම
හෝ ඒ බව නොදන්නා භාණ්ඩ, නො සෙවු භාණ්ඩ වේ. නිදසුන් ලෙස ජීවිත රක්ෂණ ඔප්පු, අලුතෙන්
ලියන ලද පොත් ආදිය දැක්විය හැකි ය.
වෙළෙදපොළ යනු
:-
ගැනුම්කරුවන්
හා විකුණුම් කරුවන් මුණ ගැසෙන හෝ සම්බන්ධ වන ඕනෑම තත්ත්වයක් වෙළෙදපොළ ලෙස
හඳුන්වයි. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීමට වෙළෙදපොළ තුළින් භාණ්ඩ හා සේවා
සපයා ගනි. නිදසුන් ලෙස සතිපොළ, කඩසාප්පු, කොටස් වෙළෙදපොළ, අන්තර්ජාලය හරහා
නිර්මාණය වි ඇති මංගත වෙළෙදපොළ ආදිය දැක් විය හැකි ය.
තාක්ෂණයේ
දියුණුවත් සමග ස්ථානයක පැවති වෙළෙදපොළ වර්තමානයේ අවකාශ වෙළෙඳපොළක් දක්වා විකාශනය
වී ඇත.
ඒ අනුව වෙළෙදපොළ සඳහා නිශ්චිත ස්ථානයක්
තිබීම අනිවාර්ය නැත. ස්ථානීය වෙළෙදපොළ මෙන් ම අවකාශ වෙළෙදපොළ ද දැකිය හැකිය.
ස්ථානීය
වෙළෙදපොළ :- ගැනුම්කරුවන් හා විකුණුම් කරුවන් මුණ ගැසෙන
සහ භාණ්ඩ හා සේවා අලෙවිකරණ නිශ්චිත ස්ථානයක් ස්ථානීය වෙළෙඳපොළයි. එයට භෞතික
වෙළෙඳපොළක් තිබේ. නිදසුන් ලෙස සති පොළ, කොටස් වෙළෙඳපොළේ මහජන ගැලරිය ආදිය දැක්විය
හැකි ය.
අවකාශ
වෙළෙදපොළ :- ගැණුම් කරුවන් හා විකුණුම් කරුවන් මුහුණට
මුහුණ හමු නොවි විද්‍යුත් මාධ්‍යය හරහා භාණ්ඩ හා සේවා අලෙවි කිරීම අවකාශ
වෙළෙඳපොළයි. එහි භෞතික ස්ථානයක් දැකිය නොහැකි ය. විද්‍යුත් වාණිජ්‍ය ක්‍රියාත්මක
වන්නේ අවකාශ වෙළෙඳපොළක් තුළ ය. නිදසුන් ලෙස Ebey,
ikman.lk, daraz දැක්විය හැකි ය.
ව්‍යාපාර ගති
ලක්ෂණ
01. විකුණුම්
හෝ හුවමාරු වීම් සිදු වීම :- සෑම ව්‍යාපාරයක් ම
භාණ්ඩ හා සේවා මුදල්මය අගයක් මත විකිණීම හෝ හුවමාරු කිරීම සිදු කෙරේ. භාණ්ඩ හා
සේවා මිලක් මත මිල දී ගැනීම හා විකිණීම ව්‍යාපාරවල අත්‍යවශ්‍ය සාධකයකි. එවැනි
විකිණීමක් හෝ මිල දී ගැනීමක් නොමැති තැන ව්‍යාපාර කටයුත්තක් සිදු නොවේ.
නිදසුන් අන්
අයට විකිණීම සදහා ආහාර පිසීම හා විකිණීම
ව්‍යාපාරයක් වේ .නමුත් නිවසක පවුලේ අය වෙනුවෙන් ආහාර පිසීම ව්‍යාපාරයක් නොවේ. එහි
විකුණුම් හෝ හුවමාරු වීම් සිදු නොවන බැවිනි.
02. භාණ්ඩ හා
සේවා ගනුදෙනු සිදු වීම: - සෑම ව්‍යාපාරයක් ම
අන් අයට විකිණීම සදහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ / සහ මිල දී ගැනීම සිදු
කරයි. එනම් පාරිභෝගික භාණ්ඩ හා කාර්මික භාණ්ඩත් සේවාත් විකිණීම හා මිල දී ගැනීම්
ව්‍යාපාරවල අනිවාර්යයෙන් ම සිදු වේ.
03. ගනුදෙනු
අඛණ්ඩව සිදු වීම :- අඛණ්ඩ පදනමක් මත දිගට
ම භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු කරයි නම් එය ව්‍යාපාරයක් ලෙස හඳුන්වයි. එක්
ගනුදෙනුවක් පමණක් සිදු කිරීම ව්‍යාපාර යටතට නොගැනේ. නිදසුනක් ලෙස පුද්ගලයෙක් තමන්
පාවිච්චි කරන ලද පරණ ස්කූටරය විකිණීම ව්‍යාපාරයක් නොවේ. නමුත් ඔහු අඛණ්ඩ පදනමක් මත
ස්කූටරයක් විකිණීම සිදු කරයි නම් එය ව්‍යාපාරයකි.
04. ලාභයෙන් /
ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම :- ව්‍යාපාරයක
මූලික අරමුණ මුදල් ඉපැයීම හා ධන අත්පත් කර ගැනීමයි. මෙහි දී ලාභය යන්නේන් අදහස්
වන්නේ, රුපියල් ශත වලින් ලබන ලාභය, වියදමට වඩා වැඩි ආදායම, ව්‍යාපාරික සම්බන්ධතා
ගොඩනගා ගැනීම, ව්‍යාපාරික අවස්ථා ගොඩනගා ගැනීම හා සමාජ ප්‍රතිලාභ අත්කර දීම
යනාදියි. එවැනි ලාභයෙන් හා ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම ව්‍යාපාර තව දුරටත් පවත්වා ගෙන යාමට හේතු
වේ. එමෙන් ම ව්‍යාපාරයේ වර්ධනය සහ ප්‍රසාරණය
සඳහා ලාභය අත්‍යවශ්‍ය
වේ.
05. අවදානමක්
තිබීම :- ලාභ ලැබීමට ඇති අවිනිශ්චිතතාව හා අලාභ සිදු
වීමට ඇති හැකියාව නිසා ව්‍යාපාරවලට අවදානම් ඇති වේ. අනාගතය අවිනිශ්චිත නිසාත්, ව්‍යාපාර
පරිසරයේ ඇතිවන වෙනස් වීම් නිසාත්, ව්‍යාපාරයට ප්‍රායෝගික ව පාලනය කළ නො හැකි
තත්ත්වයන් පැවතීමත් නිසා ව්‍යාපාරවලට අවදානමක් පවති. ව්‍යාපාරවලට පාලනය කළ නොහැකි
අවදානම් ලෙස
1. පාරිභෝගික රුචිය මෝස්තර සහ ඉල්ලුම
වෙනස් වීම
2. යන්ත්‍ර උපකරණ හා නිෂ්පාදන තාක්ෂණය
වෙනස් වීම.
3. වෙළෙදපොළ තරගකාරිත්වය ඉහළ යාම
4. අමුද්‍රව්‍ය හිඟය, විදුලි බිඳවැටීම
හා ඉන්ධන හිඟය ඇති වීම.
5. ශ්‍රමිකයන්ගේ ගැටලු, වැඩ වර්ජන ආදිය.
6. ගිනි ගැනීම, සොරකම් කිරීම, ස්වාභාවික
විපත් ආදි අනතුරු
7. ව්‍යාපාරයේ
සම්පත් භාවිතය පිළිබඳ වැරදි කළමනාකරණ තීරණ
06.වුවමනා
නිර්මාණය කිරීම :- මිනිස් වුවමනා
තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා
සේවා නිපදවීම ව්‍යාපාර විසින් සිදු කරයි. වුවමනා නිර්මාණය කරන ආකාර කිහිපයකි.
1. අමුදව්‍ය නිමි භාණ්ඩ බවට පරිවර්තන
කිරීමෙන්
2. යම් භාණ්ඩ බහුල ස්ථානයක සිට එම
භාණ්ඩය සඳහා විශාල
ඉල්ලුමක් පවතින වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමෙන්,
3. යම් භාණ්ඩයක් හිඟ කාල වලදි ලබා දීම සඳහා සමහර ව්‍යාපාර එම
භාණ්ඩයේ අස්වැන්න ලැබෙන කාලවල දි ඒවා රැස්කර ගබඩා කර තාබා ගැනීමෙන්
07. ආර්ථික
කටයුත්තක් වීම :- හිග සම්පත් භාවිතනේ
භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ හා බෙදාහැරීමේ කටයුතුවල නිරත වීමෙන් ව්‍යාපාර අත්‍යවශ්‍ය
යෙන් ම ආර්ථික කටයුත්තක් වේ. ව්‍යාපාර භාණ්ඩ හා සේවා විකිණීම හා හිග සම්පත් භාවිත
කරන බැවින් ව්‍යාපාර ආර්ථික කටයුත්තකි.
ව්‍යාපාරයක ප්‍රධාන
කටයුතු දෙක.
01. මිනිස්
අවශ්‍යතා හා වුවමනා සපුරාලීම :- නිෂ්පාදනය කිරීමෙන්, ප්‍රවාහනයෙන් හා අලෙවියෙන්
මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම.
02. සම්පත්වලට
අගය එකතු කිරීම :- නිෂ්පාදන සදහා යොදා ගන්නා සම්පත්වල ස්වරූපය වෙනස් කිරීම මගින්
ඇති වන අගය වැඩි වීම එකතු කළ අගය ලෙස හැදින් වේ. ව්‍යාපාර විසින් කරනුයේ සම්පත්වල
ස්වරූපය වෙනස් කිරීමයි. එමගින් එම සම්පත්වල අගය වැඩි වේ.
නිදසුනක් ලෙස
රු. 1000 ක් වටිනා අමු රෙදි භාවිතයෙන් වෙළෙදපොළ සදහා කමීසක් මැසීමෙන් පසු කමීසයේ වටිනාකම රු. 1500
ක් වේ. එවිට අලුතෙන් එකතු වු වටිනාකම රු. 500 කි. එමෙන් ම එය ඇදුම් අලෙවිකරන ව්‍යාපාරයක
ප්‍රදර්ශනයට තබා අලෙවිකිරීමට කටයුතු කිරීමේ දි එහි වටිනාකම රු 1750 ක් වේ නම් එහි
දි අලුතෙන් එකතු වටිනාකම රු. 250 කි. මේ ආකාරයට සම්පත් වලට අගය එකතු කිරීම ව්‍යාපාර
විසින් සිදුකරයි.
ව්‍යාපාරවල ප්‍රධාන
අරමුණු
01. වෙළෙඳපොළේ
රැදි සිටීම. :-සෑම ව්‍යාපාරයක ම ප්‍රධාන අරමුණක් වන මේ සදහා ව්‍යාපාර තම
මෙහෙයුම් පිරිවැයවත් ආවරණය කර ගැනීමට කටයුතු කරයි.
02. ලාභ උපරිම
කිරීම :- සෑම ව්‍යාපාරයක් වෙළෙඳපොළේ රැදි සිටිමින්
උපරිම ලාභ ඉපයීමට කටයුතු කරයි.
03. විකුණුම්
උපරිම කිරීම :- වෙළෙදපොළ තුළ විශාල ම
ව්‍යාපාරය වීමට සැම විටම කටයුතු කරයි. ඒ සදහා හැකිතාක් විකුණුම් වැඩිකර ගැනීමට
අපේක්ෂා කරයි.
04. වෙළෙදපොළ
කොටස වැඩි කර ගැනීම :- සමස්ත වෙළෙඳපොළෙන් තම
ව්‍යාපාරය අත්කරගෙන ඇති කොටස වෙළෙදපොළ කොටස වන අතර එය ක්‍රමයෙන් වැඩිකර ගැනීමට ව්‍යාපාර
අපේක්ෂා කරයි.
05. පාරිභෝගික
තෘප්තිය ඉහළ නැංවීම :- පාරිභෝගික අවශ්‍යතා
හා වුවමනා උසස් ගුණත්වයෙන් සපයා ඔවුන් තෘප්තිමත් කිරීම ඇතැම් ව්‍යාපාරවල අපේක්ෂාව
වේ.
06. කොටසක
වෙළෙදපොළ අගය උපරිම කිරීම :- කොටස් වෙළෙදපොළ තුළ
ලියාපදිංචි සමාගම් තම කොටස් වල වෙළෙදපොළ අගය උපරිම කර ගැනීමට අරමුණු කර ගනී.
07. ව්‍යාපාරිකයන්ගේ
පුද්ගලික තෘප්තිය :- තමාගේ ම කිසියම් ව්‍යාපාරයක්
කිරීම තුලින් පෞද්ගලික තෘප්තියක් ලැබීමට ඇතැම් ව්‍යාපාරිකයන් අපේක්ෂා කරයි.
08. සමාජ හා
ප්‍රජාවගේ සුභසාධනය :- ඇතැම් ව්‍යාපාරවල ප්‍රධානම
අරමුණ ලාභය ඉපයීම ම නොවේ. ඒවායේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රජාවගේ සුභසාධනය යි.
09. සේවක
සුභසාධනය :- ව්‍යාපාරයේ සේවයේ නිරත සේවක කණ්ඩායමට උපරිම
ආකාරයෙන් සුභසාධන කටයුතු ඉටුකිරීමට ඇතැම් ව්‍යාපාර අරමුණු කර ගනී.
ආර්ථිකයක
පැවැත්මට ව්‍යාපාර දායක වන ආකාරය
01. ජනතාවගේ
වෙනස් වන සංකීර්ණ වුවමනා සපුරාලීම
02.
නවෝත්පාදනය මගින් ජීවන තත්ත්වය ඉහල නැංවීම
03. රැකියා
උත්පාදනය මගින්
04. ජාතික
ආර්ථිකය සංවර්ධනය ඇති කිරීම
05. විදේශ
විනිමය ඉපයීම
06. දේශීය
සම්පත් ප්‍රයෝජනයට ගෙන රට සංවරධනයට දායක වීම
ව්‍යාපාරයක
මූලික ශ්‍රිතයන් (කාර්යයන්)
01. නිෂ්පාදන
කටයුතු (මෙහෙයුම් කටයුතු)
02. මූල්‍ය
කටයුතු
03. අලෙවිකරණ
කටයුතු
04. පරිපාලන
කටයුතු
05. මානව
සම්පත් කටයුතු
06. පර්යේෂණ
හා සංවර්ධන කටයුතු
07. තොරතුරු
පද්ධති කළමනාකරණය කිරීම
ව්‍යාපාරයක
සැබැ සාර්ථකත්වය පෙන්නුම් කරන දර්ශක හෙවත් නිර්ණායක
01. ව්‍යාපාරයක
නව්‍යතා දිරිගැන්වීම දැකිය හැකි වීම.
02. සමාජ
වගකීම් ඉටුකරලීම දැකිය හැකි වීම.
03. සේවක
කැපවීම් ලබා ගත හැකි වීම.
04. මූල්‍ය
කාර්ය සාධනය ලඟාකර ගෙන තිබීම
05.
ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා සපුරාලීම
06. ඇල් මැති පාර්ශ්ව
යන්ට ප්‍රතිලාභ ලබා දීම
07. ව්‍යාපාර
ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීම.
08.සමාජ
සත්කාරයන්ට දායක වීම
ඉල්ලුම :- කිසියම්
භාණ්ඩයක් හෝ සේවයක් මිල දි ගැනීමට ඇති කැමැත්මත් /වුවමනාවත් එම භාණ්ඩයට හෝ සේවයට මිලක් ගෙවීමට ඇති හැකියාවත් එක් වු විට ඉල්ලුම ජනිත වේ.
පුද්ගලයෙකුට
විවිධ වුවමනා ඇති වේ. එහෙත් එම සියලුම වුවමනා සපුරා ගැනීමට ඔහුගේ මිල දී ගැනීමේ
හැකියාව බලපායි. කෙනෙකුගේ මිල දි ගැනීමේ හැකියාව ඔහුගේ ක්‍රය ශක්තිය ලෙස හැදින්
වේ. ක්‍රය ශක්තිය මත වුවමනා සපුරා ගැනීමේ ප්‍රමාණය තීරණය වේ.
ඉල්ලුමක්
ඇතිවීම සදහා අනිවාර්යයෙන් ම ඉටුවිය යුතු කරුණු
01. කිසියම්
නිෂ්පාදිතයක් මිල දී ගැනීමට ඇති කැමැත්ත නැතිනම් වුවමනාව
02. එම
නිෂ්පාදිතය මිල දී ගැනීමට ඇති මූල්‍යමය හැකියාව හෙවත් ක්‍රය ශක්තිය.
නිෂ්පාදනය :- මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකිරීමට හැකිවන
පරිදි විවිධ සම්පත්, භාණ්ඩ හෝ සේවා බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය
නම් වේ. මෙහි දි යෙදවුම් නිමැවුම් බවට පරිවර්තනය කිරිමේ සමස්ත ක්‍රියාවලිය අයත්
වේ. නිදසුන් ලෙස අමුද්‍රව්‍ය භාවිතයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම. (බේකරි කෑම වර්ග
නිෂ්පාදනය කිරීම, අමු රෙදි භාවිතයෙන් ඇගලුම් නිෂ්පාදනය)
වෙළෙදපොළ යනු
:-
ගැනුම්කරුවන්
හා විකුණුම් කරුවන් මුණ ගැසෙන හෝ සම්බන්ධ වන ඕනෑම තත්ත්වයක් වෙළෙදපොළ ලෙස
හඳුන්වයි. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීමට වෙළෙදපොළ තුළින් භාණ්ඩ හා සේවා
සපයා ගනි. නිදසුන් ලෙස සතිපොළ, කඩසාප්පු, කොටස් වෙළෙදපොළ, අන්තර්ජාලය හරහා
නිර්මාණය වි ඇති මංගත වෙළෙදපොළ ආදිය දැක් විය හැකි ය.
තාක්ෂණයේ
දියුණුවත් සමග ස්ථානයක පැවති වෙළෙදපොළ වර්තමානයේ අවකාශ වෙළෙඳපොළක් දක්වා විකාශනය
වී ඇත.
ඒ අනුව වෙළෙදපොළ සඳහා නිශ්චිත ස්ථානයක්
තිබීම අනිවාර්ය නැත. ස්ථානීය වෙළෙදපොළ මෙන් ම අවකාශ වෙළෙදපොළ ද දැකිය හැකිය.
ස්ථානීය
වෙළෙදපොළ :- ගැනුම්කරුවන් හා විකුණුම් කරුවන් මුණ ගැසෙන
සහ භාණ්ඩ හා සේවා අලෙවිකරණ නිශ්චිත ස්ථානයක් ස්ථානීය වෙළෙඳපොළයි. එයට භෞතික
වෙළෙඳපොළක් තිබේ. නිදසුන් ලෙස සති පොළ, කොටස් වෙළෙඳපොළේ මහජන ගැලරිය ආදිය දැක්විය
හැකි ය.
අවකාශ
වෙළෙදපොළ :- ගැණුම් කරුවන් හා විකුණුම් කරුවන් මුහුණට
මුහුණ හමු නොවි විද්‍යුත් මාධ්‍යය හරහා භාණ්ඩ හා සේවා අලෙවි කිරීම අවකාශ
වෙළෙඳපොළයි. එහි භෞතික ස්ථානයක් දැකිය නොහැකි ය. විද්‍යුත් වාණිජ්‍ය ක්‍රියාත්මක
වන්නේ අවකාශ වෙළෙඳපොළක් තුළ ය. නිදසුන් ලෙස Ebey,
ikman.lk, daraz දැක්විය හැකි ය.
ස්ථානීය වෙළෙඳපොළක්
හෝ අවකාශ වෙළෙඳපොළක් පහත ආකාරයෙන් වර්ග කර දැක්විය හැකිය.
01. පාරිභෝගික
වෙළෙදපොළ :- පාරිභෝගික භාණ්ඩ හා සේවා අලෙවිය සිදු වේ.
02. සේවා
වෙළෙදපොළ :- මූල්‍ය සේවා, කාර්මික සේවා, උපදෙස් සේවා, කළමනාකරණ සේවා සන්නිවේදන
සේවා රක්ෂණය ආදි සේවා හුවමාරුවන වෙළෙදපොළ.
03. ප්‍රාග්ධන
භාණ්ඩ වෙළෙදපොළ :- ව්‍යාපාර සදහා භාවිතා කරන යන්ත්‍රෝපකරණ මෙවලම් යනාදිය හුවමාරුවන
වෙළෙඳපොළයි.
04. ශ්‍රම
වෙළෙදපොළ :- ශ්‍රමය සැපයීම හා ශ්‍රමය මිල දී ගැනීම පවතින වෙළෙදපොළ
05. ප්‍රාග්ධන
වෙළෙදපොළ :- ව්‍යාපාර සදහා දිගු කාලීන අරමුදල් සම්පාදනය කර ගැනීමට ඇති වෙළෙඳපොළයි.
කොටස් වෙළෙදපොළ නිදසුන් ලෙස දැක්විය හැකි ය.
06. අනෙකුත්
වෙළෙඳපොළවල් :- දේපළ වෙළෙදපොළ, මුදල් වෙළෙදපොළ, කාර්මික වෙළෙදපොළ ආදි වශයෙන් විවිධ
වෙළෙඳපොළවල් දැකිය හැකි ය.
ව්‍යාපාර අධ්‍යයනය විෂය හැදෑරීමේ වැදගත් කම.
01. තාර්කික
පාරිභෝගිකයෙකු ලෙස හා පාරිභෝගික වගකීම් ඉටු කරන යහපත් පුරවැසියෙකු ලෙස කටයුතු
කිරීමට හැකි වීම.
02.
නවෝත්පාදනයේ යෙදෙමින් අවදානම් කළමනාකරණය කරමින් වෙනස් වන ආදායම් ඉපයිය හැකි වීම හා
ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ හැකි වීම.
03. කාර්යක්ෂම
හා ඵලදායි ව කටයුතු කළ හැකි අත්‍යවශ්‍ය සේවකයෙකු වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය
නිපුණතා පිළිබඳ අවබෝධයක් ලැබීම.
04. උසස්
වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ගත හැකි වීම. CIM, CIMA, SLIM, CA
05. සාර්ථක ආයෝජකයෙකු
වශයෙන් කටයුතු කිරීමට හැකි වීම.



No comments:
Post a Comment