තොරතුරු පද්ධතියෙන් තොරතුරු ලබා දෙන කළමනාකරණ ශ්‍රිතය අනුව තොරතුරු පද්ධති වර්ග කර දැක්වේ. එනම් .
1. මෙහෙයුම් තොරතුරු පද්ධති : -
සංවිධානයක මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු සැකසීමට යොදා ගන්නා තොරතුරු පද්ධති. ගැනුම් සැලසුම් කිරීම හා පාලනය, පරිගණක සමෝධානික නිෂ්පාදනය, යන්ත්‍රෝපකරණ පාලනය ආදි කටයුතු සඳහා යොදා ගනු ලබයි.
2. අලෙවිකරණ තොරතුරු පද්ධති: -
අලෙවි කළමනාකරණයට අදාළ ව තොරතුරු සකස් කිරීමට පිහිටුවා ඇති තොරතුරු පද්ධති. මෙම තොරතුරු පද්ධති වෙළෙඳ පොළ පර්යේෂණ, අලෙවිකරණ පර්යේෂණ, ප්‍රචාරණය, විකුණුම් ප්‍රවර්ධන කටයුතු සඳහා උපයෝගී කර ගනු ලබයි.
3. මූල්‍ය කළමනාකරණ තොරතුරු පද්ධති :-
මූල්‍ය කළමනාකරණ කටයුතු සකස් කිරීමට පිහිටුවා ඇති තොරතුරු පද්ධති. මුදල් කළමනාකරණය, ප්‍රාග්ධන අයවැය කරණය, මූල්‍ය සැලසුම් කරණය, මූල්‍ය පුරෝකථනය, විගණනය ආදි කටයුතු සඳහා යොදා ගනු ලබයි.
4. මානව සම්පත් කළමනාකරණය තොරතුරු පද්ධති :-
මානව සම්පත් කළමනාකරණය සඳහා පිහිටුවා ඇති තොරතුරු පද්ධතියකි. මානව සම්පත් සැලසුම් කරණය, වේතන කළමනාකරණය, පුහුණුව හා සංවර්ධනය, කාර්ය ඵල ඇගයීම ආදි කටයුතු සඳහා යොදා ගනු ලබයි.
5. පර්යේෂණ හා සංවර්ධන තොරතුරු පද්ධති :-
පර්යේෂණ හා සංවර්ධන අංශයට අවශ්‍ය තොරතුරු සකස් කරන තොරතුරු පද්ධති වේ. මෙම පද්ධති මගින් පර්යේෂණය හා සංවර්ධන, නිෂ්පාදිත පර්යේෂණ හා නිෂ්පාදිත සංවර්ධනය ආදි කටයුතු සඳහා පහසුකම් සලසි.
මෙම තොරතුරු පද්ධති ශ්‍රිත අනුව වෙන් කළ ද මේවා අතර අන්තර් සම්බන්ධතාවකින් යුක්ත වේ.
උදාහරණයක් ලෙස ආයතනයක නිෂ්පාදිතය පිළිබඳ ව පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් කරන ලද විධිමත් අලෙවිකරණ පර්යේෂණයකින් පසු නව ප්‍රචාරණ දැන්වීමක් සකස් කොට ඉදිරිපත් කිරීම දැක්විය හැකි ය. මෙය අලෙවි කළමනාකරණ තොරතුරු පද්ධතියට, පර්යේෂණ හා සංවර්ධන තොරතුරු පද්ධතියට මෙන් ම මූල්‍ය කළමනාකරණ පද්ධතියට ද අදාළ වේ.
No comments:
Post a Comment