ශ්‍රී ලංකා මහා බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව

1949 අංක 58 දරණ මුදල් නීතිගත පනත යටතේ 1950 අගෝස්තු මස 28 දින ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කරන ලදි. මෙහි ආරම්භක අධිපතිවරයා වුයේ ජෝන් එක්ස්ටර් මහතා ය. ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහා රජයේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරනු ලබන කේන්ද්‍රීය ආයතනය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනය සිදු කරනු ලබන්නේ මුදල් මණ්ඩලයක් මගිනි. මෙම මුදල් මණ්ඩලය සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වේ. එම සාමාජිකයින්

01. මහ බැංකු අධිපති

02. මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්

03. පත් කළ සාමාජිකයින් තිදෙනෙකුගෙන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙක

01. ආර්ථික හා මිල ස්ථායිතාව පවත්වා ගෙන යාම :-

දේශීය මුදලේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම හෙවත් සුරක්ෂිත කිරීම මිල ස්ථායිතාව වේ. මේ තුළින් උද්ධමන හා අවධමන තත්ත්වයන්ගෙන් තොරව ආර්ථිකය පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ. උද්ධමනය අඩු මට්ටමක පවතින විට ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වේ. තිරසර ආර්ථික වර්ධනයක් හා සේවා න්‍යුක්තියක් ඇති කිරීමට මෙය ඉවහල් වේ.

02. මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව පවත්වා ගෙන යාම :- ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ලෙස හැදින්වේ. එනම් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතභාවය ඇති කිරීම, ස්ථායිතාවට එල්ල විය හැකි තර්ජන හඳුනා ගැනීම සහ ඒවා අවම කිරීම තුළින් මූල්‍ය ක්‍රමය ශක්තිමත් කිරීම.

මේ මගින් තැන්පත් කරුවන්ට හා ආයෝජකයින්ට යන දෙපාර්ශ්වයට ම හිතකර වාතාවරණයක් උදා කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන්

ඉහත දැක්වු ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීම සහා පහත සඳහන් කාර්යයන් වල නියැළේ. එම කාර්යයන් ප්‍රධාන වශයෙන් කොටස්  දෙකක් යටතේ දක්වයි.

01. මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන්

            1. මුදල් ප්‍රතිපත්ති මෙහෙය වීම

            2. විනිමය අනුපාතික ප්‍රතිපත්ති මෙහෙය වීම.

            3. ශ්‍රී ලංකාවේ නිල සංචිත කළමනාකරණය

            4. ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම

            5. බැංකු හා බැංකු නොවන ආයතනවල අධික්ෂක ලෙස කටයුතු කිරීම.

            6. රජයේ ආර්ථික උපදේශක , බැංකු කරු සහ මූල්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කිරීම.

            7. මහ බැංකුවේ පියවීම් ගිණුම් පවත්වාගෙන යන වාණිජ බැංකුවලට හා ප්‍රාථමික වෙළෙදුන්ට නිෂ්කාශන සහ පියවීම් පහසුකම් සැපයීම.

02. මහ බැංකුවේ නියෝජ්‍යායතන කාර්යයන්

            1. රජයේ ණය කළමනාකරණය කිරීම.

            2. විදේශ විනිමය පාලනය

            3. කුඩා පරිමාණ මූල්‍ය කරණ වැඩසටහන් සහා ග්‍රාමීය ණය යෝජනා ක්‍රම පිලිබ මූලික ආයතනය ලෙස කටයුතු කිරීම.

            4. සේවක අර්ථ සාධක අරමුදල් කළමනාකරණය

ව්‍යාපාරවල සාර්ථකත්වයට මහ බැංකුවේ කටයුතු ඉවහල් වන ආකාරය

01. ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය(SLIPS)  ක්‍රියාත්මක කිරීම

(Sri lanka inter – Bank Payment System- SLIPS)

            පරිගණක භාවිතා කරමින් බැංකු අතර සිදු වන ගනුදෙනු පියවීම සහා  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වා ගෙන  යනු ලැබු  අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය ශ්‍රී ලංකා මහ බැංකුවට හා වාණිජ බැංකුවලට හවුල් අයිතියක් ඇති සීමා සහිත ලංකා ක්ලියර් ( පුද්ගලික) සමාගම මගින් පවත්වා ගෙන යාම.

            ලංකා ක්ලියර් (පෞද්ගලික) සමාගම විසින් අන්තර් බැංකු ගෙවීම් පියවීම් කටයුතුවලට අදාළ පහත සඳහන් සේවා ඉටු කරයි.

            1. චෙක්පත් හා අණකර හුවමාරුව හා ශුද්ධ ශේෂය ගණනය කිරීම.

            2. එම ශුද්ධ ශේෂය මහ බැංකුව හා අනෙකුත් වාණිජ බැංකු වෙත දැනුම් දීම.

ලංකා ක්ලියර් පුද්ගලික සමාගම විසින් මෙම ගනුදෙනු සඳහා ලංකාපේ (Lankapay) යන සන්නම් නාමය යටතේ පොදු කාඩ් පතක් හඳුන්වා දී ඇත.

02. ජගත් අන්තර් බැංකු මූල්‍ය විද්‍යුත් සන්නිවේදන ජාලය (SWIFT) - මගින් ජාත්‍යන්තර වශයෙන් බැංකු අතර සිදුවන මුදල් පැවරුම් පිළිබඳ කටයුතු පහසු කිරීම.(Sri Lanka Worldwide Inter Bank Financial Telecommunication – SWIFT)

            නවීන තාක්ෂණය පදනම් ව ලොව පුරා මූල්‍ය වෙළෙඳපොළවල් ආවරණය කෙරෙන සන්නිවේදන ජාලය මගින් ජාත්‍යන්තර වශයෙන් බැංකු අතර සිදුවන මුදල් පැවරුම් පිළිබඳ ව කටයුතු කිරීම.

03. තත්කාලීන දළ පියවීම් පද්ධතිය (RTGS) ක්‍රියාත්මක කිරීම මගින්.

(Real Time Gross Settlement System – RTGS)

තත්කාලීන දළ පියවීම් පද්ධතිය ශ්‍රී ලංකාවේ බැංකු අතර වටිනාකම් අධික ගෙවීම් කාල පමාවකින් තොරව උසස් තාක්ෂණය හා ප්‍රමිතීන් යොදා ගනිමින් පියවීම සහා පිහිටුවා ඇති පරිගණක ගෙවීම් ක්‍රමයි. මේ  තුළින් ඉතා සුළු කාලයකින් පියවිය හැකි නිසා මෙම ක්‍රමය වැදගත් වේ. මෙය රට තුළ ඇති එකම විශාල වටිනාකම් සහිත ජාතික ගෙවීම් පද්ධතියයි.

04.ලේඛන රහිත සුරැකුම් තැන්පතු පද්ධතිය (SSDS) පවත්වා ගෙන යාම

(Scriptless Securities Depository System)

මුද්‍රණය කරන ලද සුරැකුම්පත් සහතික භාවිතය වෙනුවට සුරැකුම්පත් මිල දී ගැනීමට හෝ විකිණීමට අදාළ ගනුදෙනුවක් කිරීම සහා ලේඛන රහිත ව භාවිතා වන ක්‍රමයයි. මෙය ලංකා සෙක්‍යු (Secure)  යන නමින්ද හඳුන්වයි.

            මුද්‍රිත සුරැකුම් පත් ලග තබා ගැනීමේ දි හා විකිණීමේ දි ආයෝජකයාට දැරීමට සිදු වන අවදානම මේ මගින් අහෝසි වේ.

 

 

තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ ලේඛන රහිත සුරැකුම්පත් තැන්පතු පද්ධතිය එක්ව ගත් විට ලංකා සෙට්ල් පද්ධතිය ලෙස හඳුන්වයි.

RTGS  + SSDS = Lanka settle System

 

ශ්‍රී ලංකා මහ බැංකුව බැංකුවල බැංකුවයි.

විශේෂයෙන්ම වාණිජ බැංකුවල බැංකු කරුවා මහ බැංකුවයි. එසේ හැදින්වීමට හේතුව රටේ මූල්‍ය ක්‍රමය ආරක්ෂා කිරීමට හා ගනුදෙනුකරුවන්ට තැන්පතු ආරක්ෂා කර ගැනීම සහා යම් යම් පියවරයන් මහ බැංකුව ගනු ලැබීමත් ඒවා පාලනය කිරීම  නිසා ය. එසේ ගනු ලබන ක්‍රියාමාර්ග

            01. වාණිජ බැංකුවල අවසන් ණය දෙන්නා වශයෙන් කටයුතු කිරීම :- වාණිජ බැංකුවල ඇති වන මුදල් අර්බුද වල දී මෙන් ම හදිසි ද්‍රවශීලතා ගැටලුවල දී මහ බැංකුව විසින් පිළිගත් ඇපකර යටතේ හදිසි ණය පහසුකම් ලබා දීම සිදු කරයි.

            02. වාණිජ බැංකුවලට අවශ්‍ය උපදෙස් හා අනෙකුත් සේවා සැපයීම :- සෑම වාණිජ බැංකුවක් සහා ම ගිණුම් පවත්වාගෙන යමින් ඒවායේ සංචිත අවශ්‍යතා නීතිමය වශයෙන් නියම කරමින් පවත්වාගෙන යාම.

            03. වාණිජ බැංකුවලට ගෙවීම් හා පියවීම් පහසුකම් සැපයීම :- තත්කාලීන දළ පියවීමේ පදනමක් මත වාණිජ බැංකු සදහා ගෙවීම් හා පියවීම් පහසුකම් සපයා දීම මගින් චෙක්පත්, බැංකු අණකර, මුදල් ප්‍රේෂණ වැනි ගෙවීම් නිශ්කාෂණය සදහා පහසුකම් සැපයීමේ ද ලංකා ක්ලියර් (පෞද්ගලික) සමාගම හරහා මහ බැංකුව සිදු කරයි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු හැසිරවීම සදහා ගනු ලබන ක්‍රියාමාර්ග

            1. බැංකු ප්‍රතිපත්ති පොළි අනුපාතය වෙනස් කිරීම. :- මහ බැංකුව විසින් සපයන ණය සහා අය කරණ පොලි අනුපාත අඩු වැඩි කිරීම.

            2. විචල්‍ය සංචිත අනුපාතය වෙනස් කිරීම. :-  වාණිජ බැංකු මහ ජනයාගෙන් ලබා ගන්නා තැන්පතුවලින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතු ප්‍රතිශතය අඩු වැඩි කිරීම.

            3. විවෘත වෙළෙදපොළ කටයුතු :- වෙළෙඳපොළේ දි භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැදුම් කර, රජයේ සුරැකුම්පත් අලෙවි කිරීම හා මිල දී ගැනීමේ කටයුතු සිදු කිරීම.

            4. වාණිජ බැංකු අධීක්ෂණය කිරීම :- මහ බැංකුවට අයත් අධික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බැංකු කටයුතු පරීක්ෂා කිරීමට හා යම් යම් අඩුපාඩු දක්නට ලැබේ නම් ඒ සහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම  මෙන් ම බලපත්‍ර අවලංගු කිරීමට ක්‍රියා කිරීම. මේ සහා එතැන් පරීක්ෂණය හා දුරස්ථ අධීක්ෂණය යොදා ගනි. එතැන් පරීක්ෂණය යනු බැංකුවල ගිණුම් පොත් මහ බැංකුව වෙත ගෙන්වා පරික්ෂා කිරීමයි. දුරස්ථ අධීක්ෂණය යනු මහ බැංකුවේ නිලධාරීන් වාණිජ බැංකු වෙත ගොස් එහි කටයුතු අධීක්ෂණය කිරීමයි.

 

ශ්‍රී ලංකා මහ බැංකුව  රජයේ ද බැංකුව ලෙස හැදින්වීමට හේතු

01. රජයේ විවිධ ගිණුම් පවත්ව ගෙන යාම

02. රාජ්‍ය ණය කළමනාකරණය කිරීම

03. රජයේ ප්‍රධාන ආර්ථික උපදේශකයා ලෙස කටයුතු කිරීම.

04. රජය වෙනුවෙන් අන්තර් ජාතික සංවිධාන හා විවිධ රටවල් සමග කටයුතු කිරීම.

05. රජයට ණය සැපයීම  ආදි කටයුතු සිදු කරන බැවින් රජයේ බැංකු කරුවා ලෙස හඳුන්වයි.

 


No comments:

Post a Comment