17.2 ව්‍යාපාරක තොරතුරු පද්ධතියක ඇති වැදගත්කම කාර්යභාරය

තොරතුරු පද්ධතියක් යනු
ව්‍යාපාරයක තීරණ ගැනීම හා පාලනය සදහා අවශ්‍ය වන තොරතුරු රැස් කිරීම, සැකසීම, ගබඩා කිරීම, හා බෙදා හැරීම සදහා වු අන්තර් සම්බන්ධතාවකින් යුත් උපාංග සමූහයක එකතුවක් තොරතුරු පද්ධතියක් ලෙස හැදින්වේ. තොරතුරු පද්ධතියක් මගින් දත්ත තොරතුරු බවට පත් කෙරේ. මෙය ක්‍රියාවලියක් මගින් සිදු වේ.

දත්ත තොරතුරු බවට පත් කිරීමේ උපාංග
1. ආදානය ( Input) :- තොරතුරු පද්ධතිය සදහා අවශ්‍ය දත්ත ඇතුළත් කිරීම ආදානය යන්නෙන් අදහස් වේ.
2.සැකසීම  (Processing): - එකතු කරන ලද දත්ත තොරතුරක් බවට පත් කිරිමේ ක්‍රියාවලිය.
3. ප්‍රතිදානය (Output) : - දත්ත සැකසීම් ක්‍රියාවලිය මගින් සකසන ලද තොරතුරු අවශ්‍ය පාර්ශ්වයන්ට ලබා දීම.
4. ගබඩා කිරීම  (Storing):- පද්ධතිය ජනිත කළ තොරතුරු පසු ව ප්‍රයෝජනයට ගැනීම සදහා ආරක්ෂිත ව ගබඩා කර තබා ගැනීම යි.
5. ප්‍රතිපෝෂණය (Feed Back): - අදාළ පාර්ශ්වයන්ට ප්‍රතිදාන යොමු කිරීම මගින් ආදාන ඇගයීම හෝ අදහස් විමසීම හෝ ප්‍රතිපෝෂණය යි

තොරතුරු පද්ධතියක කාර්ය රෑප සටහනක් මගින් දැක්වීම

 නිදසුන් :-

පරිගණක ගත කරන ලද තොරතුරු පද්ධතියක උපාංග

1. දෘඪාංග (Hard ware) :- තොරතුරු පද්ධතියක පවතින සියලුම භෞත්ක  කොටස් (Key Board, Mouse, Monitor, Hard disk, Speaker etc.. )

2. මෘදුකාංග (Software) :- දත්ත සැකසීම සදහා වන පරිගණක වැඩසටහන් ( MS word,Ms Excel, Windows etc..)

3. ජීවාංග (Live ware) : - තොරතුරු පද්ධතිය භාවිතා කරන්නන් හෙවත්  පරිශිලකයෝ (ATM users, Software engineers, computer engineers, data entry employers )

4. දත්ත (Data) :- තොරතුරු පද්ධතියට ලබා දෙන මූලික කරුණු හා සංඛ්‍යා දත්ත 

5. ක්‍රියාපටිපාටි (Procedures) : - තොරතුරු පද්ධිතයේ කාර්ය හා උපාංග පාලනය කිරීම සදහා ස්ථාපිත කර ඇති සම්මුති, නීතිරීති හා පතිපත්ති

6. ස්ථිරාංග (Firm ware) :-  උපාංග තුළ ඇති චිප්වල ස්ථිර ලෙස ගබඩා කර ඇති පරිගණක වැඩසටහන මේවා විද්‍යුතය නොමැති වුවද නොමැකි ඛණ්ඩව පවති.(Micro Chips, IC etc..)


තොරතුරු පද්ධතියක අවශ්‍යතාව සහ වැදගත්කම
1. කළමනාකාරත්වයට අදාළ තීරණ ගැනීමට

2. සංවිධානයේ පරමාර්ථ හා අරමුණු සාක්ෂාත් කර ගැනීමට

3. ව්‍යාපාරයේ දෛනික කාර්ය සාර්ථක ව හා නිවැරදිව ඉටුකර ගැනීමට

4. ආයතනයේ ඵලදායිතාව ඉහළ නංවාලීමට

5. අදාළ පාර්ශ්වයන්ට නිවැරදිව තොරතුරු සන්නිවේදනය කිරීම

6. නිෂ්පාදිතයේ ගුණත්වය ඉහළ නංවාලීට සහය වීම

7. ආයතනයේ පිරිවැය අවම කිරීම සදහා සහය වීමට

8. තරගකාරිත්වයට සාර්ථකව මුහුණ දීමේ වාතාවරණයක් සැලසීමට

9. කළමනාකාරන කාර්යයන්හි  සාර්ථකභාවය තහවුරු කිරීමට

10. කවර හෝ අව්‍යශතාවයක දි අවශ්‍ය පාර්ශ්වයන්ට තොරතුරු ලබා දීම.








No comments:

Post a Comment