ව්‍යාපාර
සැලැස්ම අභ්‍යාස 02
(නිවැරදි
පිළිතුරේ අංකය වරහන තුළ යොදන්න)
1.
පහත
පළමු කොටසේ අලෙවි සැලැස්මක
ඇතුළත් අංග ද,
දෙවන
කොටසේ ඊට උදාහරණ ද දැක්වේ.
පළමු
කොටස දෙවන
කොටස
A
- තරගකාරිත්ව
විශ්ලේෂණය 1.
බෙදාහැරීමේ
හා ප්‍රවර්ධන වියදම්
B
– කර්මාන්ත
හා වෙළෙඳපොළ විශ්ලේෂණය 2.
අලෙවි
මිශ්‍ර ය සම්බන්ධ තොරතුරු
C
– අලෙවි
වියදම් 3.
වෙළෙඳපොළට
පිවිසීමට ඇති බාධක
D
– විකුණුම්
පුරෝකථනය 4.
ඒකක
මිල හා වාර්ෂික ආදායම
E
- අලෙවි
උපාය මාර්ග 5.
කර්මාන්තයේ
වර්තමාන තත්ත්වය
ඉහත
පළමු කොටස දෙවන කොටස සමග ගැළපුව
විට නිවැරදි පිළිතුර කුමක්
ද?
(1)
A2, B1, C3, D5, E4
(2)
A3, B5, C1, D4, E2
(3)
A1, B3, C5, D2, E4
(4)
A4, B5, C1, D3, E2
2පහත
දැක්වෙන්නේ ව්‍යාපාර සැලැස්මක
ඇතුළත් තොරතුරු කිහිපයකි.
A
- නිෂ්පාදිත
උපාය මාර්ග B
– නිෂ්පාදිත
සැලැස්ම
C
- විකුණුම්
කොමිස් D
– නිෂ්පාදන
පොදු කාර්ය පිරිවැය
E
- වෙළෙඳපොළට
ප්‍රවේශ වීමට ඇති බාධක F
- අපද්‍රව්‍ය
බැහැර කිරීම හා පාරිසරික බලපෑම
මේ
අතුරින් මෙහෙයුම් සැලැස්ම
තුළ ඇතුළත් වන තොරතුරු පමණක්
ඇතුළත් පිළිතුර තෝරන්න
(1)
A,B,D (2) B,D,E (3) A,D,E (4) B,D,F (5) A,C,F (.......)
3.
නව
ව්‍යාපාරිකයෙකුට වෙළෙඳපොළට
ප්‍රවේශ වීමට ඇති බාධාවක්
ලෙස සැලකිය හැක්කේ කුමක් ද?
(1)
පිරිවැය (2)
කාලය (3)
තාක්ෂණය
(4)
පවතින
පේටන්ට් බලපත්‍ර (5)
ඉහත
සියල්ලම (.......)
4.
ව්‍යාපාර
සැලැස්ම තුළ ඇතුළත් මෙහෙයුම්
සැලැස්ම සකස් කිරීමේ සෘජු
ප්‍රතිලාභයක් ලෙස සැලකිය
නොහැක්කේ,
(1)
ඉදිරි
මෙහෙයුම් කටයුතු පිළිබඳ කල්
තබා අවබෝධයක් ලබා ගත හැකි වීම.
(2)
නිෂ්පාදිතයේ
ගුණත්වය ඉහළ නංවා ගත හැකි වීම.
(3)
නිෂ්පාදිතය
සඳහා
ප්‍රමාණවත් හා වර්ධනය වන
වෙළෙඳපොළක් පවතින බව පෙන්නුම්
කළ හැකි වීම.
(4)
නිෂ්පාදිතයේ
දි ඇති වන අපතේ යාම් හා ප්‍රමාද
වීම් අවම කර ගත හැකි වම.
(5)
නිෂ්පාදන
ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා
ගෙන යා හැකි වීම. (.......)
5.
නිෂ්පාදිතය
සදහා ප්‍රමාණවත් හා වර්ධනය
වන වෙළෙඳපොළක් ඇති බවත්,
තරගකාරිත්වයට
මුහුණ දිය හැකි බවත් පෙන්නුම්
කරනුයේ ව්‍යාපාර සැලැස්මේ
කුමන කොටස මගින් ද?
(1)
ව්‍යාපාර
විස්තරය මගිනි,
(2)
කර්මාන්ත
හා වෙළෙඳපොළ විශ්ලේෂණය මගිනි.
(3)
අලෙවි
සැලැස්ම මගිනි.
(4)
මෙහෙයුම්
සැලැස්ම මගිනි.
(5)
විධායක
සාරාංශය මගිනි (.......)
6.
ව්‍යාපාර
සැලැස්ම තුළ ඇතුළත් මානව
සම්පත් සැලැසුම් මගින් පෙන්නුම්
කරනුයේ,
(1)
සංවිධාන
ව්‍යුහය (2)
සංවිධාන
සටහන (3)
තනතුරු
හා වගකීම්
(4)
වාර්ෂික
මානව සම්පත් වියදම (5)
ඉහත
සියල්ලම (.......)
7.
ව්‍යාපාරයක
සියලුම ඇස්තමේන්තු ගත මූල්‍ය
තොරතුරු ඇතුළත් වන්නේ මූල්‍ය
සැලැස්ම තුළයි.
එය
සකස් කිරීමේ ප්‍රතිලාභයක්
ලෙස සැලකිය නොහැක්කේ කුමක්
ද?
(1)
ව්‍යාපාර
කටයුතු සඳහා
අවශ්‍ය අරමුදල් ප්‍රමාණය
නිගමනය කිරීමට හා සම්පාදනය
කර ගැනීමට මග පෙන්වීම.
(2)
ව්‍යාපාරයේ
අරමුදල් ආයෝජනය කිරීම පිළිබඳ
ව
තීරණ ගැනීමට උපකාරී වීම.
(3)
මුදල්
ඌනතාවයක් ඇති විය හැකි කාලය
හදුනාගෙන එයට පිළියම් යෙදීමට
උපකාර වීම.
(4)
මුළු
නිෂ්පාදන පිරිවැය හා ඒකක
පිරිවැය හඳුනා ගැනීමට උපකාරී
වීම.
(5)
මුදල්
අතිරික්තයක් ඇති වන කාලය
හදුනාගෙන ඒ මුදල් ඵලදායි
කටයුතු වල යෙදවීමට තීරණය කිරීම
සදහා මග පෙන්වීමට.
(.......)
8
ව්‍යාපාරයක
මූල්‍ය සැලැස්මේ ඇතුළත් විය
යුතු ප්‍රධාන කොටසක් ලෙස
සැලකිය හැක්කේ කුමක් ද?
(1)
ප්‍රාග්ධන
අවශ්‍යතාව (2)
ඇස්තමේන්තු
ගත ආදායම් ප්‍රකාශය
(3)
ඇස්තමේන්තු
ගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය (4)
ණය
ආපසු ගෙවීමේ සටහන
(5)
ඉහත
සියල්ල ම (.......)
9.
පහත
පළමු කොටසේ ඇස්තමේන්තු ගත
ව්‍යාපෘති පිරිවැය තුළ ඇතුළත්
සංරචක ද දෙවන කොටසේ ඊට උදාහරණ
ද දැක්වේ.
පළමු
කොටස දෙවන
කොටස
A.
මුළු
ස්ථාවර වත්කම් පිරිවැය 1.
අලෙවි
පොදු කාර්ය පිරිවැය හා අමුද්‍රව්‍ය
ලබා ගැනීමට අවශ්‍ය අරමුදල්
B.
මෙහෙයුම්
පෙර වියදම් 2.
ඉඩම්
මිල දි ගැනීමට හා කම්හල්
ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය
අරමුදල්
C.
කාරක
ප්‍රාග්ධනය 3.
ඉඩම්
සංවර්ධනය හා අවශ්‍ය බලපත්‍ර
ලබා ගැනීමට අවශ්‍ය අරමුදල්
ඉහත
පළමු කොටස දෙවන කොටස සමග ගැළපුව
විට නිවැරදි පිළිතුර කුමක්
ද?
(1)
A2 , B3, C1 (2) A3, B2, C1 (3) A1, B3, C2 (4) A2, B1,
C3 (5) A3, B1, C2 (.......)
10.
ඇස්තමේන්තු
ගත පිරිවැය,
ආදායම්
ප්‍රකාශය,
මුදල්
ප්‍රවාහ ප්‍රකාශය,
ණය
ආපසු ගෙවීමේ සටහන යනාදි තොරතුරු
සාරාංශ ගත ව දක්වන්නේ කුමන
කොටසින් ද?
(1)
විධායක
සාරාංශය මගිනි (2)
ව්‍යාපෘති
සාරාංශය මගිනි. (3)
ශක්‍යතා
අධ්‍යනය මගිනි.
(4)
මූල්‍ය
සැලැස්ම මගිනි,
(5) ව්‍යාපාර
සැලැස්ම මගිනි. (.......)
(මෙම
ප්‍රශ්න පත්‍රය ව්‍යාපාර
අධ්‍යයනය ප්‍රවීණ දේශක ප්‍රසන්න
රණවක මහතාගේ ව්‍යාපාර අධ්‍යයනය
-
II පෙරහුරු
ප්‍රශ්න හා පිළිතුරු පොතෙන්
උපුටා ගන්නා ලද ප්‍රශ්න වලින්
සමන්විත වේ)
No comments:
Post a Comment