17.3 තොරතුරු පද්ධති වර්ගීකරණය කරන ක්‍රම

තොරතුරු පද්ධති වර්ග කිරීම සදහා කිරීම සදහා යොදා ගන්නා නිර්නායක හා තොරතුරු පද්ධති වර්ගීකරණය

1. භාවිතා කරන මට්ටම් අනුව
  • උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති
  • කළමනාකරණ මට්ටමේ තොරතුරු පද්ධති
  • දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති
  • මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති


2. භාවිතය අනුව
  • විධායක උපකාරක පද්ධති
  • තීරණ උපකාරක පද්ධති
  • කළමනාකරණ තොරතුරු පද්ධති
  • කාර්යාල ස්වයංකරණ පද්ධති
  • දැනුම් කාර්ය පද්ධති
  • ගනුදෙනු සැකසුම් පද්ධති
  •  ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධති
3. කළමනාකරණ ශිත අනුව 
  •  මෙහෙයුම් තොරතුරු පද්ධති
  • අලෙවිකරණ තොරතුරු පද්ධති
  •  මූල්‍ය කළමනාකරණ තොරතුරු පද්ධති
  • පර්යේෂණ හා සංවර්ධන තොරතුරු පද්ධති                                                               

උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති
                      සංවිධානයක අග්‍ර කළමනාකරුවන්ට ව්‍යාපාරයේ අභ්‍යන්තර මෙන්ම බාහිර ගැටලු විසදීම සදහා ද උපක්‍රමික තීරණ ගැනීම සදහා ද  උපකාරි වන තොරතුරු පද්ධති උපක්‍රමික තොරතුරු පද්ධිත නම් වේ. 

                  සංවිධානයක සභාපති, සාමාන්‍යාධිකාරි, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ආයතනයේ ඉදිරි ගමන් මග තීරණය කරන, සමස්ත ආයතනයටම බලපාන හා දිගුකාලීන තීරණ ගැනීමට බාහිර හා අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම සදහා මෙම තොරතුරු පද්ධතිය භාවිතා කෙරේ. 

                  අග්‍ර කළමනාකරුවන්ට තීරණ ගැනීම පහසු කිරීම සදහා අවශ්‍ය තොරතුරු සාරාංශ කර  මෙම තොරතුරු පද්ධතිය මගින් ලබා දේ.

කළමනාකරණ මට්ටමේ තොරතුරු පද්ධති

මධ්‍යම මට්ටමේ කළමනාකරුවන්ට තීරණ ගැනීම, නියාමනය හා පලනය සදහා සහය වන තොරතුරු පද්ධතිය මේ නමින් හැදින්වේ. 
          උපක්‍රමික මට්ටමේ කළමනාකරුවන්ගේ තීරණ අනුව කටයුතු කරන අලෙවි කළමනාකරුවන්, මූල්‍ය කළමනාකරුවන්, නිෂ්පාදන කළමනාකරුවන්, මානව සම්පත් කළමනාකරුවන් විසින් මෙම තොරුතරු පද්ධති මේහෙය වීම සහ පාලනය සදහා භාවිතා කරයි.

 දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති


 දැනුම් සේවකයින් වන ගණකාධිකාරීවරුන්,ඉංජිනේවරුන්, විගණකවරුන්, නීතිඥවරුන් ආදි වෘත්තිකයින් විසින් නව දැනුම ගවේශණය, සංවිධානය හා සමෝධානය සදහා භාවිතා කරන තෝරුතුරු පද්ධති වේ.
                        එමෙන් ම  දත්ත සේවකයෝ වන ලිපිකරුවන්, පරිගණක ක්‍රියාකරුවන් ආදි සේවකයින් විසින් තොරතුරු පිටපත් කිරීම, බෙදා හැරීම, තොරුතරු භාවිතා කිරීම සදහා ද මෙම තොරතුරු පද්ධතිය භාවිතා කරයි.

මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති
මෙහෙයුම් කළමනාකරුවන්ට ව්‍යාපාරයේ මූලික කිියාකාරකම් හා ගනුදෙුනු පිළිබද තීරණ ගැනීම සදහා උපකාරිවන පද්ධතියකි. විකුණුම්, මුදල් තැන්පත් කිරීම්, වැටුප් ලේඛන, ද්‍රව්‍ය මිල දි ගැනී්ම්, ද්‍රව්‍ය භාවිතය වැනි තොරතුරු මේ යටතේ සැකසේ.
            වැඩ පරී්ෂකවරු, ගබඩා භාරකුරු, ආදි මෙහෙයුම් මටටමේ කළමනකරණ සේවකයෝ මෙම ගොරගුරු පද්ධති භාවිතා කරති. 

No comments:

Post a Comment