17.7.
තොරතුරු
තාක්ෂණය සඳහා
අන්තර්ජාලය භාවිතා කිරීම
පරිගණක
ජාලය:-
පණිවුඩ,
දත්ත
හා තොරතුරු හුවමාරු කිරීම
ආදි කටයුතු ඉටු කර ගැනීමට
පරිගණකයක්
හෝ ඊට වැඩි ගණනක් සම්බන්ධ කොට
පොදුවේ කටයුතු කිරීමට හැකිවන
පරිදි සකස් කරන ලද පරිගණක
පද්ධතියක් පරිගණක ජාලයක් ලෙස
හැඳින්වේ.
පරිගණක
ජාල ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට
වෙන් කර දැක්විය හැකි ය.
1.
ප්‍රාදේශීය
පරිගණක ජාල (LAN)
2.
පුළුල්
ක්ෂ්‍රේත්‍ර පරිගණක ජාල (WAN)
අන්තර්ජාලය
අන්තර්ජාලය
පුළුල් ක්ෂේත්‍ර පරිගණක ජාලයක්
වන අතර එය පුළුල් පරාසයක්
ආවරණය කරමින් සකස් කරනු ලබන
පරිගණක ජාලයකි.
ලෝකය
පුරා ව්‍යාප්ත වි ඇති පරිගණක
ජාල දහස් ගණනක් සම්බන්ධ වී
තොරතුරු හුවමාරු වන එමෙන් ම
කවර වේලාවක වුවද සම්බන්ධ විය
හැකි ක්‍රියාකාරකම් සහිත
තත්ත්වයක් ද අන්තර් ජාලය ලෙස
හැඳින්විය
හැකි ය.
අන්තර්ජාලය
මගින් සපයන සේවා
1.
ලෝක
ව්‍යාප්ත ජාල පහසුකම් සැපයීම
(W.W.W)
: -
ජාලමය
පරිගණක තොරතුරු වර්ග කිරීම,
නැවත
ලබා ගැනීම,
පිළියෙළ
කිරීම සහ ප්‍රදර්ශනය කිරීම
සඳහා
වු ලෝක සම්මත ප්‍රමිතිය යටතේ
වු පද්ධතිය ලෝක ව්‍යාප්ත ජාලය
ලෙස හඳුන්වයි.
අන්තර්ජාලයේ
වෙනත් අයට නැරඹීම /
කියවීම
සඳහා
ගබඩා කර ඇති කෝට් ගණනක් වු
විද්‍යුත් ලේඛනවල එකතුව ක්
ලෙස ද ලෝක ව්‍යාප්ත ජාලය
හැඳින්විය
හැකි ය.
ලෝක
ව්‍යාප්ත ජාලයට පිවිසීමට
වෙබ් බ්‍රවුසරයක් (මෘදුකාංගයක්
)
මඟින්
හැකියාව ලැබේ.
මෙහි
වෙබ් අඩවි සොයා ගැනීමට සෙවුම්
යන්ත්‍ර උපකාරී වේ.
වෙබ්
බ්‍රවුසර් මෘදුකාංග (Web
Brouser) - Internet Explorer, Netscape
සෙවුම්
යන්ත්‍ර (Serch
Engines) -Google, Yahoo,MSN
2.
විද්‍යුත්
තැපල (E-mail):-
සන්නිවේදන
සම්බන්ධ කයක් හරහා පරිගණකයකින්
පරිගණකයකට පණිවුඩ හුවමාරු
කර ගැනීම විද්‍යුත් තැපෑල
වේ.
මෙහි
දි විද්‍යුත් පණිවිඩයක් යැවීම
සඳහා යවන්නාට හා ලබන්නාට
අන්තර්ජාල පහසුකම් සහ විද්‍යුත්
තැපැල් ලිපි යොමුවක් ()
තිබිය
යුතු ය.
විද්‍යුත්
තැපෑල මඟින් ඡායා රූප,
ලේඛන,
චිත්‍ර,
හඬ,
සජීව
කරණ යනාදිය යැවිය හැකි ය.
3.
ගොනු
හුවමාරු නියාමවලිය (File
transfer protocol) : -
අන්තර්ජාලයට
සම්බන්ධ පරිගණක අතර අනෝන්‍ය
පරිගණක ගොනු හුවමාරුව සඳහා
භාවිතා කරන ක්‍රමයකි.
විවිධ
ක්ෂේත්‍රවල තොරතුරු ඇතුළත්
ලේඛන,
ගීත,
චිත්‍රපට,
පරිගණක
ක්‍රිඩා ආදිය ඇතුළත් ගොනු
පිටපත් කර ගැනීමට,
හුවමාරු
කර ගැනීමට මෙම ක්‍රමයේ ඉඩ
ලැබේ.
4.
කථන
පහසුකම් :
-
ලොව
පුරා විසිරි සිටින පුද්ගලයින්ට
තම නිවසේ සිට ම එකිනෙකා අතර
කථා තිරීමට හා අදහස් හුවමාරු
කර ගැනීමට ඇති පහසුකම් සපයන
ක්‍රමයක් වේ.
මෙහි
දි පහත සඳහන් ක්‍රම ඔස්සේ මෙම
පහසුකම ලබා ගනි.
ලිඛිත
කථන :-
අදහස්
ටයිප් කර අනෙක් පාර්ශ්වයට
යැවීම (Text
chatting)
හඬ
කථන :-
වාචිකව
අදහස් හුවමාරු කර ගැනීම (Voice
chatting)
විඩියෝ
කථන :-
වෙබ්
කැමරා භාවිත කරමින් ශබ්ද්ධයට
අමතරව දර්ශන හුවමාරු කර ගැනීම.
(Vedio chatting)
ලිඛිත,
හඬ,
විඩියෝ
හා ලිපි ගොණු එකට හුවමාරු කර
ගැනීම (text+sound+vedio+files)
5.
ප්‍රවෘත්ති
කණ්ඩායම් ඇතිකර ගැනීමට හැකි
වීම:-
සමාන
රුචිකම් ඇති කණ්ඩායම්වලට
තොරතුරු ලබා ගැනීමට හා අදහස්
හුවමාරු කර ගැනීමට හා තොරතුරු
ලබා ගැනීමට හැකියා ව ලබා දෙන
පහසු කමකි.
තම
රුචිය ඇති ක්ෂේත්‍ර වෙනුවෙන්
සැකසුණු ප්‍රවෘත්ති කණ්ඩායමක
සාමාජිකත්වය ලබා ගත් විට
අන්තර්ජාලය මගින් ස්වයංක්‍රීය
ව ක්ෂේත්‍රයේ නව දැනුම හා
තොරතුරු ලැබීමට සලස් වයි.
6.
ටෙලි
පරිගණක පහසුකම්:-
එක්
ස්ථානයක ඇති පරිගණකයක් මඟින්
අන්තර්ජාලයට සම්බන්ධ වී වෙනත්
ස්ථානයක ඇති පරිගණකයක් භාවිත
කිරීමට පහසුකම් සැලසීම ටෙලි
පරිගණක සේවාවයි.
මේ
මඟින් යම් අයෙකුට තම නිවසේ
පරිගණකය මඟින් පිවිස තම
කාර්යාලයේ පරිගණක භාවිත කළ
හැකිය.
එදිනෙදා
කටයුතු සඳහා පුද්ගලයෙකුට
අන්තර්ජාලය මඟින් ලබා ගත හැකි
පහසුකම්
1.
විද්‍යුත්
තැපැල් පහසුකම්
2.
වෙබ්
අඩවි නැරඹීම
3.
අන්තර්ජාල
සංවාද
4.
දුරකථන
පහසුකම්
5.
ලිපි
ගොනු හුවමාරුව
6.
විද්‍යුත්
රැස්වීම්,
රූපවාහිනිය,
ගුවන්විදුලි
විකාශනයන් නැරඹීමේ හා ඇසීමේ
පහසුකම්,
7.
ඊ
-
පුවත්
හා ඊ -
සඟරා,
ඊ
-
පුස්තකාල
පහසුකම්
8.
ඊ
-
චැනල්
සේවය.
ව්‍යාපාරික
කටයුතු පහසු කර ගැනීම සඳහා
අන්තර්ජාලය යොදා ගත හැකි ආකාර.
1.
විද්‍යුත්
වාණිජ කටයුතු සඳහා යොදා ගැනීම
2.
භාණ්ඩ
හා සේවා පිළිබඳ ප්‍රචාරණ
කටයුතු සඳහා යොදා ගැනීම.
3.
තම
තරගකරුවන් පිළිබඳ අවශ්‍ය
තොරතුරු ඉක්මනින් ලබා ගැනීමට
යොදා ගැනීම
4.
සන්නිවේදනය
කටයුතු වලදි පිරිවැය අවම කර
ගැනීමට යොදා ගැනීම
5.වෙළෙඳපොළ
ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට
යොදා ගැනීම
6.
තොරතුරු
පහසුවෙන් හා වේගයෙන් ලබා දීමට
යොදා ගැනීම.
7.
සමාජ
ජාල භාවිත කිරීමෙන් ව්‍යාපාර
කටයුතු සිදු කිරීමට යොදා ගැනීම
No comments:
Post a Comment