බලපත්‍රලාභි වාණිජ බැංකු සපයන සේවා ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වයට ඇති කරන බලපෑම

 

බලපත්‍රලාභි වාණිජ බැංකු සපයන සේවා ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වයට ඇති කරන බලපෑම

01. තැන්පතු භාර ගැනීම. (ඉහත විස්තර කර ඇත)

02. බැංකු ණය සැපයීම (ඉහත විස්තර කර ඇත)

03. නියෝජිත සේවා :- වාණිජ බැංකු විසින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවල දි ගනුදෙනුකරුවන් වෙනුවෙන් නියෝජිතයෙකු ලෙස කටයුතු කරයි. එනම්

        1. සුරැකුම්පත් මිලට ගැනීම සහ විකිණීම

        2. ස්ථාවර නියෝග නිකුත් කිරීම

        3. විදුලි බිල්පත් හා ජල බිල්පත් දුරකථන බිල්පත් ගෙවීම.

04. කල්බදු සේවා :- ව්‍යාපාරිකයන්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා වෙනත් වත්කම් පාවිච්චි කිරීම පිණිස ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම පරිදි බද්දට ගැනීම සහා මූල්‍ය පහසුකම් සැපයීම.

05. විද්‍යුත් බැංකු සේවා :- අන්තර්ජාලය හරහා බැංකු කටයුතු සිදු කර ගැනීම සහා ගනුදෙනුකරුවන්ට සපයා ඇති පහසුකම් විද්‍යුත් බැංකු සේවා ලෙස හඳුන්වයි. නිදසුන් ලෙස

        1. හෝම් බෑංකින් : - තම පෞද්ගලික පරිගණකය මගින් අන්තර්ජාලය හරහා බැංකුවේ වෙබ් අඩවියට පිවිස රහස් අංකය භාවිතා කොට ස්වයංක්‍රීය ව බැංකු පහසුකම් ලබා ගැනීම.

        2. දුරකථන බැංකු සේවා :- ගනුදෙනුකරු බැංකුව වෙත නො ගොස් තම දුරකථනය භාවිතා කිරීමෙන් වාණිජ බැංකු කටයුතු සිදු කර ගැනීමයි.


06. උකස් සේවා :- ස්වර්‍ණාභරණ ඇපයට තබා ගෙන හදිසි මුදල් අවශ්‍යතා සහා ණය ලබා දීම.

07. සුරක්ෂිතාගාර :- පුද්ගලයින්ගේ රන්, රිදි, මුතු මැණික් ආභරණ, ඔප්පු වැනි වටිනා භාණ්ඩ හා වැදගත් ලියවිලි ආරක්ෂා කර දීම වාණිජ බැංකු විසින් සිදු කරයි. මේ සහා වාණිජ බැංකු විශේෂිත සේප්පු වෙන් කරයි.

08. විදේශ විනිමය මිල දි ගැනීම හා විකිණීම :- විනිමය පාලන නියමයන් යටතේ ගනුදෙනුකරුවන්ගේ විදේශ මුදල් මිලට ගැනීමත්, ඔවුන්ට අවශ්‍ය විදේශ මුදල් විකිණීමත් වාණිජ බැංකු විසින් සිදු කරයි.

09. ණය පත් සේවා :- කිසියම් නිශ්චිත වටිනාකමක් දක්වා අනුමත ආයතනවලින් භාණ්ඩ හා සේවා ලබා ගැනීමට හැකිවන පරිදි වාණිජ බැංකු හෝ බලයලත් ආයතන විසින් නිකුත් කරන කාඩ් පත් විශේෂයකි. ණයපත් මගින් යම් සීමාවක් දක්වා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් මුදල් ලබා ගැනීමේ හැකියාවක් ද ඇත. ණයපත් වර්ග ලෙස

        1. වීසා

        2. මාස්ටර් කාඩ්

        3. ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් දැක්විය හැකි ය.

10. මුදල් ප්‍රේෂණ කටයුතු :- ගිණුම් හිමියා වෙනුවෙන් ඔහුට ලැබීමට ඇති මුදල් ඔහුගේ ගිණුමට රැස් කිරීම මින් අදහස් වේ. විදේශයක සිටින පුද්ගලයෙකුට මුදල් පැවරීම මෙන් ම, විදේශයක සිටින පුද්ගලයින්ගෙන් ලැබෙන මුදල් රැස් කිරීම ද මේ යටතේ සිදු කෙරේ.

11. සංචාරක චෙක්පත් නිකුත් කිරීම :- දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ගනුදෙනු පහසුවෙන් හා ආරක්ෂාකාරී ව සිදු කිරීම සහා භාවිතා කෙරෙන චෙක්පත් විශේෂයකි. මෙම චෙක්පත් ලොව පොදුවේ පිළිගන්නා මුදල් වර්ග වලින් විවිධ වටිනාකම් යටතේ නිකුත් කරයි.

සංචාරය යෙදෙන අතර තුර එම ප්‍රදේශයේ වාණිජ බැංකුවකට එම සංචාරක චෙක්පත් ලබා දී මුදල් ලබා ගැනීමේ හැකියාව ඇත. සංචාරක චෙක්පත් නිකුත් කිරීමේ දි බැංකුව ඒ සහා ගාස්තුවක් අය කරනු ලබයි.

12. ස්වයංක්‍රීය බැංකු සේවා :- බැංකු ගිණුම් හිමියාට තම බැංකුවෙන් ලබා දී ඇති පහසුකම් බොහෝමයක් බැංකුවට නො ගොස් දවසේ ඕනෑම වේලාවක ලබා ගැනීමට හැකි වන සේ හඳුන්වා දී ඇති විද්‍යුත් අරමුදල් හුවමාරු ක්‍රමයකි. මේ සහා බැංකුව පිටත ස්වයංක්‍රීය බැංකු සේවා සපය කුටි ඉදිකර තිබීමත් නාගරික ස්ථානවල එවැනි කුටි සවිකර තිබීම දැකි ය හැකිය

ස්වයංක්‍රීය බැංකු සේවා තුළින් ගනුදෙනුකරුවන්ට ලබා ගත හැකි පහසුකම් / වාසි

        1. ටෙලර් කාඩ්පත් භාවිතයෙන් ගිණුමෙන් මුදල් ආපසු ගැනීම

         2. ගිණුමට මුදල් තැන්පත් කිරීම

        3. ගිණුමෙන් වෙනත් ගිණුමකට මුදල් මාරු කිරීම.

         4. ගිණුමේ ශේෂය දැන ගත හැකි වීම.

        5. බිල්පත් ගෙවීමේ පහසුකම් තිබීම.

ස්වයංක්‍රීය බැංකු සේවා නිසා බැංකුවලට අත් වන වාසි

        1. පිරිවැය අඩු වීම :- ලිපි ලේඛන අඩු වීම, කාලය ඉතිරි වීම, කාර්ය මණ්ඩලය අඩු කර ගත හැකි වීම නිසා

        2. බැංකුව ඇතුළත තදබදය අඩු ර ගත හැකි වීම.

        3. නිවැරදිතාව ඉහළ වීම

        4. කාර්ය මණ්ඩලය අඩු කර ගත හැකි වීම.

        5. බැංකු සේවා පුළුල් වී ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම තුළින් බැංකුවල ලාභදායිත්වය වැඩි වීම

13. ණයවර ලිපි නිකුත් කිරීම :- ආනයන කරුගේ ඉල්ලීම මත ආනයන කරුගේ බැංකුව විසින් ආනයන කරු වෙනුවෙන් මුදල් ගෙවන බවට එකඟ වෙමින් අපනයන කරුගේ බැංකුව වෙත ඉදිරිපත් කරන ලියවිල්ල ණයවර ලිපියයි.

14. වෙනත් සේවා :-

            1. ගිණුම් හිමියන් රක්ෂණය කිරීම

            2. ඉ චැනලින් සේවා සැපයීම හා ඒ සහා විද්‍යුත් ගෙවීම් ක්‍රම හුන්වා දීම

            3. ජනාකීර්ණ ස්ථානවල ATM යන්ත්‍ර ස්ථාපිත කිරීම

            4. චෙක්පත් හා මුදල් තැන්පත් කිරීම සහා ම සුවිශේෂී වු යන්ත්‍ර ස්ථාපිත කිරීම (ADM යන්ත්‍ර , CDM යන්ත්‍ර)



No comments:

Post a Comment