ව්‍යාපාරයක
සියලු ම ඇස්තමේන්තු ;
ගත
මූල්‍ය තොරතුරු ඇතුළත් වන
කොටස මූල්‍ය සැලැස්ම ලෙස
හැදින්වේ.
මූල්‍ය
සැලැස්ම සකස් කිරීමේ වැදගත්කම
1.
ව්‍යාපාර
කටයුතු සඳහා
අවශ්‍ය අරමුදල් ප්‍රමාණ නිගමනය
කිරීමට හා සම්පාදනය කර ගැනීමට
2.
ව්‍යාපාරයේ
අරමුදල් ආයෝජනය කිරීම පිළිබඳ
තීරණ ගැනීමට
3.
මුදල්
ඌනතාවක් ඇති විය හැකි කාලය
හඳුනා
ගෙන ඊට පිළියම් යෙදීමට
4.
මුදල්
අතිරික්තයක් ඇති වන කාලය හඳුනා
ගෙන ඒ මුදල් ඵලදායි කටයුතු
වලට යෙදවීමට.
මූල්‍ය
සැලැස්මක ඇතුළත් කරුණු.
1.
ඇස්තමේන්තු
ගත ව්‍යාපෘති පිරිවැය (ප්‍රාග්ධන
අවශ්‍යතාව)
:-
තෝරා
ගත් ව්‍යාපාර අදහසට අනුව
ක්‍රියාත්මක කර පවත්වා ගෙන
යාමට බලාපොරොත්තු වන ව්‍යාපෘතිය
සඳහා
දැරීමට සිදු වන පිරිවැය මේ
නමින් හඳුන්වන අතර එය පහත
සඳහන් කොටස් වලින් සමන් විත
වේ.
- මුළු ස්ථාවර පිරිවැය - ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වන දිගු කාලීන පැවැත්මක් ඇති වත්කම් සඳහා වන පිරිවැය යි. නිදසුන් ලෙස ඉඩම් ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, රථවාහන, වෙනත් උපකරණ දැක්විය හැකි ය.
- මෙහෙයුම් වියදම් - මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර දැරීමට අවශ්‍ය වන වියදම් මේ යටතට ගැනෙන අතර නිදසුන් ලෙස ඉඩම් සංවර්ධනය, ජල විදුලි පහසුකම් ලබා ගැනීමට, බලපත්‍ර ලබා ගැනීමට, ව්‍යාපාර ලියා පදිංචි කිරීමට, ආදියට දැරීමට සිදු වන වියදම්
- මූළු කාරක ප්‍රාග්ධනය - එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා දැරීමට සිදු වන අරමුදල් කාරක ප්‍රාග්ධනය නම් වේ. නිදසුන් ලෙස අමුද්‍රව්‍ය ලබා ගැනීමට, නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය දැරීමට, පරිපාලන පොදු කාර්ය පිරිවැය දැරීමට, අලෙවි පොදු කාර්ය පිරිවැය දැරීමට ආදිය දැක්විය හැකි ය.
2. ඇස්තමේන්තු
ගත ආදායම් ප්‍රකාශය :-
අපේක්ෂිත
ආදායම්,
අපේක්ෂිත
විකුණු භාණ්ඩවල පිරිවැය සහ
මෙහෙයුම් වියදම් දැක්වෙන
ලේඛනය ඇස්තමේන්තු ගත ආදායම්
ප්‍රකාශය වශයෙන් හැදින්වේ.
මෙහි
පහත සඳහන් කරුණු ඇතුළත් වේ.
- විකුණුම් ආදායම් - අත්පිට මුදලට විකුණුම් හා ණයට විකුණුම්වලින් ලැබෙන ආදායමෙන් ආපසු එවුම් අඩු කළ පසු ලැබෙන අගය විකුණුම් ආදායමයි.
- විකුණුම් පිරිවැය - ව්‍යාපාරයක ආරම්භක තොගයට ගැනුම් හා ගෙන ඒමේ වියදම් එකතු කර ආපසු යැවුම් හා අවසාන තොගය අඩු කළ පසු විකුණුම් පිරිවැය ලැබේ.
- දළ ලාභය - විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කළ පසු දළ ලාභය ලැබේ.
- ක්‍රියාකාරි ලාභය - දළ ලාභයට අයභාර ආදායම් එකතු කර අයභාර වියදම් අඩු කිරීමෙන් පසු ලැබෙන ලාභය ක්‍රියාකාරි ලාභය වේ.
- බදු පසු ලාභය - ක්‍රියාකාරි ලාභයෙන් ආදායම් බදු අඩු කළ පසු ලැබෙන ලාභය බදු පසු ලාභය වේ.
3.
ඇස්තමේන්තු
ගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය
:-
යම්
අනාගත කාලච්ඡේදයක් තුළ දි
ව්‍යාපාරයකට මුදල් ගලා ඒම්
සහ ගලා යාම් පිළිබඳ ව ඇස්තමේන්තු
ඇතුළත් කර පිළියෙළ කරන ලේඛනය
ඇස්තමේන්තු ගත මුදල් ප්‍රවාහ
ප්‍රකාශය වශයෙන් හඳුන්වයි.
මෙහි
යම් කාලච්ඡේදයක මුළු මුදල්
ගලා ඒම්,
මුළු
මුදල් ගලා යාම් සහ කාලච්ඡේදය
අවසානයේ මුදල් ශේෂය ඇතුළත්
වේ.
ඇස්තමේන්තු
ගත මුදල් ප්‍රවාහයක පහත තොරතුරු
ඇතුළත් වේ.
- මුදල් ගලා ඒම් - අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය, ණය සම්පාදනය, අත්පිට විකුණුම්, ආදායම් ලැබීම්, ණයගැති ලැබීම් ආදියෙන් මුදල් ගලා ඒම් ඇතුළත් කෙරේ.
- මුදල් ගලා යාම් - ජංගම නොවන වත්කම් මිල ද ගැනීම, අමු ද්‍රව්‍ය හා වෙළෙඳ භාණ්ඩ මිල දී ගැනීම, රක්ෂණ, විදුලි, දුරකථන බිල්, ප්‍රවාහණ, බදු වැටුප් ආදි ගෙවීම, ණය වාරික ගෙවීම, බදු ගෙවීම ආදිය සඳහා ගෙවීම්
4.
ඇස්තමේන්තු
ගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය
:-
යම්
අනාගත කාලච්ඡේදයක අවසාන දිනට
ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය
පෙන්නුම් කරන ලේඛනය ඇස්තමේන්තු
ගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය
ලෙස හඳුන්වයි.
හ
එහි පහත සඳහන් කරුණු ඇතුළත්
වේ.
- ජංගම නොවන වත්කම් - වර්ෂයකට වඩා වැඩි කාලයක් පාවිච්ච කිරීමේ අරමුණින් අත්පත් කර ගෙන ඇති වත්කම් වේ. ඉඩම් ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, රථවාහන උපකරණ උදාහරණ ලෙස දැක්විය හැකි ය.
- ජංගම වත්කම් - වර්ෂයක් හෝ ඊට අඩු කාල සීමාවක් හෝ තුළ නිතර නිතර වෙනස් වන සම්පත් වේ. තොග, ණයගැති, මුදල්, බැංකු මුදල් නිදසුන් ලෙස දැක්විය හැකි ය.
- ජංගම නොවන වගකීම් - වර්ෂයකට වඩා වැඩි කාලයක් තුළ ආපසු ගෙවීම සඳහා පවතින බාහිර වගකීම් වේ. දිගු කාලීන බැංකු ණය නිදසුන් ලෙස දැක්විය හැකි ය.
- ජංගම වගකීම් - වර්ෂයක් හෝ ඊට අඩු කාල සීමාවක් හෝ තුළ නිතර නිතර වෙනස් වන වගකීම් වේ. ණයහිමියෝ, ගෙවිය යුතු වියදම්, උපචිත බදු නිදසුන් ලෙස දැක්විය හැකි ය.
5.
ණය
ආපසු ගෙවීමේ සටහන :-
ව්‍යාපාරයක
ලබා ගත් ණය මුදල්,
ණය
මුදල හා පොලිය ආපසු ගෙවන ආකාරය,
කාලච්ඡේදය
ආරම්භයේ හා අවසානයේ ණය ශේෂය
ආදි විස්තර මෙහි ඇතුළත් කෙරේ.
6.
ව්‍යාපෘති
සාරාංශය :-
ඇස්තමේන්තු
ගත පිරිවැය,
ආදායම්
ප්‍රකාශය,
මුදල්
ප්‍රවාහ ප්‍රකාශය,
ණය
ආපසු ගෙවීමේ සටහන,
ඇස්තමේන්තු
ගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය
ආදියේ දැක්වෙන තොරතුරුවල
සාරාංශ ගත ලේඛනය ව්‍යාපෘති
සාරාංශය ලෙස හැඳින්
වේ.
No comments:
Post a Comment