ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය
17.ව්‍යාපාරවල සාර්ථකත්වය සදහා තොරතුරු පද්ධති දායක කර ගැනීම17.1 දත්ත සකස් කිරීම සහ තොරතුරු වර්ග
දත්ත : - පරිසරයේ
හෝ සංවිධානයක සිදුවන නොයෙකුත් සිදු වීම් මගින් හා ව්‍යාපාරික ගනුදෙනු
මගින් ජනිත වන මූලික කරුණු හා සංඛ්‍යා දත්ත ලෙස හැදින්වේ. උදාහරණ ලෙස සේවකයාගේ වැටුප, නව ගනුදෙනුවක් සිිදුවු වේලාව හා වටිනාකම, මාසික විදුලි ගාස්තුව යනාදිය දැක්විය හැකි ය. දත්ත ක්‍රම කිහිපයකින් ඉදිරිපත් කළ හැකි ය. එනම්
- රූපමය දත්ත : - භාණ්ඩවල ජයාරූප
- සංඛ්‍යාමය දත්ත : - භාණ්ඩවල මිල ගණන්
- ශ්‍රව්‍යමය දත්ත : - පටිගත කරන ලද පාරිභෙෝගික අදහස්
- දෘශ්‍යයම දත්ත : - මිල ගණන් දැක්වෙන නාම පුවරු
තොරතුරු : - දත්ත තේරුම්ගත හැකි ලෙස හා ප්‍ර යෝජනයට ගත හැකි ලෙස සකස් කළ පසු තොරතුරු බවට පත් වේ. උදාහරණ ලෙස ව්‍යාපාරයේ දළ ලාභ අනුපාතිකය, විකුණුම් පිරිවැය, වාර්ෂික මුළු විදුලි වියදම, මුළු නිෂ්පාදන ඒකක ප්‍රමාණය ආදිය දැක්විය හැකි ය.
දත්ත හා තොරතුරු වල වෙනස් කම්
දත්ත තොරතුරු
1. දත්ත යෙදවුමකි 1. තොරතුරු නිමැවුමකි.
2. දත්ත තීරණ ගැනීම සදහා සෘජුවම භාවිත කළ 2. තොරතුරු තීරණ ගැනීමට සෘජුවම භාවිත
නොහැකි ය. කළ හැකි ය.
3. දත්ත දත්ත වශයෙන් පවතින තෙක් වටිනාකමක් 3. තොරතුරුවලින් වටිනාකමක් ගෙන දේ.
ගෙන නොදේ.
දත්ත සැකසීම මගින් තොරතුරු බවට පත් වේ. එම ක්‍රියාවලිය පහත ආකාරයට දැක්විය හැකි ය.
දත්ත → සැකසීම → තොරතුරු
Data Processing Information
දත්ත සැකසීමේ ක්‍රියාවලිය
1. වර්ගීකරණය (Classifying) : - දත්ත ඒවායේ ලක්ෂණ අනුව කොටස්වලට වෙන් කිරීම.
2. තේරීම් දත්ත සුවිශේෂ පිළිවෙළකට තැබීම. (Sorting)
3. ගණනය කිරීම (Calculating) : - දත්ත අංක ගණිතමය හෝ තාර්කික හෝ ක්‍රියාවලියකට
භාජනය කිරීම
4. සාරාංශකරණය (summarising): - දත්තවලින් යම් අදහසක් ඇති කර ගත හැකි ආකාරයට
කෙටිකර දැක්වීම.
දත්ත සැකසීමේ තාක්ෂණික ක්‍රම
1. හස්ත ක්‍රමය (අත්හුරු ක්‍රමය): - පෑන්, පැන්සල්, කඩදාසි හා ලිපි ද්‍රව්‍ය වැනි උපකරණ භාවිතා කර අතින් සිදු කරනු ලබන දත්ත සැකසීම
2. අර්ධ හස්ත ක්‍රමය : - යතුරු ලියනය වැනි ප්‍රාථමික මට්ටමේ දත්ත සැකසුම් යන්ත්‍ර හා මිනිස් ශ්‍රමය භාවිතයෙන් දත්ත සැකසීම සිදු කිරීම.
3. විද්‍යුත් යන්ත්‍රික ක්‍රමය : - විද්‍යුත් යතුරු ලියනය වැනි ස්වයංක්‍රීය දත්ත සැකසුම් යන්ත්‍ර භාවිත කර දත්ත සකස් කිරීම
4. විද්‍යුත් ක්‍රමය :- පරිගණකය භාවිතයෙන් ස්වයංක්‍රීය ව දත්ත සැකසීම සිදු වේ.
හොද තොරතුරක ඇතුළත් ගුණාංග
1. විස්තරාත්මක බව 6.නිවැරදි බව
2. නම්‍යශීලි බව 7. කාලීන බව
3. ලබා ගැනීමේ පහසුව 8. පිරිමැසුම් බව
4. සංසන්දනය කළ හැකි බව 9. පූර්ණ බව
5.අවබෝධ කර ගත හැකි බව 10. අදාළ බව
තොරතුරු වර්ගීකරණය
නිර්ණායකය තොරුතරු වර්ග
1. මූලාශ්‍රය අනු බාහිර, අභ්‍යන්තර, මූලික, ද්විතීයික
2. ස්වභාවය අනුව ප්‍රමාණාත්මක, ගුණාත්මක
3. කළමනාකරණ මට්ටම් අනුව උපක්‍රමික, උපාය මාර්ගික, මෙහෙයුම්
4. කාලය අනුව අතීත, වර්තමාන, අනාගත
5. නියත හා සම්භාවිතාව අනුව නියත,සම්භාවිතාත්මක
6. කළමනාකරණ ශිතය අනුව මූල්‍ය, මෙහෙයුම්,අලෙවිකකරණ,මානව සම්පත්
7. සමූහගත වීම් හා වෙන්කිරීම් අනුව සමූහගත තොරතුරු, වෙන්කරන ලද තොරතුරු
අ.පො.ස (උ.පෙළ) ව්‍යාපාර අධ්‍යයනය හදාරන දරුවන්ගේ විෂය දැනුම ඉහළ නැංවිමේ අරමුණින් මෙය කෙටුම්පත් කරන ලදි.
(ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කරන ලද ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය ඇසුරින් සම්පාදනය කරන ලදි)
Dharma Rathnayaka (Bsc. Mgt. Special USJ) PGDE (Nie)
No comments:
Post a Comment