අලෙවිකරණය යනු
පාරිභෝගික
අවශ්‍යතා තෘප්තිමත් කිරීම මගින් තම ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීම සදහා සිදු කරන,
පාරිභෝගිකගෙන් ආරම්භ වී පාරිභෝගිකයාගෙන් අවසාන වන පුළුල් ක්‍රියාවලියකි.
එය භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට පෙර පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව භාණ්ඩය
නිර්මාණය කිරීමේ සිට එම භාණ්ඩය නිපදවා පාරිභෝගිකයාට අලෙවි කිරීමෙන් පසු සේවා
සැපයීම දක්වා වු ක්‍රියාවලියකි.
අලෙවි කරණය පිළිබද ඇති නිර්වචන
01. පුද්ගල සහ
කණ්ඩායම් තම අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගැනීම සදහා වටිනාකමකින් යුත් නිෂපාදිත
නිර්මාණය කිරීම, ඉදිරිපත් කිරීම සහ නිදහසේ වෙනත් අය සමග හුවමාරු කිරීම සදහා වු
සමාජීය ක්‍රියාවලිය අලෙවිකරණයයි.
පීලිප්
කොට්ලර්
02. පුද්ගල හා
සංවිධානමය අරමුණු තෘප්තිමත් කිරීම සදහා හුවමාරු කිරීමට අවශ්‍ය අදහස් භාණ්ඩ හා සේවා
සංකල්පය, මිල කිරීම, ප්‍රවර්ධනය හා බෙදා හැරීම, සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක
කිරීමේ ක්‍රියාවලිය අලෙවිකරණයයි.
ඇමරිකානු
වරලත් අලෙවිකරණ ආයතනය
ඉහත නිර්වචන
අනුව අලෙවිකරණය යනු පුද්ගලයන්ගේ හා ආයතනවල අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම
සදහා වු සමාජීය හා කළමනාකරණ ක්‍රියාවලියක් ලෙස හදින්විය හැකි ය.
වෙළෙදපොළ
සමාන අවශ්‍යතා
හා වුවමනා සහිත, ඒවා හුවමාරු ක්‍රියාවලියක් මගින් තෘප්තිමත් කර ගැනීමට කැමැත්ත හා
හැකියාව ඇති සත්‍ය හෝ විභව ගැනුම්කරුවන්ගේ එකතුව වෙළෙඳපොළයි. නැතහොත් නිෂ්පාදිතයක්
සදහා සත්‍ය හෝ විභව ගැනුම්කරුවන්ගේ එකතුවයි.
වෙළෙදපොළ වර්ග
කිරීම
01. ගැනුම්කරුවන්ගේ
අවශ්‍යතා හා කැමැත්ම අනුව වර්ග කිරීමේ දි
ප්‍රධාන වෙළෙදපොළ වර්ග දෙකක් දැකි ය හැකි ය.
1. පාරිභෝගික
වෙළෙදපොළ :- ගැනුම්කරු සිය පුද්ගල පරිභෝජන හෝ කුටුම්භ පරිභෝජනය භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන වෙළෙදපොළ.
2. කාර්මික
භාණ්ඩ වෙළෙදපොළ :- ව්‍යාපාර ආයතනවලට අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ විවිධ සම්පත් හා
කාර්මික සේවා හුවමාරුවන වෙළෙදපෙළ හෙවත් ආයතනික වෙළෙදපොළ නමින් හදුන්වියි. ව්‍යාපාරික
වෙළෙදපොළ නමින් ද මෙම වෙළෙදපොළ හදුන්වයි.
02. නූතන
හුවමාරු ආර්ථිකය යටතේ භාවිතා වන මූලික
වෙළෙදපොළ වර්ග කිරීම
1. සම්පත් වෙළෙදපොළ
2. නිෂ්පාදන වෙළෙදපොළ
3. රජයේ වෙළෙදපොළ
4. පාරිභෝගික වෙළෙදපොළ
5. අතරමැදියන්ගේ
අලෙවිකරණ හර
සංකල්ප
අලෙවිකරණ හර
සංකල්ප යනු අලෙවිකරණ ක්‍රියාවලිය පදනම් වී ඇති මූලික සාධක වේ. ඒවා අලෙවිකරණ ක්‍රියාවලියේ
ආරම්භයේ සිට අවසානය තෙක් රැදි පවති.
01. අවශ්‍යතා,
වුවමනා, හා ඉල්ලුම :-
මිනිසාගේ
පැවැත්ම තහවුරු කර ගැනීමට මූලික වශයෙන් සපුරාගත යුතු තත්ත්වයන් අවශ්‍යතා ලෙස
හැදින්විය හැකි ය.
අවශ්‍යතාවකට අදාළ ව නිශ්චිත භාණ්ඩ හෝ
සේවා සදහා ඇති වන ආශාව හෙවත් කැමැත්ත, නැතහෝත් පුද්ගලයෙකු සිය අවශ්‍යතා සපුරා
ගැනීමට නිශ්චිත නිෂ්පාදිතවලට යොමු වීම වුවමනා ලෙස හැදින් වේ.
අවශ්‍යතාවක් ඉටුකර ගැනීම සදහා ඇති වන
වුවමනාව හා එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නිෂ්පාදිතයක් මිල දී ගැනීමට ඇති හැකියාව නිසා
ඇති වන තත්ත්වයක් ඉල්ලුමක් ලෙස හැදින්විය හැකි ය.
02.ඉලක්ක
වෙළෙදපොළ, පිහිටුවීම හා වෙළෙදපොළ ඛණ්ඩනය :-
කිසියම් නිෂ්පාදකයෙකු තම නිෂ්පාදිත අලෙවිකිරීම
සදහා සමස්ත වෙළෙදපොළෙන් නිශ්චිත පාරිභෝගික පිරිසක් කෙරෙහි අවධානය යොමු කිරීම හෙවත්
තම නිෂ්පාදිතයට පාරිභෝගික කණ්ඩායමක් තෝරාගෙන ඒ අය වෙනුවෙන් ම හදුන්වා දීම සදහා වන
වෙළෙදපොළ ඉලක්ක වෙළෙදපොළයි.
කිසියම් නිෂ්පාදිතයක් පිළිබදව
පාරිභෝගිකයාගේ මනසෙහහි යහපත් ආකල්පයක් ගොඩනැගීම පිහිටුවීම යනුවෙන් අදහස් කරයි.
සමස්ත වෙළෙදපොළ සමජාතීය පාරිභෝගික
කණ්ඩායම් ඇතුළත් වන පරිදි උප කොටස්වලට බෙදීම වෙළෙදපොළ ඛණ්ඩනයයි.
03.
පිරිනැමුම් (නිෂ්පාදිත) සහ සන්නම් :-
ව්‍යාපාරිකයන් විසින් ගනුදෙනුකරුවන්ගේ
අවශ්‍යතා තෘප්තිමත් කිරීම සදහා ඉදිරිපත් කරනු ලබන වටිනාකම් සමූහය පිරිනැමුම් ලෙස
හැදින් වේ. මෙම පිරිනැමුම් නිෂ්පාදිත සැපයීම මගින් ඉටු කරනු ලබයි.
සන්නම යනු වෙළෙඳපොළේ
තරගකාරී නිෂ්පාදිත අතරින් තම නිෂ්පාදිත වෙන් කර ගැනීම සදහා භාවිත කරන අක්ෂර
කාණ්ඩයක් හෝ ලාංඡනයක් හෝ ඒවායේ සංකලනයකි.
04. අලෙවිකරණ
මාර්ග :-
ඉලක්ක
වෙළෙදපොළ වෙත ළඟා වීමට අලෙවිකරුවෝ යොදා ගන්නා විවිධ ප්‍ර වේශ අලෙවිකරණ මාර්ල ලෙස හඳුන්වයි. ප්‍රධාන අලෙවිකරණ මාර්ග තුනකි. එනම්,
1. සන්නිවේදන මාර්ග
2. බෙදාහැරීමේ මාර්ග
3. සේවා මාර්ග
05. ගෙවන ලද
අයිති කර ගන්නා ලද හා උපයන ලද මාධ්‍ය
ආයතනයක්
යම්කිසි මුදලක් ගෙවා රූපවාහිනි, සගරා, සජීවි සංදර්ශක වෙළෙද දැන්වීම් පුවරු වැනි
මාධ්‍යවල පල දැන්වීම් ගෙවන ලද මාධ්‍ය ලෙස අදහස් කරයි.
ආයතනයක්
තමාගේම වෙබ් අඩවි, මුහුණු පොත වැනි මාධ්‍යවල පලකරන ලද දැන්වීම් අයිතිකර ගන්නා ලද
මාධ්‍ය ලෙස හදුන්වයි.
පාරිභෝගිකයන්
හෝ ආයතනයට පරිභාහිර පුද්ගලයන් ස්වෙච්ඡාවෙන් ආයතනයේ සන්නම් පිළිබද කටවචනයෙන්,
සර්පිලාකාර අලෙවිකරණය වැනි මාධ්‍ය මගින් කරන සන්නිවේදනය උපයන ලද මාධ්‍ය ලෙස
හදුන්වයි.
06. හැගීම් හා
නිරතවීම්
සන්නිවේදන
මාධ්‍ය අතරින් තමා භාවිතා කරන සන්නිවේදන මාධ්‍ය කොතරම් විෂය පථයක් ආවරණය වනවා ද
යන්න පිළිබද ව්‍යාපාරිකයාගේ දෘෂ්ටිය, හැගීම් ලෙස අදහස් කරයි.
සන්නිවේදන
මාධ්‍ය කෙරෙහි පාරිභෝගිකයා කොතරම් දුරට අවධානය යොමු කරන්නේ ද එසේ ම සක්‍රීය ලෙස
සම්බන්ධ වන්නේ ද යන්න නිරතවීම් යන්නෙන් අදහස් වේ.
07. වටිනාකම්
හා තෘප්තිය
වටිනාකම් යනු
පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට නිෂ්පාදකයාට ඇති හැකියාව පිළිබද ව පාරිභෝගිකයා
විසින් කරනු ලබන සමස්ත ඇගයීමයි.
මෙම සමස්ත
ඇගයීම සදහා නිෂ්පාදිතයක ගුණත්වය, සේවා, මිල
යන සාධක ත්‍රිත්වය වැඩිවීම සැලකිල්ට ලක් කරයි.
මෙහි දි නිෂ්පාදිතයක
වටිනාකම ඉහළ නැංවීම සදහා ගුණත්වය හා සපයනු ලබන සේවා හොද තත්ත්වයෙන් පැවතීම ඉවහල්
වන නමුත් නිෂ්පාදිතයක වටිනාකම අඩුවීම සදහා මිල වැඩිවීම නැමැති සාධකය බලපායි.
පාරිභෝගිකයා
අපේක්ෂා කරන ආකාරයට නිෂ්පාදිතයක් බිහිකිරීම මගින් පාරිභෝගිකයා අත්පත් කර ගනු ලබන
සතුට තෘප්තිය වේ. ඒ අනුව පාරිභෝගිකයා ලබන
තෘප්තිය හා වටිනාකම අතර සම්බන්ධතාවක්
පවති.
පාරිභෝගිකයා
අපේක්ෂා කරන වටිනාකම නිෂ්පාදිතයකින් නොලැබේ නම් පාරිභෝගිකයා තෘප්තිමත් වන අතර
අපේක්ෂා කරන වටිනාකම ඒ අයුරින් ම පාරිභෝගිකයාට හිමි වේ නම් ඔහු තෘප්තිමත් වේ.
එසේ ම අපේක්ෂා
කළ වටිනාකමට වඩා ඉහළ වටිනාකමක් නිෂ්පාදිතයෙන් ලබා දේ නම් උපරිම ලෙස තෘප්තිමත් වේ.
මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වේ. එනම් පුද්ගල බද්ද වේ.
08. සැපයුම්
දාම
ගනුදෙනුකරුවන්ගේ
අවශ්‍යතා සැපයීමට නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසුම් කිරීම
හා ක්‍රියාත්මක කිරීමත්, නිෂ්පාදිත නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇණවුම්
කිරීමේ සිට අවසාන පාරිභෝගිකයා අතට පත් කිරීම හා ඉන් පසුත් දායකවන්නා වු සියලුම ප්‍රවාහ
සැපයුම් දාම ලෙස හැදින් වේ.
09.
තරගකාරිත්වය
විභව හා පවතින
සමජාතීය නිෂ්පාදිත සහ ආදේශකයන් මගින් ඇති කරනු ලබන බලපෑම තරගකාරිත්වය ලෙස හැදින්
වේ. තරගකාරිත්වයේ විවිධ මට්ටම් කිහිපයක් ඇත.
1. සන්නම් තරගකාරිත්වය
2. කර්මාන්ත තරගකාරිත්වය
3. ස්වරූප තරගකාරිත්වය
4. පොදු තරගකාරිත්වය
10. හුවමාරුව
වටිනාකමක් ඇති
යමක් (නිෂ්පාදිත) ද්විපාර්ශ්වීය එකගතාවක් මත දෙපාර්ශ්වයක් අතර ගනුදෙනු වීම
හුවමාරුව ලෙස හැදින්විය හැකි ය.
හුවමාරුවක්
සම්පූර්ණ වීම සදහා අත්‍යවශ්‍යෙයන් ම තිබිය යුතු කොන්දේසි කිහිපයක් පවති.
1. අවම වශයෙන් දෙපාර්ශ්වයක් සිටිය
යුතු වීම.
2. එක් එක් පාර්ශ්වය සතු වටිනාකමක්
ඇති යමක් තිබිය යුතු වීම.
3. එක් එක් පාර්ශ්ව අතර අදහස්
හුවමාරුවට හා බෙදා හැරීමට හැකියාව තිබිය යුතු වීම.
4. එකිනෙක පාර්ශ්වයන් ට යමක්
පිළිගැනීම ට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ නිදහස තිබිය යුතු වීම.
5. එකිනෙක පාර්ශ්වයන්ට යමක්
පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ නිදහස තිබිය යුතු වීම.
11. ගනුදෙනුව
හුවමාරුවක්
සමග ගනුදෙනුවක් ඇතිවන අතර පාර්ශ්ව දෙකක් හෝ කිහිපයක් අතර එය සිදු විය හැකි ය.
පාර්ශ්ව දෙකක් හෝ කිහිපයක් හෝ අතර වටිනාකම වෙළෙදාම් වීම ගනුදෙනුවක් ලෙස අර්ථකථනය
කළ හැකි ය. හුවමාරුවක් ඇති වු බවට ගනුදෙනු ව සාක්ෂියකි.
12. සම්බන්ධතා
හුවමාරුව හා ගනුදෙනු සාර්ථක ව සිදු වීමට නම්
එකිනෙක පාර්ශ්ව එනම් ගනුදෙනුකරු, සැපයුම්කරු, බෙදාහරින්නන් අතර යහපත් සම්බන්ධතා
ඇති වීම අවශ්‍ය වේ.
නූතනයේ මෙය
සම්බන්ධතා අලෙවිකරණය ලෙස හදුන්වයි.
ව්‍යාපාර ආයතන
සමග සම්බන්ධවන ප්‍රධාන පාර්ශ්ව වන ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන් හා බෙදාහරින්නන්
ඇතුළු අනෙකුත් පාර්ශ්ව අතර දිගුකාලීන ව අනෝන්‍ය වශයෙන් තෘප්තිමත් හා ලාභදායි
සම්බන්ධතා ගොඩ නැගීම සම්බන්ධතා අලෙවිකරණයයි.
13. අලෙවිකරණ
පරිසරය
ව්‍යාපාරයක
අලෙවිකරණ උපාය මාර්ග හා අලෙවිකරණ හැකියාවන්ට බලපෑම් කරනු ලබන කාර්ය හා පුළුල්
පරිසර සාධක හා බලවේගයන් අලෙවිකරණ පරිසරය ලෙස හදුන්වයි.
අලෙවිකරණ
පරිසරය කොටස් දෙකකි.
1. කාර්ය පරිසරය :- ව්‍යාපාරය
හා සම්බන්ධ සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, අලෙවිකරුවන් සහ ඉලක්ක ගනුදෙනුකරුවන්
අන්තර්ගත වේ.
2. පුළුල් පරිසරය :- ප්‍රජා
විද්‍යාත්මක, ආර්ථික, ස්වභාවික, තාක්ෂණික, දේශපාලන, නීතිමය, සමාජීය හා සංස්කෘතික
පරිසර මෙයට අයත් වේ.
අලෙවිකරණයේ
වැදගත්කම
ව්‍යාපාරිකයාට,
පාරිභෝගිකයාට හා ආර්ථිකයට අලෙවිකරණය වැදගත් වේ.
01. ව්‍යාපාරිකයාට
අලෙවිකරණය වැදගත්වන ආකාර
1. ගනුදෙනුකරුවන් නිර්මාණය කර ගැනීමට හා
ඔවුන් රදවා ගැනීමට.
2. ආයතනයේ සාර්ථකත්වය අත්පත්කර ගැනීමට
හා රදවා ගැනීමට.
3. ලාභ ලැබීම අඛණ්ඩව පවත්වාගෙන යාමට
4. අයිතිකරුවන් හා සේවක තෘප්තිය
වර්ධනයට
5. තරගකාරිත්වයට සාර්ථකව මුහුණ දීමට
6. වෙළෙදපොළ කොටස පුළුල් කර ගැනීමට
02.
පාරිභෝගිකයන්ට අලෙවිකරණය වැදගත් වන ආකාර
1. තමා වියදම් කරන මුදලට උපරිම
තෘප්තියක් ලැබීම
2. වෙළෙදපොළ පිළිබද තොරතුරු ලැබීමෙන්
තමා දැනුවත් වීම.
3. වෙළෙදපොළ භාණ්ඩ හා සේවා සුලභ වීම.
4. ඉතා පහසුවෙන් අඩු වෙහෙසකින්
නිෂ්පාදිත ලබා ගත හැකි වීම.
5. විවිධ භාණ්ඩ පාරිභෝජනයෙන් ජීවන
තත්ත්වය ඉහළ නංවා ගත හැකි වීම.
03. ආර්ථිකයකට
අලෙවිකරණය වැදගත් වන ආකාරය
1. නිෂ්පාදන විවිධාංගීකරණය ඇති වීම.
2. සේවා නියුක්තිය ඉහළ යාම
3. නිෂ්පාදනය ඉහළ යාම
4. ආදායම් බෙදි යාමේ විෂමතා අවම වීම.
5. රටේ ආර්ථික වර්ධනයට හා සංවර්ධනයට
මග පෑදීම
අභ්‍යාස
01. අලෙවිකරණය
යන්න හැදින්විය හැක්කේ,
1.භාණ්ඩ මිල දි ගැනීමේ හා විකිණීමේ ක්‍රියාවලියක්
ලෙසයි.
2. විකිණීම හා ප්‍රචාරණය සම්බන්ධ ක්‍රියාවලියක්
ලෙසයි.
3. පුද්ගලයන්ගේ හා ආයතනවල අවශ්‍යතා හා
වුවමනා තෘප්තිමත් කිරීමට යොමු වු සමාජීය හා කළමනාකරණ ක්‍රියාවලියක් ලෙසයි.
4. නිෂ්පාදිත මිල කිරීම හා බෙදාහැරීම
සම්බන්ධ ක්‍රියාවලියක් ලෙසයි.
5. නිෂ්පාදිත සංකලනය කිරීමේ හා මිල
කිරීමේ ක්‍රියාවලියක් ලෙස යි.
02. රටේ
ආර්ථිකයට අලෙවිකරණය වැදගත් වීමට හේතුවක් ලෙස පිළිගත හැක්කේ,
1. වෙළෙදපොළ පිළිබද තොරතුරු ලැබීම
තුළින් පාරිභෝගිකයා දැනුවත් වීම.
2. ආදායම් බෙදියාමේ විෂමතා ඉවත් වීම.
3. ගෙවන මුදලට උපරිම තෘප්තියක් ලැබීම.
4. වෙළෙදපොළ තුළ භාණ්ඩ හා සේවා
සුලභවීම
5. වෙළෙදපොළ කොටස පුළුල් වීම.
03. අලෙවිකරණය
වැදගත්වීමට හේතු කිහිපයක් පහත දැක්වේ.
A. ගනුදෙනුකරුවන්
නිර්මාණය කිරීමට හා ඔවුන් රදවා ගැනීමට
B. සේවා න්‍යුක්තිය ඉහල
යාම
C. ලාභ ලැබීම අඛණ්ඩව පවත්වාගෙන යාමට
D. වෙළෙදපොළ තුළ භාණ්ඩ හා
සේවා සුලභ වීම
E. නිෂ්පාදනය පුළුල් වීම.
F. තරගකාරිත්වයට සාර්ථිකව
මුහුණ දීමට.
මේ අතරින්
අලෙවිකරණය ව්‍යාපාරිකයින්ට වැදගත්වීමට හේතු ලෙස පිළිගත නොැක්කේ
1.
A B C 2. B C D 3. D E F 4. A C F 5.
B C F
04.
අලෙවිකරණය පදනම් වී ඇති අලෙවිකරණ ක්‍රියාවලියේ ආරම්භයේ
සිට අවසානය තෙක් රැදි පවතින සංකල්ප හදුන්වන්නේ,
1. අලෙවිකරණ හර සංකල්ප ලෙස යි. 2.
අලෙවිකරණ සංකල්ප ලෙසයි.
3. විකුණුම් සංකල්ප ලෙසයි. 4. නිෂ්පාදන
සංකල්ප ලෙස යි.
5. නිෂ්පාදිත සංකල්ප ලෙස යි.
05. අලෙවිකරුවන්
තම නිෂ්පාදිතය අලෙවි කිරීමට අපේක්ෂා කරන පාරිභෝගික කණ්ඩායම හැදින්වෙන්නේ,
1. වෙළෙදපොළ ලෙස යි. 2. ඉලක්ක වෙළෙදපොළ ලෙසයි. 3. විභව වෙළෙදපොළ ලෙස යි.
4. සත්‍ය වෙළෙදපොළ ලෙස යි. 5. අවශ්‍යතා වෙළෙදපොළ
ලෙස යි.
06. අවශ්‍යතා
ඉටුවීම පිළිබද පාරිභෝගිකයකුගේ මනස තුළ ඇතිවන හැගීම හැදින්වෙන්නේ.
1. තෘප්තිය ලෙසයි. 2.
වටිනාකම ලෙසයි. 3. ඉල්ලුම
ලෙසයි.
4. හුවමාරුව ලෙස යි. 5. අලෙවිය ලෙසයි.
පිළිතුරු
1. 3 2. 2 3.
4 4. 1 5. 2 6. 1
14.3. ඉලක්ක අලෙවිකරණ ක්‍රියාවලිය
විවිධ පාරිභෝගික ගති ලක්ෂණ උපයෝගිකර ගනිමින්
ඕනෑම වෙළෙඳපොළක් උප කොටස්වලට බෙදා දැක්විය හැකි ය. මෙසේ විෂම ගති ලක්ෂණවලින් යුක්ත
සමස්ත වෙළෙදපොළ සමජාතිය ගති ලක්ෂණවලින් යුක්ත වු කණ්ඩායම්වලට බෙදා වෙන් කිරීම
වෙළෙදපොළ ඛණ්ඩනය ලෙස හැදින්වේ.
පාරිභෝගික වෙළෙදපොළ ඛණ්ඩනය සදහා යොදා ගන්නා
පදනම් කිහිපයකි.
01. භූගෝලීය සාධක
02. ප්‍රජා විද්‍යාත්මක
සාධක
03. මනෝ විද්‍යාත්මක
සාධක
04. චර්යාත්මක සාධක
පාරිභෝගික වෙළෙදපොළ කණ්ඩනයේ පදනම් පහත සටහන්
මගින් තවදුරටත් බෙදා දැක්විය හැකි ය.
සඵලදායි වෙළෙදපොළ ඛණ්ඩනයක තිබිය යුතු අවශ්‍යතා
01. මැනිය හැකි වීම
03. ළගාවිය හැකි බව (ප්‍රවේශ විය හැකි බව)
04. වෙන් කොට හදුනාගත හැකි බව
05. ක්‍රියාත්මක කළ හැකි බව
වෙළෙදපොළ ඛණ්ඩනයේ ප්‍රයෝජන
01. සමස්ත වෙළෙදපොළ ම විශ්ලේෂණයට භාජනය
කෙරෙන නිසා වෙළෙදපොළ පිළිබද ව හොද අවබෝධයක් ලබා ගත හැකි වීම.
02. උචිත හා කාලීන වෙළෙදපොළ අවස්ථා හදුනාගත
හැකි වීම.
03. ආයතනයට වෙළෙදපොළ පිළිබඳ ඇති අවදානම අවම
කර ගත හැකි වීම.
04. අලෙවිකරණ වැඩසටහන් වඩාත් සාර්ථකව ක්‍රියාත්මක
කළ හැකි වීම.
ඉලක්ක වෙළෙදපොළ
සමස්ත වෙළෙදපොළ තුළ
සිටින විවිධ ගති ලක්ෂණවලින් යුක්ත ගනුදෙනුකරුවන් හදුනාගෙන ඒ අතරින් ආයතනයට වඩාත්
ආකර්ෂණීය ලෙස මෙන් ම ලාභදායි ව සේවය කළ හැකි වෙළෙදපොළ කොටස ඉලක්ක වෙළෙදපොළ ලෙස
හැදින් විය හැකි ය.
තෝරා ගත් ඉලක්ක වෙළෙදපොළ තුළ අලෙවි කරුවන්ගේ
කාර්යභාරය වන්නේ, තෝරාගත් ඉලක්ක වෙළෙඳපොළට ගැළපෙන නිෂ්පාදිතය හෙවත් පිළිගැන්වීම්
සංවර්ධනය කිරීම යි.
වෙළෙඳපොළෙහි ස්ථාපිත කිරීම
වෙළෙඳ පොළෙහි ස්ථාපිත
කිරීම යනු භාණ්ඩයක් හෝ සේවයක් හෝ පිළිබඳ ව පාරිභෝගිකයාගේ මනසෙහි ඉඩක් ඇති කර
ලීමයි. අලෙවිකරණයේ ජයග්‍රහණය වනුයේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ වෙළෙඳපොළෙහි ඉතා හොඳින්
ස්ථාපිත වීමයි.
වෙළෙඳ පොළහි ස්ථාපිත විය හැකි ආකාර
1. භාණ්ඩය තුළ විවිධ
ගුණාංග හා ප්‍රයෝජන ඇතුළත් කිරීම.
2. තරගකරුවන් ට
සාපේක්ෂව වඩා ඉහල සේවාවක් ලබා දීම.
3. විවිධ ප්‍රවර්ධන
උපක්‍රම භාවිත කරමින් ගනුදෙනුකරුවන්ගේ මනස තුළ භාණ්ඩය හෝ සේවාව හෝ ගැඹුරින්
තැන්පත් කිරීම.
14.4. අලෙවිකරණ මිශ්‍රය හා එහි විචල්‍ය ව්‍යාපාරිකයාගේ
හා ගනුදෙනුකරුගේ දෘෂ්ටියෙන් විමසීම.
අලෙවිකරණ මිශ්‍රය යනු:-
ව්‍යාපාර
ආයතනයක් සිය ඉලක්ක වෙළෙඳපොළේ අලෙවිකරණ අරමුණු ඉටුකර ගැනීම සදහා යොදා ගනු ලබන උපකරණ
සමූහය අලෙවිකරණ මිශ්‍රය ලෙස හැදින්වේ. ව්‍යාපාරිකයාගේ දෘෂ්ටියෙන් අලෙවිකරණ මිශ්‍රය
කොටස් 4 කට බෙදිය හැකි ය. එය 4Ps ලෙස හැදින්වේ.
එනම්
1.
නිෂ්පාදිතය - Product
2.
මිල -
Price
3.
ස්ථානය - place
4.
ප්‍රවර්ධනය - Promotion
01. නිෂ්පාදිතය :-
පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන විකිණීම සදහා වෙළෙඳපොළට ඉදිරිපත් කරන
කවර හෝ දෙයකි. නිෂ්පාදිතය නියෝජනය කරන උප
විචල්‍යයන්
1.
නිෂ්පාදිතයේ විවිධත්වය 6.
ඇසුරුම් 11.
නිර්මාණය
2.
ගුණත්වය 7.
ප්‍රමාණය
3.
නිමාව 8.
අලෙවියෙන් පසු සේවා
4.
අංගෝපාංග 9.
වගකීම්
5.
සන්නම් 10.
ආපසු භාර දීම්
02. මිල :- භාණ්ඩ හෝ සේවා හෝ ලබා ගැනීම සදහා
පාරිභෝගිකයා ගෙවන මුදලයි. මිල නියෝජනය කරන උප විචල්‍යයන්
1.
ලැයිස්තු මිල 5. ගෙවීම් ක්‍රම
2.
වට්ටම් 6.
ණය කොන්දේසි
3.
දීමනා
4.
ගෙවීම් කාලය
03. ස්ථානය / බෙදා හැරීම :- නිෂ්පාදිතය වඩා
සාර්ථකව අලෙවිකර ගැනීම සදහා වෙළෙඳපොළට බෙදා හැරීමයි. ස්ථානය / බෙදා හැරීම නියෝජනය
කරන උප විචල්‍යයන්
1.
බෙදා හැරීමේ මාර්ග 5.
තොග / ගබඩා
2.
ආවරණය 6.
ප්‍රවාහණය
3.
ප්‍ර දේශ / ස්ථාන 7.
අතරමැදියෝ
4.
මාර්ග මිශ්‍රය
04. ප්‍රවරධනය :- නිෂ්පාදිතය ගැන ඇල්මක්
දක්වන ඉලක්ක හා විභව ගනුදෙනුකරුවන්ට සන්නිවේදනය සදහා යොදා ගනු ලබන ක්‍රියාවලියයි.
ප්‍රවර්ධන මිශ්‍රය නියෝජනය කරන උප විචල්‍යයන්
1.
ප්‍රචාරණය
2.
විකුණුම් ප්‍රවර්ධනය
3.
මහජන සම්බන්ධතා හා ප්‍රසිද්ධිය
4.
පෞද්ගලික අලෙවිය
5.
සෘජු අලෙවිකරණය
ව්‍යාපාරිකයාගේ දෘෂ්ටියෙන් සේවා සදහා
අලෙවිකරණ මිශ්‍රය
සේවා
සදහා අලෙවිකරණ මිශ්‍රය භාණ්ඩ සදහා වු අලෙවිකරණ මිශ්‍රයට අමතරව තවත් විචල්‍යයන් තුනක් ඇතුළත් ව විචල්‍ය 7
කින් සමන්විත වේ. ( 7ps = 4ps + 3ps)
1. නිෂ්පාදිතය
2.
මිල
3. ස්ථානය
4.
ප්‍රවර්ධනය
5.
මිනිසුන් :- විශේෂඥතාව ලැබු සුහද,
ආචාරශීලි විකුණුම් සේවකයෝ මෙහි දි විශේෂ වේ.
6.
ක්‍රියාවලිය :- සේවය සැපයීමට අවශ්‍ය වන මෙහෙයුම් පද්ධතිය හා අලෙවියෙන් පසු සිදු වන
සේවා.
7. භෞතික
වටපිටාව :- ගනුදෙනුකරුට ඉහළ අගයක් ලබා දීම සදහා සේවා සපයන ස්ථානයේ පරිසරය හා
වටපිටාව නිර්මාණය කිරීම.
ගණුදෙනුකරුගේ දෘෂ්ටියෙන් අලෙවිකරණ මිශ්‍රය
අලෙවිකරණ
මිශ්‍රය ගනුදෙනුකරුගේ දෘෂ්ටියෙන් ද විචල්‍ය 4 ක් ලෙස ඉදිරිපත් කළ හැකි ය. එය 4Cs ලෙස හැදින්වේ. ඒවා නම්
1. පාරිභෝගික
අවශ්‍යතා හා වුවමනා - Customer Needs
and Wants
2.
පිරිවැය - Cost
3.
පහසුව - Convenience
4.
සන්නිවේදනය - Communication
සාර්ථක අලෙවිකරණයක් සදහා අලෙවිකරණය මිශ්‍රය
වැදගත් වීමට හේතු
01. පාරිභෝගික වුවමනා ප්‍රශස්ත මට්ටමින්
ඉටුවන අයුරින් නිෂ්පාදිතයක් වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට හැකි වීමෙන් පිරිවැටුම
වැඩිකර ගැනීමට හැකි වීම.
02. නිෂ්පාදිතයට තරගකාරිත්වයට මුහුණ දිය
හැකි ආකාරයෙන් මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයා ආකර්ෂණය කරගත හැකි වීම.
03. විවිධ ප්‍රවර්ධන උපක්‍රම භාවිත කරමින්
භාණ්ඩ මිල දී ගැනීමට පොළඹවා ගැනීමට හැකි වීම.
04. සමස්තයක් ලෙසට ආයතනයේ අරමුණු ඉටුකර
ගැනීමට අලෙවිකරණ මිශ්‍රයේ සියලු විචල්‍ය උපකාරි වීම.
14.5 අලෙවි කළ හැකි විවිධ නිෂ්පාදිත
මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සදහා වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකි කවර ම හෝ දෙයක් නිෂ්පාදිත ලෙස හැදින්විය හැකි ය. නිෂ්පාදිත පහත සඳහන් ලෙස වර්ගීකරණය කළ හැක.
01. පාරිභෝගික භාණ්ඩ :-
එදිනෙදා පාරිභෝජනයට යොදා ගනි. බොහෝ විට භාවිතයෙන් කෙළවර වේ.
අලෙවිකරුගේ දෘෂ්ටියෙන් මෙම භාණ්ඩ වර්ග හතරක් පෙන්වා දිය හැකි ය.
1. පහසු භාණ්ඩ : -
පාරිභෝගිකයා නිරන්තරයෙන් මිල දි ගන්නා භාණ්ඩ වේ . නිදසුන් :- සබන්,
දන්තාලේප, පෑන්, පුවත්පත්, සහල්, පාන්.
2. සාප්පු භාණ්ජඩ :- භාණ්ඩවල මිල හා ගුණය අනුව සැසදිමකින්
තෝරා ගන්නා භාණ්ඩ සාප්පු භාණ්ඩ වේ. ඉතාම සුදුසු මිල දී ගැනීම සදහා පාරිභෝගිකයා
නිතරම සැලකිළිමත් වේ. කාලයක් වැයකර මිල දි ගනි. නිදසුන් :- විදුලි උපකරණ, ඇදුම්
පැළදුම්, පාවාහන්, ගෘහ භාණ්ඩ ආදිය
3. විශේෂිත භාණ්ඩ :- යම් භාණ්ඩයක් මිල දී ගැනීම සදහා විශේෂ
උත්සාහයක් දරයි නම් එය විශේෂිත භාණ්ඩයක් වේ. පාරිභෝගිකයා තෘප්තිමත් වන්නේ මෙම
විශේෂිත භාණ්ඩය පාරිභෝජනය කිරිමෙන් පමණි. මේවායේ මිල ඉතා ඉහළ විය හැකි ය.
නිදසුන් :- ස්වර්ණාභරණ, මෝටර් රථ, පරිගණක, වෛද්‍ය නිර්දේශය
සහිත බෙහෙත් වර්ග
4. නොසෙව් භාණ්ඩ :- වෙළෙදපොළේ විකිණීම සදහා ඇති නමුත් පාරිභෝගිකයා ඒ පිළිබද උනන්දුවක් නොදැක්වීම හෝ ඒ
බව නොදන්නා භාණ්ඩ නෙසෙව් භාණ්ඩ වේ. මේවා පොදුවේ දැක්විය නොහැකි අතර පුද්ගලයාගෙන්
පුද්ගලයාට නොසෙව් භාණ්ඩ වෙනස් විය හැකි ය.
නිදසුන් :- ජීවිත රක්ෂණය ඔප්පු වර්ග, අලුත් පොත් ආදිය.
5. කාර්මික භාණ්ඩ / ව්‍යාපාරික භාණ්ඩ :- වෙනත් භාණ්ඩයක් නිපදවීම සදහා යොදා ගනු ලබන
භාණ්ඩ වේ. භාණ්ඩ නිෂ්පාදනය කිරීමට කාර්මික භාණ්ඩ මිල දි ගන්නේ බොහෝ විට ව්‍යාපාරිකයනන්
බැවින් මේවාට ව්‍යාපාරික භාණ්ඩ යන නම යෙදේ.
කාර්මික භාණ්ඩ යොදා නිපදවන්නේ පාරිභෝගික භාණ්ඩ විය හැකි ය. මෙම කාර්මික
භාණ්ඩ ප්‍රධාන කොටස් තුනකින් සමන් විත වේ.
1. දව්‍ය හා කොටස් / අමතර කොටස් :-
නිෂ්පාදන ක්‍රියාවලිය සදහා යෙදවුම් ලෙස එකතු කරන දෑ ද්‍රව්‍ය හා කොටස් නම් වේ.
නිදසුන් ලෙස යකඩ, සිමෙන්ති වැනි ගෘහ නිර්මාණ ආශ්‍රිත අමුදව්‍ය, වාහන නිෂ්පාදනය
සදහා යොදා ගන්නා ටයර්, මෙවලම් ආදි උපාංග දැක්විය හැකි ය.
2. ප්‍රාග්ධන අයිතම :- වෙනත් භාණ්ඩ
නිෂ්පාදනය කිරීම පිණිස නිෂ්පාදන ක්‍රියාවලියේ දි භාවිතා වන දිගුකාලීන පැවැත්මක්
ඇති නිමි භාණ්ඩ ප්‍රාග්ධන අයිතම වේ. නිදසුන් ලෙස කර්මාන්තශාලා ගොඩනැගිලි, යන්ත්‍ර
සුත්‍ර ආදිය.
3. සැපයුම් හා ව්‍යාපාර සේවා :-
නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට උපකාර කර ගන්නා එහෙත් සාපේක්ෂව කෙටිකාලීන පැවැත්මක්
ඇති භාණ්ඩ හා සේවා, සැපයුම් හා ව්‍යාපාර සේවා ලෙස හැදින්වේ. නිදසුන් ලෙස මෙහෙයුම්
උපකරණ - ලිපි දව්‍ය, පැන්සල් පෑන්, ඇල්පෙනෙති,
නඩත්තු හා අලුත් වැඩියා
සේවා - පිරිසිදු කිරීම්, අලුත්වැඩියා කිරීම්
මූල්‍ය ව්‍යාපාර හා උපදේශන
සේවා - මුල්‍ය සේවාවන්, නීති උපදේශක හා කළමනාකරණ උපදේශක සේවා, ප්‍රචාරණය
භාණ්ඩ හා සේවා පුළුල් ලෙස වර්ගීකරණය කිරීම
අතීතයේ දි නිෂ්පාදිත භාණ්ඩ හා සේවා ලෙස වර්ග
කරනු ලැබුව ද, වර්තමානයේ පුද්ගල වුවමනා සංකිර්ණ වීම නිසා නිෂ්පාදිත වලට විවිධ
අයිතම එක් වෙමින් පවති. ඒ අනුව නිෂ්පාදිත පුළුල් පදනමක් මත පහත දැක්වෙන සේ
ඉදිරිපත් කළ හැකි ය. එනම්
1.
භාණ්ඩ :- මිනිස් වුවමනා සපුරාලන භෞතික
පැවැත්මක් සහිත ස්පෘශ්‍ය දෑ භාණ්ඩ වේ.
නිදසුන් ලෙස ගෘහ භාණ්ඩ, යන්ත්‍රෝපකරණ, ඇදුම් ආදිය.
2. සේවා :- මිනිස්
වුවමනා ඉටු කරනු ලබන අස්පෘශ්‍ය දෑ එනම් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයක් සදහා
ඉදිරිපත් කළ හැකි ක්‍රියාවන් හෝ ක්‍රියාකාරකම් සේවා හෝ වේ. නිදසුන් ලෙස ව්‍යාපාර
රක්ෂණය, ව්‍යාපාර බැංකු කටයුතු කිරීම, ව්‍යාපාර ප්‍රවාහණ සේවා පවත්වාගෙන යාම ආදිය.
3. අදහස් :- වෙළෙදපොළට
ඉදිරිපත් කරන නිෂ්පාදිත පිළිබද ව නිෂ්පාදකයා තුළ හට ගන්නා අලෙවි කළ හැකි ආකාරයේ
සිතිවිල්ල, අදහසක් ලෙස දැක්විය හැකි ය. නිදසුන් ලෙස කෑමට පෙර මිනිත්තුවක් අත්
සේදීම, ශ්‍රී ලංකා ලිපගිනි සැපයුම්,
4. ඉසව් / සිද්ධි :- මිනිස්
වුවමනා තෘප්තිමත් කිරීම හා සම්බන්ධ විවිධ අවස්ථා ඉසව් වේ. නිදසුන් ලෙස ඔලිම්පික්
ක්‍රීඩා උලෙළ, වාර්ෂික සන්දර්ශන, අන්තර්ජාතික වෙළෙද ප්‍රදර්ශන, පොත් ප්‍රදර්ශන ආදි
ය දැක්විය හැකි ය.
5.
පුද්ගලයෝ :- මිනිස් වුවමනා තෘප්තිමත් කිරීම සදහා ඉදිරිපත් වන සුවිශේෂ හැකියා සහිත
පුද්ගලයෝ වෙති. නිදසුන් ලෙස ගීත ගායනය සදහා
මයිකල් ජැක්සන් වැනි ගායකයෝ, විකට කටයුතු සදහා මිස්ට බීන් ආදි පුද්ගලයින්
දැක්විය හැකි ය.
6.
අත්දැකීම් :- යම් කිසි කාර්යයක් සදහා පුද්ගලයකු ලබා ඇති විශේෂඥ දැනුම තවත්
ගනුදෙනුකරුවෙකුට අලෙවි කිරීම අත්දැකීම් වේ. නිදසුන් ලෙස දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු
ක්‍රිකට් පුහුණු කරුවෙකු ලෙස ක්‍රියා කිරීම, කදු නැගීම පිළිබද අත්දැකීම් ඇති
පුද්ගලයකු නවක කදු නගින්නන්ට පුහුණුවක් ලබා දීම.
7.
ස්ථාන :- පුද්ගලයන්ගේ වුවමනා තෘප්තිමත් කිරීමට හැකි විවිධ තැන් ස්ථාන වේ. නිදසුන්
ලෙස සිගිරිය, හුම්මානය, ලෝකාන්තය ආදි ස්ථාන දැක්විය හැකි ය.
8.
සංවිධාන :- මිනිස් වුවමනාවන් තෘප්තිමත් කිරීම සදහා මිනිසුන් විසින් ම ඇති කර ගනු
ලබන ඒකක බිහිකර ඇති සංවිධාන ඒකක මේ යටතට ගැනේ, නිදසුන් ලෙස කාය වර්ධන සමාජ,
රතුකුරුස සංවිධානය, ක්‍රීඩා සමාජ ආදිය දැක්විය හැකි ය.
9.
දේපළ :- අයිතිය ප්‍රකාශ කරමින් හුවමාරු වන වත්කම් සම්බන්ධ ලියවිලි වර්ග මේ යටතතේ
දැක්විය හැකි ය. නිදසුන් ලෙස සාමාන්‍ය
කොටස් බලපත්‍ර, භාණ්ඩාගාර බිල්පත්, ඉඩම් ඔප්පු ආදිය දැක්විය හැකි ය.
10.
තොරතුරු :- පුද්ගලයන්ට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන පරිදි දත්ත සැකසීම මගින් තොරතුරු
බිහි වේ. ව්‍යාපාරික කාර්යයේ දි වුවමනා ඉටුකර ගැනීමට තොරතුරු ප්‍රයෝජනයට ගනි.
නිෂ්පාදිත මිශ්‍රය :-
කිසියම් විකුණුම්
කරුවකු විකිණීමට ඉදිරිපත් කරන නිෂ්පාදිත කළඹ නිෂ්පාදිත මිශ්‍රය ලෙස හදුන්වයි.
සමහර ආයතන එක් භාණ්ඩ අයිතමයක් පමණක්
වෙළෙඳපොළට ඉදිරිපත් කරන අතර සමහර ආයතන නිෂ්පාදිත කළඹක් ඉදිරිපත් කරයි. ආයතනයක
නිෂ්පාදිත මිශ්‍ර ය පහත සඳහන් දෑවලින් සමන්විත වේ.
01. පළල :- ආයතනය සතු නිෂ්පාදන පෙළවල් ගණන
02. දිග :- සියලු ම භාණ්ඩ පෙළවල අන්තර්ගත
නිෂ්පාදිත ගණන වේ.
03. ගැඹුර :- එක් නිෂ්පාදිත වර්ගයක් යටතේ
ඉදිරිපත් කරන අයිතම සංඛ්‍යාව
04. සංගත භාවය :- භාණ්ඩ වර්ග අතර ඇති
සම්බන්ධතාව
නිදසුන් :-
|
කිරි පැකට් |
අයිස් කීම්
මිශ්‍ර පැකට් |
චොකලට් මිශ්‍ර
කිරිපැකට් |
|||
|
අයිස් කීම් |
වැනිලා |
චොකලට් |
ස්‍ට්‍රෝබරි |
පළතුරු |
|
|
බීම වර්ග |
අඹ |
දොඩම් |
මිශ්‍ර
පලතුරු |
||
|
750ml |
375ml |
345ml |
|||
පළල - 3 (කිරි පැකට්, අයිස්ක්‍රීම්, බීම
වර්ග)
දිග - 9 ( කිරිපැකට් 2, අයිස්ක්‍රීම් 4, බීම
3)
ගැඹුර - ඉහත බීම පෙළෙහි ප්‍රමාණ තුනකින්
යුක්ත නිෂ්පාදිත ඉදිරිපත් කර ඇති හෙයින් එහි ගැඹුර 3 කි.
සංගත භාවය :- ඉහත සියලු ම නිෂ්පාදිත අතර
සම්බන්ධතාව ඇත. සියලු ම නිෂ්පාදිත ආහාර පාන වීම.
නිෂ්පාදිත මට්ටම් / ස්ථර :-
නිෂ්පාදිතයක පැවතිය හැකි නිෂ්පාදිත මට්ටම් 5 ක් පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය. මේවා පාරිභෝගික වටිනාකමේ ධූරාවලිය ලෙස ද හඳුන්වයි.
01. හර ප්‍රතිලාභය :- මූලික ප්‍රතිලාභ හර ප්‍රතිලාභයයි. මෙය නිෂ්පාදිතයක පළමු මට්ටමයි. නිෂ්පාදිතයකින් ලබා දෙන ප්‍රධානතම ප්‍රයෝජනයයි. නිදසුන් ලෙස කාබන් පෑනක් මිල දී ගන්නේ ලිවීම සදහා ය. එය පැනේ මූලික ප්‍රතිලාභයයි.
02. මූලික නිෂ්පාදිතය :- මෙය නිෂ්පාදිතයක දෙවන මට්ටමයි. ඉහත හර ප්‍රතිලාභය මූලික නිෂ්පාදිතයක් බවට පත් වේ. නිදසුන් ලෙස පෑනක් කාබන් කූර සහිත තුඩ, කොපුව, තීන්ත සහිත බටය ආදියෙන් සමන්විත ව නිෂ්පාදනය කිරීම.
03. අපේක්ෂිත නිෂ්පාදිතය :- ගැනුම්කරු අපේක්ෂා කරන අංග ලක්ෂණ සහිත ව නිෂ්පාදිතය ඉදිරිපත් කිරීමයි. මෙය නිෂ්පාදිතයක තෙවෙන මට්ටමයි. නිදසුන් ලෙස කාබන් පෑනක් නොකැඩි හොඳින් ලිවීම, බොඳ නො වීම, පැහැදිලි බව, දිගු කාලීන බව, කාබන් උතුරා නො යෑම ආදිය ගැනුම්කරු අපේක්ෂා කරයි.
04. වැඩි දියුණු කළ නිෂ්පාදිතය :- ගනුදෙනුකරු අපේක්ෂා කරන මට්ටමටත් වඩා ඉහළ මට්ටමක් සහිත ව නිෂ්පාදිතය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම මෙහි දි සිදු කරයි. මෙය නිෂ්පාදිතයක හතර වන මට්ටමයි. නිදසුන් ලෙස කාබන් පෑනෙන් ලියන විට ප්‍රසන්න සුවඳක් වාහනය වීම.
05. විභව නිෂ්පාදන මට්ටම :- ගනුදෙනු කරුට අනාගතයේ දි අවශ්‍ය විය හැකි යැයි සිතා නිෂ්පාදිතය සැලසුම් කිරීමේ දි අංගයන් එකතු කිරීම මගින් විභව වෙළෙඳපොළට පිවිසීමයි. මෙය නිෂ්පාදිතයේ පස්වන මට්ටමයි. නිදසුන් ලෙස වර්තමානයේ කාබන් පෑනට වඩා දියුණු මට්ටමක පෑනක් වෙළෙඳපොළට පිවිසීමයි. මෙය නිෂ්පාදිතයේ පස්වන මට්ටමයි.
නිදසුන් ලෙස වර්තමානයේ කැබන් පෑනට වඩා දියුණු මට්ටමක පෑනක් ඉදිරිපත් කිරීම. ලියන විට සංගීත රාවයක් පැතිරීම. කාබන් අවසන් වීමට ප්‍රථම ඒ බව දැන්වීමට සංඥාවක් නිකුත් කිරීම.
නිෂ්පාදිතයක ( භාණ්ඩයක ) ජීවන චක්‍රය
භාණ්ඩයක ජීවන චක්‍රයේ ප්‍රධාන අදියර 05 ක්
පවති.
01. භාණ්ඩ සංවර්ධන අදියර :- භාණ්ඩ සංවර්ධනය ආරම්භ වන්නේ නව භාණ්ඩය පිළිබද
අදහසක් උත්පාදනයත් සමග ය. මෙම අදියරයේ දි විකුණුම් නොමැති අතර පර්යේෂණ හා සංවර්ධන
වියදම් දරයි.
02. හදුන්වාදෙන අදියර :- භාණ්ඩය වෙළෙඳපොළට
ඉදිරිපත් කරන අතර විකුණුම් හා ලාභය සෙමින් වැඩිවේ.
03. වර්ධන අදියර :- විකුණුම් ඉහළ යන
අදියරයි. එහි දි ලාභාන්තිකයක් ද දක්නට ඇත.
04. පරිනත අදියර :- මෙම අදියරේ දි
වෙළෙඳපොළෙහි භාණ්ඩය පිළිගෙන අවසන් ය. විකුණුම් හා ලාභ ස්ථාවර වේ. වර්ධනය සෙමින්
සිදු වන අතර තරගය තරගය ඉහළ යාම නිසා සෙමින් විකුණුම් හා ලාභ අඩුවිම ද අවසාන කාලයේ
දි සිදු වේ.
05. පිරිහීමේ අදියර :- මෙම අදියරයේ දි
විකුණුම් පහළ යයි. ලාභය හීන වෙයි.
භාණ්ඩයක ජීවන චක්‍රය නැමැති න්‍යායාත්මක
සංකල්පය ගොඩනැගීමේ දි යොදා ගනු ලබන උපකල්පන
01. නිෂ්පාදිතයකට නිශ්චිත ආයුකාලයක් ඇත.
02. නිෂ්පාදිතය අලෙවිකරුට වෙනස් වෙනස්
අභියෝග ගෙන දෙන විවිධ අදියර කිහිපයක් පසුකරයි.
03. භාණ්ඩයක ජීවන චක්‍ර යෙහි විවිධ අදියරවල
දි විකුණුම් හා ලාභ වෙනස් වේ.
04. නිෂ්පාදිතයක් ගමන් කරන එක් එක් අදියරේ
විවිධ ස්වරූප අනුව අලෙවි කරුවා විසින් ඊට අදාළ අලෙවිකරණ අරමුණු හා උපාය මාර්ග
අනුගමනය කරයි.
භාණ්ඩයක ජීවන චක්‍රය ප්‍රස්තාර ගත කිරීම.
සන්නමක්
යනු
යම්කිසි විකුණුම්
කරුවෙකුගේ නිෂ්පාදිත තරගකාරී නිෂ්පාදිත වලින් වෙන් කොට හඳුනා ගැනීම සදහා භාවිතා කළ
හැකි නමක්, වචනයක්, සංකේතයක්, සලකුණක්, මෝස්තරයක් නැතහොත් ඒවායේ සංයෝගයක් සන්නමක්
(Brand) ලෙස හදුන්වයි.
සන්නම් නාමය
යනු
සන්නමක
උච්චාරණය කළ හැකි කොටස සන්නම් නාමය (Brand
Name) ලෙස හඳුන්වයි.
සන්නම් ලකුණ හා වෙළෙඳ ලකුණ
සන්නමකට
ආවේණික වු ලාංඡනය සන්නම් ලකුණ (Brand mark) ලෙස හඳුන්වයි.
එය ලියා පදිංචි කළ විට වෙළෙඳ ලකුණ (Trade
Mark) ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සිය
සන්නම් 2003 අංක 6 දරන බුද්ධිමය දේපළ පනත යටතේ වෙළෙඳ ලකුණු ලියාපදිංචි කිරීමේ
දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කළ යුතු ය.
හොඳ සන්නමක
පැවතිය යුතු ගුණාංග
01. කෙටි හා
සරල වීම.
02. උච්චාරණය,
හඳුනා ගැනීම සහ මතක තබා ගැනීම පහසු වීම.
03.
නිෂ්පාදනයේ මූලික ගුණාංග, ප්‍රයෝජ්‍යතාව පිළිබඳ අදහසක් ඇඟවීම.
04. පහසුවෙන්
වෙනත් භාෂාවකින් ද හැදින්විය හැකි වීම.
05.
තරගකරුවන්ගේ සන්නම්වලට වඩා වෙනස් විය යුතු වීම.
06. කිසියම්
සංස්කෘතියක් නියෝජනය විය යුතු වීම.
විවිධ සන්නම්
වර්ග
01. පෞද්ගලික
සන්නම්
02. පවුල්
සන්නම්
03. ජාතික
සන්නම්
04. භාණ්ඩ
සන්නම්
01. පෞද්ගලික
සන්නම් :- නිෂ්පාදකයා විසින් නිෂ්පාදිත
වෙළෙදුන්ට අලෙවිකළ පසු ව වෙළෙදුන් විසින්
එම නිෂ්පාදිත සදහා නිර්මාණය කර ගන්නා සන්නම පෞද්ගලික සන්නමයි.
නිදසුන් :- අරලිය සීනි , නිපුණ සහල්,
විජය මිරිස් කුඩු
02. පවුල්
සන්නම් :- යම් නිෂ්පාදන ආයතනයක් එක ම සන්නමක් යටතේ භාණ්ඩ පෙළක් ඉදිරිපත් කිරීම.
නිදසුන් :- MD නිෂ්පාදන, හරිශ්චන්ද්‍ර
නිෂ්පාදන
03. ජාතික
නස්නම් :- යම් නිෂ්පාදකයෙක් සිය නිෂ්පාදිත ස්වකීය සන්නම් යටතේ වෙළෙද පොළට ඉදිරිපත්
කරයි නම් එම සන්නම ජාතික සන්නමයි.
නිදසුන් :- සිංගර්, කොකා කෝලා,
04. භාණ්ඩ
සන්නම :- යම් ආයතනයක් විවිධ නිෂ්පාදිත සදහා වෙන් වෙන් ව සන්නම් භාවිත කිරීම.
නිදසුන් :- ලීවර් බ්‍රදර්ස් නිෂ්පාදන
වන සන්ලයිට්, ලක්ස්, සිග්නල්, ඇස්ට්‍රා.
සන්නමකින් ව්‍යාපාරිකයාට
/ නිෂ්පාදකයාට ලැබෙන ප්‍රයෝජන
01. අනෙකුත් තරගකාරී
සන්නම්වලින් තම ආයතනයේ සන්නම වෙන් කොට හඳුනා ගැනීමට හැකි වීම මගින් අනන්‍යතාව රැක
ගත හැකි වීම.
02. ඇණවුම්
ලබා ගැනීමේ දි පහසු වීම.
03. නෛතික
ආරක්ෂාව ලැබීම
04. භාණ්ඩයේ
විශේෂ ගුණාංගයන් පිළිබඳ පාරිභෝගික විශ්වාසය තහවුරු කර ගැනීම
05. පාරිභෝගිකයන්
අතර සන්නම් පක්ෂපාතීත්වය ඇති කර ගත හැකි වීම.
06. උසස්
සන්නමකට වෙළෙදපොළ තුළ වටිනාකමක් ලැබීමෙන් ව්‍යාපාරයට වටිනාකමක් නිර්මාණය වීම.
07. සන්නමේ
කුඩා කුඩා වෙනස්කම් සිදු කිරීම මගින් විවිධ පාරිභෝගික කාණ්ඩ ඉලක්ක කළ හැකි වීම.
නිදසුන් සිග්නල් ජූනියර්, ඇන්කර් 1+
14.7 නිෂ්පාදිත සදහා
ආකර්ෂණීය ඇසුරුමක් හා ලේබලයක් සැලසුම් කිරීම
භාණ්ඩයක් සදහා
දවටනයක් හෙවත් මතුපිට ආවරණයක් හෝ බහලුවක් හෝ නිර්මාණය කිරීමේ හා නිපදවීමේ කාර්යය ඇසුරුම්
කරණය ලෙස හඳුන්වයි.
ඇසුරුම :-
භාණ්ඩයකට ආරක්ෂාවක් ලබා දීම සදහා යොදන දවටනය ඇසුරුම ලෙස හඳුන්වයි. ඇසුරුම සාමාන්‍ය
යෙන් සන්නම / වෙළෙඳ ලකුණ සහිත ව මුද්‍රණය කරන අතර එය ආවේණික ලක්ෂණවලින් යුක්ත වේ.
ඇසුරුම දුටු පමණිත් භාණ්ඩය පහසුවෙන් හදුනාගත හැකි ය. ඇසුරුමක හැඩය, වර්ධන ඒකාකාරී
වේ.
ඇසුරුමක මූලික
ම කාර්යය භාණ්ඩයකට ආරක්ෂාව ලබා දීම වුවත් වර්තමානයේ දි එය අලෙවිකරණ උපකරණයක් ලෙස
භාවිතා කරයි.
ඇසුරුමක
මට්ටම්
01. ප්‍රාථමික ඇසුරුම :- භාණ්ඩයක ප්‍රථම
ඇසුරුම යි. නිදසුන් : කිරිපිටි බහා ඇති පොලිතින් ඇසුරුම, දන්තා ලේප ටියුබය.
02.ද්විතීයික ඇසුරුම :- ප්‍රාථමික
ඇසුරුමකට පිටතින් ඇති වෙනත් ඇසුරුමක් ය. නිදසුන් : කිරිපිටි ඇතුළත් පොලිතින්
ඇසුරුම බහා ඇති කාඩ්බෝඩ් ඇසුරුම, දන්තාලේප ටියුබය බහාලන කාඩ් බෝඩ් ඇසුරුම.
03. ප්‍රවාහන ඇසුරුම :- ප්‍රාථමික හා
ද්විතීයික ඇසුරුම් සහිත නිෂ්පාදිත තොගයක් ප්‍රවාහනය කිරීමේ දි භාවිතා කරන විශාල
බහලුවක්, ප්‍රවාහන ඇසුරුමයි. නිදසුන් : කිරිපිටි ඇතුළත් කාඩ් බෝඩ් පෙට්ටි 24 ක් ක්
බහලු විශාල පෙට්ටියක්, දන්තාලේප ටියුබ් පෙට්ටි 120 ක් ඇසුරූ විශාල පෙට්ටියක්.
ඇසුරුමක්
සැලසුම් කිරීමේ දි සැලකිය යුතු කරුණු
01.
නිෂ්පාදිතයේ ස්වභාවය: - එනම් නිෂ්පාදිතයේ
බිදෙන සුළු බව, දියර වර්ග ද ඝන වර්ගද යන්න, නශ්‍ය වන සුළු බව ආදිය යි.
02. ඇසුරුමෙන්
නිෂ්පාදිතයට ලැබෙන ප්‍රයෝජන :- එනම් නිෂ්පාදිතයට ආරක්ෂාවක් ලැබීම, නිෂ්පාදිතය
පහසුවෙන් හදුනාගත හැකි වීම, නිෂ්පාදිතය පිළිබඳ තොරතුරු සැපයීම, ආකර්ෂණීය පෙනුමක්
ලබා දීම ආදිය.
03. තාක්ෂණික
යෝග්‍යතාව :- එනම් සෞඛ්‍යාරක්ෂිත භාවය, නිෂ්පාදිතයට රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති
බව, කල් තබා ගත හැකි බව ආදි යයි.
04.ඇසුරුම්
අංග :- එනම් නිෂ්පාදිතයේ දිග, පළල, බර, නිෂ්පාදිතයේ හැඩය, ආදිය.
05. වෙළෙන්දාට
ඇති පහසුව:-
නිදසුන් ලෙස ගබඩා කරණයට ඇති පහසුව, ප්‍රදර්ශනයට
ඇති පහසුව, ප්‍රවාහනයට ඇති පහසුව ආදිය.
06.
පාරිභෝගිකයාට ඇති ප්‍රයෝජන:-
නිදසුන් ලෙස තෝරා ගැනීමට, රැගෙන යාමට,
වෙනත් ප්‍රයෝජන සදහා භාවිතා කළ හැකි වීම
07. පරිසර හිත
කර බව :- ඇසුරුම පුතිචක්‍රියකරණය කළ හැකි වීම, දිරාපත් වන බව ආදිය.
08. ඇසුරුම
සදහ වැය වන පිරිවැය ආදිය පිළිබඳ සැලකිලිමත් විය යුතු ය.
ලේබල් කරණය
නිෂ්පාදිත
භාවිතයට / පරිහරණයට අවශ්‍ය තොරතුරු ඇසුරුමේ දැක්වීම හෝ පාරිභෝගිකයා ආකර්ෂණය සදහා ලේබලයක් නිර්මාණය
කිරීම හා එයට අදාළ ක්‍රියාවලිය ලේබල් කරණය ලෙස හඳුන්වයි.
ලේබලය
නිෂ්පාදිතය පිළිබඳ
යම් යම් තොරතුරු දැක්වීම සදහා ඇසුරුමේ ම කොටසක් ලෙස යොදා ගනු ලබන්නේ ලේබලය යි.
ලේබලයක ඇතුළත්
විය යුතු කරුණු.
01. නිෂ්පාදිතය
සම්බන්ධ තොරතුරු :- නිදසුන් ලෙස නිෂ්පාදකයා,
නිෂ්පාදිත රට, ලියාපදිංචි අංකය සදහන් කිරීම)
02. භාණ්ඩයේ
නම හෝ සන්නම
03. මිල
04. අඩංගු ද්‍රව්‍ය
05. නිෂ්පාදිත
දිනය
06. කල් ඉකුත්
වීමේ දිනය
07. ගබඩා කිරීමේ
හා ප්‍රවාහණයට හා භාවිතා කිරීමට උපදෙස්
08. අනතුරු ඇඟවීම්/
අවවාද
09. ප්‍රමිති ලාංඡන
14.8
නිෂ්පාදිතය සදහා යෝග්‍ය මිල තීරණය කරන ආකාරය
මිල යනු :- කිසියම්
භාණ්ඩයක් හෝ සේවාවක් හෝ සදහා ගැනුම්කරුවෙකු විසින් ගෙවන ලද මුදල්මය අගය යි.
මිල යන්න පුළුල්
ව අර්ථදැක්වීමේ දි භාණ්ඩයක් හෝ සේවයක් හෝ ලබා ගැනීම හෝ භාවිතා කිරීම මගින්
පාරිභෝගිකයා ලබන ප්‍රතිලාභය හා තෘප්තිය වෙනුවෙන් හුවමාරු කර ගැනීමට කැමති වටිනාකම
මිල ලෙස දැක්විය හැකි ය.
මිල නොයෙක්
නම් වලින් ප්‍රකාශ කළ හැකි ය. උදාහරණ ලෙස කඩ කුලිය, බදු කුලිය, පොළි, වාරික,
වැටුප් දැක්විය හැකි ය.
මිල වැදගත් වීමට හේතු
1.ගැනුම්කරුවෙකු
භාණ්ඩයක් මිල දි ගැනීමේ දි සලකා බලන ප්‍රධාන ම සාධකය මිල වේ.
2.අලෙවිකරණ
මිශ්‍රයේ විචල්‍යයන් අතරින් ආදායම් ලබා දෙන ප්‍රධානතම සාධකය මිල වේ. අනෙකුත් සියලු
ම විචල්‍යයන්ගෙන් නියෝජනය කරන්නේ පිරිවැයයි.
3.ඒ අනුව
භාණ්ඩ හා සේවා සදහා මිල තීරණය කිරීමේ දි ඒ සදහා වැඩි අවධානයක් යොමු කළ වෙනවා මෙන්
ම පාරිභෝගිකයා ද මිල දී ගැනීමක් තීරණය කිරීමේ දි මිල පිළිබඳ ව වැඩි අවධානයක් යොමු
කළ යුතු වේ.
මිල කිරීමේ
පරමාර්ථ
1. වෙළෙදපොළ
තුළ රැදී සිටීම / පැවැත්ම
2. වර්තමාන
ලාභ උපරිම කිරීම.
3. වෙළෙදපොළ
කොටස උපරිම කිරීම.
4. වෙළෙදපොළ
සාරය උරා ගැනීම.
5. නිෂ්පාදිත
ගුණත්ව නායකත්වය
මිල කිරීමේ දි
සලකා බලන සාධක
1. පිරිවැය
2.
තරගකරුවන්ගේ මිල
3. ඉල්ලුම
14.9
නිෂ්පාදිත පාරිභෝගිකයා අතට පත් කිරීම සදහා සුදුසු බෙදා හැරීමේ මාර්ග
භාණ්ඩ හා සේවා
බෙදා හැරීම යනු :- භාණ්ඩ හා සේවා නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා වෙත ළගාකර දීමේ ක්‍රියාවලිය
යි. නැතිනම් නිෂ්පාදිත ඉලක්ක ගනුදෙනුකරුවන් වෙත සාර්ථකව ළඟා කර දීමේ ක්‍රියාවලියයි.
බෙදාහැරීමේ
වැදගත්කම
01.
පාරිභෝගිකයාට විවිධ නිෂ්පාදන පරිභෝජනයට අවස්ථාව ලැබීම.
02.
නිෂ්පාදිතයේ ස්වභාවය, වෙළෙඳ පොළ ස්වභාවය ඉල්ලුම වැනි සාධක මත බෙදා හැරීම සිදු කළ
හැකි වීම.




No comments:
Post a Comment