18.7 විධායක සාරාංශය



ව්‍යාපාර සැලැස්මක ඇතුළත් මූලික කරුණු සංක්ෂිප්ත කොට දක්වන කොටස විධායක සරාංශය වේ. ව්‍යාපාර සැලසුමක් පරිශීලනය කර පුද්ගලයකුට ව්‍යාපාරයේ වැදගත් ම කරුණු සාරාංශ ගත ව ඉදිරිපත් කිරීම මෙහි දි මෙහි දි සිදු වේ

ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කරන පුද්ගලයෙකු ට විධායක සාරාංශය කිය වු පසු එම ව්‍යාපාර සැලසුමේ අන්තර් ගත කරුණු මගින් ව්‍යාපාරය ගැන චිත්‍රයක් ඔහුගේ මනසේ නිර්මාණය වීමට සමත් වන පරිදි විධායක සාරාංශය ඉදිරිපත් කළ යුතු ය. බාහිර පාර්ශ්ව ඉලක්ක කර ගත් ව්‍යාපාර සැලැස්මක ඉතා ම වැදගත් කොටස විධායක සාරාංශය වේ.

විධායක සාරාංශයක මූලික පරමාර්ථ බාහිර පාර්ශ්ව තව දුරටත් ව්‍යාපාරය පිළිබඳ ව සොයා බැලීමට පෙළඹවීම වේ. විධායක සාරාංශය සෑම විටම කෙටි හා ආකර්ෂණීය විය යුතු ය.

විධායක සාරාංශයක වැදගත් කම
1. විධායක සාරාංශය සමස්ත ව්‍යාපාර සැලැස්ම පිළිබද ව පෙර දැක්මක් ඇති කිරීම
2. ව්‍යාපාර සැලැස්ම පිළිබඳ ව මග පෙන්වීමක් ලබා දීම
3. ව්‍යාපාර සැලැස්ම පිළිබඳ ව විශ්වාසයක් ඇති කිරීම.

විධායක සාරාංශයක අඩංගු කරුණු
1. ව්‍යාපාරිකයාගේ නම හා ලිපි යොමුව
2. ව්‍යාපාර ඉතිහාසය
3. ව්‍යාපාරයේ දැක්ම, නිෂ්ටාව, ඉලක්ක හා පරමාර්ථ
4. නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩය හෝ සේවාව
5. තරග කිරීමට සිදු වන වෙළෙඳපොළ
6. ව්‍යාපාර සාර්ථක කිරීමටත්, තරගකාරිත්වයේ වාසි අත් වීමටත් හේතු
7. ප්‍රධාන කළමනාකරණ කණ්ඩයම්

No comments:

Post a Comment