18.3
අලෙවි
සැලැස්මට අනුව මෙහෙයුම්
සැලැස්ම පිළියෙල කිරීම.
මෙහෙයුම් සැලැස්ම
කිසියම්
නිෂ්පාදිතයක් බිහි කිරීමේ
දි එම නිෂ්පාදනයට අදාළ ක්‍රියා
පටිපාටි,
නිෂ්පාදන
ප්‍රමාණය,
නිෂ්පාදන
පිරිවැය,
භාවිතා
කරන ජාතික හා අන්තර් ජාතික
ප්‍රමිති,
නිෂ්පාදන
යන්ත්‍රෝපකරණ,
කර්මාන්ත
ශාලාව ස්ථාන ගත කිරීම ආදි
විස්තර ඇතුළත් කෙරෙන කොටස
මෙහෙයුම් සැලැස්ම ලෙස හදුන්වයි.
මෙහෙයුම්
සැලැස්ම වැදගත් වීමට හේතු:-
1.
ඉදිරි
මෙහෙයුම් කටයුතු පිළිබඳ ව
කල් තබා අවබෝධයක් ලබාගත හැකි
වීම.
2.
නිෂ්පාදිතයේ
ගුණත්වය ඉහළ නංවා ගත හැකි වීම.
3.
නිෂ්පාදන
කාර්යයේ දි ඇති වන අපතේ යෑම්,
ප්‍රමාද
වීම්,
අවම
කර ගත හැකි වීම.
4.
නිෂ්පාදන
පිරිවැය කල්තබා නිශ්චය කර ගත
හැකි වීම.
මෙහෙයුම් සැලැස්මක අන්තර්ගත විය යුතු කරුණු (අංග)
1.
නිෂ්පාදන
ධාරිතාව :-
නිශ්චිත
කාලපරිච්ඡේදයක දි නිෂ්පාදන
ක්‍රියාවලියේ භාවිතා කරන
යෙදවුම් අනුව ලබා ගත හැකි
උපරිම නිෂ්පාදන ඒකක ප්‍රමාණය.
2.
ස්ථාවර
වත්කම් අවශ්‍යතාව :-
නිෂ්පාදන
ක්‍රියාවලියේ දි භාවිතා කරන
ගොඩනැගිලි,
යන්ත්‍ර
උපකරණ,
මෝටර්
රථ ආදි වත්කම් සම්බන්ධයෙන්
දැරීමට සිදු වන පිරිවැය හා
එම වත්කම්වලට අදාළ ක්ෂය වීම්
මෙයට අයත් වේ.
නිෂ්පාදනය
කිරීමට බලාපොරොත්තු වන ඒකක
ප්‍රමාණය,
ඒ
අනුව අවශ්‍ය වන අමුදව්‍ය
ප්‍රමාණය.
ඒ
සඳහා
දැරීමට සිදු වන පිරිවැය ආදි
තොරතුරු මෙහි දැක්විය හැකි
ය.
4.
සේවක
අවශ්‍යතාව :-
නිෂ්පාදන
කටයුතු සඳහා
මැදිහත් වන කළමනාකරුවන් හා
සේවකයන් සම්බන්ධයෙන් තොරතුරු
ඇතුළත් කිරීම.
එනම්
අවශ්‍ය කෙරෙන සේවක සංඛ්‍යාව,
සේවකයන්ගේ
ස්වභාවය ඔවුන්ට ගෙවනු ලබන
පාරිශ්‍රමික ආදි තොරතුරු
මෙහි ඇතුළත් කෙරේ.
5.
නිෂ්පාදන
පොදු කාර්ය පිරිවැය.:-
නිෂ්පාදන
කටයුතු වලට අදාළ ව දැරීමට සිදු
වන නමුත් නිෂ්පාදන ඒකකයකට
සෘජු වම වෙන් කර හඳුනා ගත නො
හැකි,
පොදුවේ
දරන පිරිවැය නිෂ්පාදන පොදු
කාර්ය පිරිවැය වේ.
මේවා
කම්හල් පොදු කාර්ය පිරිවැය
ලෙස ද හැදින් වේ.
ඒ
අනුව නිෂ්පාදන කටයුතු සඳහා
දැරීමට සිදු වන වක්‍ර ද්‍රව්‍ය
පිරිවැය,
වක්‍ර
ශ්‍රම පිරිවැය,
සහ
වෙනත් වක්‍ර වියදම් හදුනාගෙන
මෙහි ඇතුළත් කෙරේ.
6.
කර්මාන්ත
ශාලා බිම් සැලැස්ම (පිරියත
සැලැස්ම)
:-
නිෂ්පාදනයට
භාවිත කරන යන්ත්‍ර,
උපකරණ
හා සවි කිරීම් ස්ථාන ගත කළ
යුතු ආකාර පිළිබඳ ව ඉදිරිපත්
කරන සැලැස්ම කර්මාන්ත ශාලා
පිරියත සැලැස්ම වේ.
7.
අපද්‍රව්‍ය
බැහැර කිරීම :-
නිෂ්පාදන
ක්‍රියාවලියේ දි ඇති වන
අපද්‍රව්‍ය බැහැර කිරීමේ දි
දැරීමට සිදු වන පිරිවැය සම්බන්ධ
දත්ත හා තොරතුරු ඇතුළත් කෙරේ.
8.
සමාජීය
හා පාරිසරික බලපෑම් :-
නිෂ්පාදන
ක්‍රියාවලිය නිසා සමාජයට හා
පරිසරයට සිදු වන අහිත කර බලපෑම්
අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග
හා ඒ සඳහා
ඇස්තමේන්තු ගත පිරිවැය මෙහි
සඳහන් කෙරේ.
9.
මුළු
නිෂ්පාදන පිරිවැය හා ඒකක
පිරිවැය :-
නිශ්චිත
කාලච්ඡේදයක් තුළ නිපදවීමට
බලාපොරොත්තු වන භාණ්ඩ හා සේවා
හෝ සඳහා
දැරීමට සිදු වේ යැයි අපේක්ෂිත
වියදම් වල එකතුව මුළු නිෂ්පාදන
පිරිවැය වේ.
මුළු
පිරිවැය සෘජු පිරිවැය හා වක්‍ර
පිරිවැය ලෙස වර්ග කෙරේ.
සෘජු
පිරිවැය යටතේ සෘජු ද්‍රව්‍ය
පිරිවැය,
සෘජු
ශ්‍රම පිරිවැය,
සෘජු
වෙනත් පිරිවැය දක්වනු ලැබේ.
වක්‍ර
පිරිවැය යටතේ වක්‍ර ද්‍රව්‍ය
පිරිවැය,
වක්‍ර
ශ්‍රම පිරිවැය,
වක්‍ර
වෙනත් පිරිවැය ලෙස වර්ග කර
දක්වයි.
මුළු
නිෂ්පාදන පිරිවැය නිෂ්පාදිත
ඒකක සංඛ්‍යාවෙන් බෙදනු විට
ඒකක පිරිවැය ලැබේ.
10.
ව්‍යාපාරය
ආරම්භ කිරීමට පෙර මෙහෙයුම්
කාර්ය හා වියදම්
-
පර්යේෂණ
කටයුතු සිදු කිරීම හා සම්බන්ධ
වියදම්
-
ව්‍යාපාරයක්
ලියාපදිංචි කිරීම සඳහා
දැරීමට සිදු වන පිරිවැය
-
ප්‍රාග්ධන
සම්පාදනය සඳහා
දැරීමට සිදු වන පිරිවැය.
-
අවශ්‍ය
වන ජංගම නොවන වත්කම් අත්පත්
කර ගැනීමේ දි දරන පිරිවැය.
No comments:
Post a Comment