18.4
මානව
සම්පත් සැලැස්ම
ව්‍යාපාරයක
අරමුණු හා පරමාර්ථ ඉටු කර
ගැනීම පිණිස අනාගත මානව සම්පත්
අවශ්‍යතා නිශ්චය කිරීමත්,
ඒ
සඳහා
අදාළ පිරිවැයක් ඇස්තමේන්තු
කොට සකසනු ලබන සැලැස්ම මානව
සම්පත් සැලැස්ම ලෙස හැදින්වේ.
මානව
සම්පත් සැලැස්ම වැදගත් වීමට
හේතු
1.
අනාගත
සේවක අවශ්‍යතා හා පිරිවැය
පුරෝකථනය කළ හැකි වීම.
2.
මානව
සම්පත වඩා කාර්යක්ෂම ව හා
ඵලදායි ලෙස යොදා ගත හැකි වීම.
3.
අනාගත
සේවක අවශ්‍යතා කලින් හඳුනා
ගැනීමෙන් ව්‍යාපාර කටයුතු
අඩපණ වී යාම වළක්වා ගත හැකි
වීම.
4.
හදිසි
බඳවා
ගැනීම් සඳහා
දැරීමට සිදු විය හැකි පිරිවැය
අවම කර ගත හැකි වීම.
5.
ඉහළ
නිපුණතාවකින් යුත් සේවකයින්
ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව
සැලසීම
මානව
සම්පත් සැලැස්මක ඇතුළත් විය
යුතු කරුණු
1.
ව්‍යවසායකයන්
/
හවුල්කරුවන්
පිළිබඳ විස්තර :
-
මෙහි
දි ව්‍යවසායකයින් /
හවුල්
කරුවන්ගේ පෞද්ගලික තොරතුරු,
නම්
,
ගම්,
ලිපි
යොමුව ආදිය සඳහන් කරයි
2.
කළමනාකරණ
කුසලතා :
-
.
ආයතනයේ
කළමනාකරුවන්ගේ අධ්‍යාපන
සුදුසුකම්,
පළපුරුද්ද
හා ශක්තීන් පිළිබඳ වෙන් වෙන්
ව සඳහන් කළ යුතු වේ.
3.
සංවිධාන
ව්‍යුහයේ මූලික තනතුරු හා
වගකීම් :-
සංවිධානයේ
විවිධ කාර්ය යන්ට අදාළ ව තනතුරු
ඇති කිරීමත් තනතුරුවලට අදාළ
කාර්යයන්,
බලතල
හා වගකීම් දැක්වීමත් මෙහි
ඇතුළත් කෙරේ.
4.
සංවිධාන
සටහන :-
සංවිධානයක
ඇති විවිධ අංශ හා තනතුරු අතර
පවත් නා අන්තර් සම්බන්ධතා
සංවිධාන ව්‍යුහය ලෙස හැදින්වෙන
අතර සංවිධාන සටහනකින් සාරාංශ
තර දැක්විය හැකි ය.
5.
වාර්ෂික
වියදම් :
-
ව්‍යාපාර
ආයතනයක ස්වභාවය අනුව පවතින
විවිධ තනතුරු වෙනුවෙන් ගෙවනු
ලබන වැටුප් හා වේතන වෙනස් වේ.
මානව
සම්පත් වෙනුවෙන් වාර්ෂික
මුළු ශ්‍රම වියදම්,
සෘජු
ශ්‍රම වියදම් හා වක්‍ර ශ්‍රම
වියදම් වශයෙන් ද වෙන් කර හඳුනා
ගත හැකි පරිදි ඇතුළත් කෙරේ.
මෙයට
අමතරව ආයතනයේ සමස්ත කළමනාකරණ
වියදම් මෙම සැලැස්මෙහි අන්තර්ගත
කළ යුතු ය
No comments:
Post a Comment