18.6 මූල්‍ය හා මූල්‍ය නොවන වාර්තා විශ්ලේෂණය



මූල්‍ය වාර්තා විශ්ලේෂණය
               ගිණුම් කාලච්ඡේදය අවසානයේ ව්‍යාපාරයේ සකස් කරන මූල්‍ය වාර්තාවල අන්තර්ගත තොරතුරු ඇසුරින් කරන ඇගයීම මූල්‍ය වාර්තා විශ්ලේෂණය ලෙස හැදින්වේ. මෙහි දි මූල්‍ය වාර්තා විශ්ලේෂණය සහා මූල්‍ය මිණුම් දු භාවිතා කරයි. නිදසුන් ලෙස සමච්ඡේදන ලක්ෂ්‍ය විග්‍රහය යොදා ගැනීම දැක්විය හැකි ය.

මූල්‍ය නොවන වාර්තා විශ්ලේෂණය
                 මූල්‍ය නොවන වාර්තා විශ්ලේෂණය සහා මූල්‍ය නොවන මිණුම් දු භාවිතා කරයි.
නිදසුන් ලෙස
1. අමුද්‍රව්‍ය පවතී ද :- අපේක්ෂිත ව්‍යාපාරයට අමුද්‍රව්‍ය තිබෙනවා ද? ඒවා අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගැනීමට හැකි ද? එසේ නොවන හෝත් ව්‍යාපාරය අඛණ්ඩ ව පවත්වා ගෙන යාම ගැට‍ළුවකි.

2. පරිසර හිතකාමී ලෙස කටයුතු කළේ ද? :- පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතයට ගැනීම, ඉවත ලන ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම සොයා බැලීම ආදියෙන් පරිසරය රැක ගැනීමේ ක්‍රියාවලිය විශ්ලේෂණය කළ යුතු ය.
                සාමූහික වගකීම් සංකල්පය මෙහි දි වැදගත් වේ. මෙම සංකල්පයට අනුව ව්‍යාපාර ආයතනවල අපද්‍රව්‍ය හා පරිසර දූෂණය අවම කිරීම සහා ප්‍රශස්ත ක්‍රියාවලියකට යොමු වෙමින්, විවිධ වැඩසටහන් වලට අනුග්‍රහය දක්වමින් මානව සම්පතින් උපරිම ඵල ලබා ගැනීමට ක්‍රියා කිරීම් හා ප්‍රජාව හා පරිසරය වෙනුවෙන් වගකීමක් සහිත ව කටයුතු කිරීම සිදු වේ.
                  මේ සහා රජය විසින් විවිධ නීතිරීති රෙගුලාසි ක්‍රියාත්මක කරනු ලැබේ. නිදසුන් ලෙස පරිසර සංරක්ෂණ බලපත්‍ර ලබා දීම් (වායුව/අපද්‍රව්‍ය/ශබ්ද වැනි දෑ සහා ) දැක් විය හැකි ය.

3. අපේක්ෂිත ව්‍යාපාරය ක්‍රියාත්මක කළ හැකි ද? :- සැලසුමට අනුව ආරම්භ කිරීම හා එය පවත්වා ගෙන යාම් කළ හැකි වේවි ද? නෛතික තත්ත්වයන් ට අනුකූල දද ආදිය විශ්ලේෂණය කර දැක්වීම දැක්විය හැකි ය.



No comments:

Post a Comment