17.4 භාවිතය අනුව තොරතුරු පද්ධති වර්ග කිරීම.


 17.4 භාවිතය අනුව තොරතුරු පද්ධති වර්ග කිරීම.

1. විධායක උපකාරක පද්ධති (ESS) : සංවිධානයක අග්‍ර මට්ටමේ කළමනාකරුවන්ට ව්‍යුහගත නොවන තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීමට සැකසුණු තොරතුරු පද්ධති මේ නමින් හැින් වේ. උපක්‍රමික මට්ටමේ කළමනාකරුවන්ට කලින් තීරණය කළ ආකෘතියකට අනුව විසඳුම් දීමේ හැකියාවක් නොමැති තීරණ ගැනීමට සිදු වන බැවින් මෙම තොරතුරු පද්ධතිය මගින් එ ඒ අවස්ථාවට උචිත තොරතුරු සැපයීමට පවත්වා ගෙන යයි.

2. .තීරණ උපකාරක පද්ධති (DSS) :
මධ්‍යම මට්ටමේ කළමනාකර වනට සහය වන කල්තබා පහසුවෙන් නිශ්චය කළ නොහැකි , වේගයෙන් වෙනස් වන ඒකාකාරී ව්‍යුහගත හා අර්ධ ව්‍යුහගත තීරණ ගැනීම සඳහා උපකාරි වන, විශ්ලේෂණ හැකියාවන්ගෙන් යුත් පද්ධති වර්ගයකි. ආර්ථික ඇණවුම් ප්‍රමාණය සමීකරණය අනුව ගණනය කිරීම ව්‍යුහගත තීරණයකි. ආයෝජන ඇගයීම් තීරණ අර්ධ ව්‍යුගත තීරණයකි. මෙවැනි තීරණ ගැනීම සඳහා තීරණ උපකාරක පද්ධති උපයෝගි කරගනි.

3. කළමනාකරණ තොරතුරු පද්ධති (MIS) : -
මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් විසින් එකම ආකාරයකින් දිනපතා, සතිපතා, මාසිකව වාර්ෂිකව ආදි කාලීන වශයෙන් මෙන් ම අවශ්‍ය අවස්ථාවක වාර්තාමය ස්වරූපයේ තොරතුරු ලබා දීම සඳහා මෙම තොරතුරු පද්ධති යොදා ගනු ලබයි.
සැලසුම් තීරණ ගැනීමට, නියාමනය හා පාලනය සඳහා සහය වන මෙම තොරතුරු පද්ධතිය කාලීන වාර්තා, විශේෂ වාර්තා සැකසීමේ දි යොදා ගනු ලබයි.

4. කාර්යාල ස්වයංකරණ පද්ධති (OAS) :-
දැනුම මට්ටමේ සේවකයන් විසින් භාවිතා කරන මෙම තොරතුරු පද්ධති මගින් දත්ත සේවකයින් වන ලිපිකරුවන්, ගිණුම සහකරුවන් ලේකම් වරුන් ආදි සේවකයින් විසින් තම දත්ත සැකසීම සඳහා යොදා ගන්නා පද්ධතියකි. දත්ත හා තොරතුරු විද්‍යුත් ආකාරයට පිටපත් කිරීමටත්, ඒවා ඒ ආකාරයෙන් ම සන්නිවේදනය කිරීම සඳහාත් මෙම පද්ධති පහසුකම් සපයයි.ලිපි සකස් කිරීම සඳහා වදන් සැකසුම් පද්ධති මෙන් ම තොරතුරු සන්නිවේදනය සඳහා විද්‍යුත් තැපැල යොදා ගැනීම උදාහරණ ලෙස දැක්විය හැකි ය.

5. දැනුම් කාර්ය පද්ධති (KWS):-
දැනුම් සේවකයන් වන ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, නීතිඥයින්, පර්යේෂකයින් ආදි දැනුම් මට්ටමේ වෘත්තිකයන් විසින් නව දැනුම බිහි කිරීම සඳහාත් ඒවා සමෝධානය කිරීම සඳහාත් වන තොරතුරු පද්ධති වේ. පරිගණක ආධාරක නිර්මාණකරණය උදාහරණ ලෙස දැක්විය හැකි ය.

6. ගනුදෙනු සැකසුම් පද්ධති  (TPS): -
සංවිධානයක එදිනෙදා මෙහෙයුම් කටයුතු (ව්‍යාපාර කටයුතු ) වලින් බිහිවන දත්ත සැකසීමට එනමි නිතර නිතරසිදුවන කටයුතු වලින් උපදින මූලික දත්ත සැකසීම සඳහා භාවිතා කරන තොරතුරු පද්ධති වේ. සංවිධානයක එක් එක් අංශ සඳහා වෙන් වෙන් වු ගනුදෙනු සැකසීමේ පද්ධති පවති. එනම්
නිෂ්පාදන අංශය :- ද්‍රව්‍ය මිලට ගැනීමට,ද්‍රව්‍ය ඇණවුම් කිරීමට පහසුකම් සපයන තොරතුරු පද්ධතිය.
අලෙවිකරණ අංශය :- විකුණුම් ඇණවුම් ලබා ගැනීමට, මිල කිරීමට පහසුකම් සපයන තොරතුරු පද්ධතිය.
මූල්‍ය අංශය/ගිණුම් අංශය: - අයවැය ලේඛන සැකසීමය, පොදු ලෙජරය පිළියෙළ කිරීමට, මුදල් ගෙවීම් කිරීමට, පහසුකම් සපයන ගනුදෙනු සැකසුම් පද්ධති
මානව සම්පත් අංශය :- වැටුප් වාර්තා සකස් කිරීමට, සේවක පැමිණීම වාර්තා කිරීමට, සේවක පුහුණුව හා සංවර්ධනයට පහසුකම් සපයන ගනුදෙනු සැකසුම් පද්ධති ආදිය උදාහරණ ලෙස දැක්විය හැකි ය.

7. ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධති (BIS):-
මෙය විධායක උපකාරක පද්ධතිය ශක්තිමත් කරන පද්ධතියක් වන අතර තීරණ උපකාරක පද්ධති සහා භාවිත කරන දත්ත හා තොරතුරු භාවිතා කරමින් මෙම පද්ධතිය නිර්මාණය කර ඇත. මෙම පද්ධතිය හැකියා, ක්‍රියාවලීන්, තාක්ෂණයේ භාවිතයන් හා පරිචයන්ගෙන් සමන්විත වු පද්ධතියකි.

භාවිතය අනුව තොරතුරු පද්ධති හා කළමනාකරණ මට්ටම් අනුව වර්ග කළ තොරතුරු පද්ධති අතර අන්තර් සම්බන්ධතාවක් පවති.




No comments:

Post a Comment