18.2 ව්‍යාපාර අදහසට උචිත අලෙවිකරණ සැලැස්මක් පිළියෙළ කිරීම



18.2 ව්‍යාපාර අදහසට උචිත අලෙවිකරණ සැලැස්මක් පිළියෙළ කිරීම.

වෙළෙ පොළ තරකාරිත්වය, අලෙවි උපාය මාර්ග, විකුණුම් පුරෝකථනය ආදි තොරතුරු සවිස්තර ව ඉදිරිපත් කරන කොටස අලෙවිකරණ සැලැස්මයි.

අලෙවිකරණ සැලැස්ම වැදගත් වීමට හේතු
1. නිෂ්පාදිත සඳහා ප්‍රමාණවත් හා වර්ධනය වන වෙළෙඳ පොළක් ඇති බවට පෙන්වා දිය හැකි වීම.
2. වෙළෙඳ පොළේ තරගකාරිත්වයට මුහුණ දිය හැකි බව පෙන්වා දීමට

අලෙවිකරණ සැලැස්මක අන්තර්ගත කරුණු
1. කර්මාන්තය හා වෙළෙඳපොළ විශ්ලේෂණය :- මෙහි දි අදාළ කර්මාන්තය පිළිබඳ ව සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. කර්මාන්තයේ වර්තමාන තත්ත්වය, විකුණුම, ලාභ, වර්ධන අනුපාත හා වෙනත් ප්‍රවණතා පිළිබද විශ්ලේෂණයක් සිදු කෙරෙයි.

2. අලෙවි කිරීමට අපේක්ෂිත භාණ්ඩය හෝ සේවය :- භාණ්ඩය හෝ සේවාව, නිෂ්පාදිත මිශ්‍රය (දිග, පළල, ගැඹුර පිළිබඳ විස්තර), නිෂ්පාදිතවල ප්‍රයෝජ්‍යතාවය, ඒ ඒ නිෂ්පාදිතයේ මෝස්තරය, ප්‍රමාණය, වර්ගය ආදිය.

3. ඉලක්ක වෙළෙඳපොළ :- ඉලක්ක වෙළෙඳපොළ හා ඛණ්ඩනවල සුවිශේෂ ලක්ෂණ, ඉලක්ක වෙළෙඳපොළේ මූලික ප්‍රවණතා හා අපේක්ෂිත වෙනස්කම්, ඉලක්ක වෙළෙඳපොළට ට ළඟා විමේ උපාය මාර්ග

4. තරගකාරිත්ව විශ්ලේෂණය :- පවත්නා තරගකාරිත්වය, තරගකරුවෝ හා ඔවුන්ගේ ශක්ති, තරගකාරිත්වයට මුහුණ දීමට තමා සතු ශක්ති හා දුර්වලතා, වෙළෙඳපොළට පිවිසීමට ඇති බාධා එනම් පිරිවැය, කාලය, තාක්ෂණය, පෙටන්ට් බලපත්‍ර හා වෙළෙඳ ලකුණ ආදිය

5. අපේක්ෂිත අලෙවිය :- ඉලක්ක වෙළෙඳපොළ ප්‍රමාණය, අපේක්ෂිත ගනුදෙනුකරුවන් ප්‍රමාණය හා ඔවුන්ගේ මිල දි ගැනීමේ හැකියාව, අපේක්ෂිත වෙළෙඳ පොළ වර්ධනය.

6. තරගකරුවන්ගේ අලෙවි උපාය මාර්ග : - තරගකරුවන්ගේ මිල උපාය මාර්ග, බෙදාහැරීමේ උපාය මාර්ග, හා ප්‍රවර්ධන උපාය මාර්ග පිළිබඳ විස්තර

7. යෝජිත අලෙවි උපාය මාර්ග :- නිෂ්පාදිත උපාය මාර්ග, මිල උපාය මාර්ග, බෙදා හැරීමේ උපාය මාර්ග, ප්‍රවර්ධන උපාය මාර්ග

8. වාර්ෂික විකුණුම් පුරෝකථනය :- නිෂ්පාදිත වර්ගය, විකුණුම් ප්‍රමාණය, ඒකකයක මිල, වාර්ෂික ආදායම

9. අලෙවි වියදම් :- බෙදා හැරීමේ වියදම්, වට්ටමි, ප්‍රවර්ධන වියදම්, විකුණුම් කොමිස්, අලෙවිය සඳහා යොදා ගත් ස්ථාවර වත්කම් ක්ෂය වීම් ආදිය.

No comments:

Post a Comment