17.6 තොරතුරු තාක්ෂණය


17.6 තොරතුරු තාක්ෂණය
තොරතුරු තාක්ෂණය යනු විදුලි සන්දේශ හා පරිගණක තාක්ෂණය ඔස්සේ වාචික, රූපමය, අක්ෂරමය හා අංකමය තොරතුරු අත්පත් කර ගැනීම, සැකසීම, ගබඩා කිරීම හා බෙදා හැරීම යි.

තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍ර තුනක සංකලනයකි. එම ක්ෂේත්‍ර 3 නම්
1.සන්නිවේදන තාක්ෂණය : - සකස් කරන ලද දත්ත අදාළ පාර්ශ්ව වෙත බෙදා හැරීමට උපයෝගී කර ගනු ලබන තාක්ෂණයයි. අද වන විට පරිගණක ගත ජාල ඔස්සේ ක්ෂණයකින් ලෝකයේ කවර ම හෝ තැනකට තොරතුරු බෙදා හරින්නේ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ය.

2. ගණනය කිරීමේ තාක්ෂණය : - තොරතුරු පද්ධතිවල ගණනය කිරීම සිදු කිරීම සහා යොදා ගනු ලබන තාක්ෂණයි. වර්තමාන ගණනය කිරීමේ ප්‍රධාන උපකරණය පරිගණකය නිසා මෙය පරිගණක තාක්ෂණය ලෙස ද හඳුන්වයි. වර්තමානයේ මෙම ක්ෂේත්‍රය ඉතා දියුණු වි ඇති අතර තත්පරයකට බිලියන ගණනක් ගණනය කළ හැකි පරිගණක බිහිවි තිබේ.

3. තොරතුරු කළමනාකරණ තාක්ෂණය : - පරිගණක තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය මැනවින් හසුරුවමින් තොරතුරු සම්පත කාර්යක්ෂම ව හා සඵල දායි ව භාවිත කිරීමේ ක්‍රියාවලිය තොරතුරු කළමනාකරණ තාක්ෂණයයි. ආයතනයක තොරතුරු කළමනාකරණ තාක්ෂණයක් නො තිබුණ හෝත් තොරතුරුවලින් නිසි ප්‍රයෝජන ගත නො හැකි වේ.

තොරතුරු තාක්ෂණයේ වැදගත්කම
1. වඩා නිවැරදි තීරණ ගැනීමට හැකි වීම හා තීරණ ගැනීම පහසු වීම.
2. කටයුතු වල වැරදි අවම වීම හා විශ්වසනීයත්වය වැඩි වීම.
3. ක්‍රියාවලි කාර්යක්ෂමව සිදුකර ගත හැකි වීම.
4. ක්‍රියාවලි සඵලදායිව සිදු කර ගත හැකි වීම.
5. නිමැවුම්වල ගුණාත්මක භාවය ඉහළ යාම.
6. තොරතුරු සඳහා විශාල ගබඩා ධාරිතාවක් තිබීම.
7. ක්‍රියාවලි සඳහා වන පිරිවැය අඩුවීම.
8. තරගකාරිත්වයට මුහුණු දීමට හැකි වීම.
9. සන්නිවේදන ක්‍රියාවලිය පහසු වීම.
10. පාරිභෝගිකයන් වෙත හෝ සේවාදායකයන් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි වීම
11. ජාතීන් හා පුද්ගලයන් අතර පවතින දුරස්ථ බව අඩු වීම.
12. ජනතාවට හා පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවයක් ලබා ගැනීමට අවස්ථාව ලැබීම.
13. නව දැනුම ජනනය වීම හා බෙදා හැරීම ශීඝ්‍රයෙන් සිදුවන නිසා ජනතාවගේ අවබෝධය පුළුල් වීම.
14. අන්තර්ජාතික වෙළෙඳාම ප්‍රසාරණය වීම

තොරතුරු තාක්ෂණයේ ප්‍රතිලාභ
1.තොරතුරු සැකසීමේ, ලබා ගැනීමේ වේගවත් බව :- 
 ඉතා සංකීර්ණ දෑ වුවද ඉතාම වේගයෙන් ලබාගෙන වර්ග කොට නැවත භාවිත කිරීම සඳහා යොදා ගත හැකි වීම.
2. තොරතුරුවල නිවැරදිතාව : - 
 තොරතුරු සැකසීමේ දි පුද්ගලයන් අතින් වැරදි ඇති වීමට ඇති ඉඩකඩ විශාල නමුත් විද්‍යුත් තොරතුරු මෙහෙයුම් ක්‍රියාවලියට මිනිසුන් සහභාගි වන්නේ අඩුවෙන් නිසා සිදු වන වැරදි අවම වේ.
3. නම්‍යශීලී බව :-  
ඉතා සියුම් ලෙස නොයෙකුත් කාර්යයන් සඳහා යොදා ගැනීමටත් එම කාර්යයන් අනුව වෙනස් කිරීමටත් හැකි වීම.
4. තොරතුරුවල විශ්වාසවන්ත බව ඇතිවීම : -
 තොරතුරුවල නිවැරදිතාව නිසා තොරතුරුවල විශ්වාසවන්තව බව ඇත.
5. ගුණාත්මක බව වර්ධනය වීම :-  
නිවැරදි තාක්ෂණික තොරතුරු යොදා ගැනිමෙන් කරනු ලබන කටයුතු ද උසස් ගුණත්වයකින් යුක්ත වීම.
6. වැඩි තොරතුරු ප්‍රමාණයක් කළමනාකරණය කිරීමට හැකි වීම :-  
තොරතුරු තාක්ෂණය නිසා විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා ගත හැකි අතර ඒවා අවශ්‍ය පරිදි යොදා ගනිමින් තීරණ ගැනීම සඳහා භාවිත කළ හැකි වීම.
7. අඩු සේවක සංඛ්‍යාවක් ප්‍රමාණවත් වීම :-  
තාක්ෂණික මෙවලම් යොදා ගන්නා නිසා අඩු සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වීම.
8. පිරිවැය අඩු වීම :-  
ඉහත කරුණු නිසා අරපිරිමැසුම් දායක වීම මගින් පිරිවැය අවම කර ගැනීමට හැකියාව ලැබ ඇත.

No comments:

Post a Comment