ව්‍යාපාර සැලැස්ම - අභ්‍යාස 01


ව්‍යාපාර සැලැස්ම - අභ්‍යාස 01
(නිවැරදි පිළිතුරේ අංකය වරහන් තුළ දක්වන්න)

1. ව්‍යාපාර සැලැස්මක් අවශ්‍ය වීමට හේතුවක් සෙ පිළිගත හැක්කේ කුමක් ද?
(1) ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට
(2) ව්‍යාපාරය කෙරෙහි ඇල්මැති පාර්ශ්වයන්ට ව්‍යාපාරය පිළිබ ව අවබෝධයක් ලබා දීම.
(3) ව්‍යාපාර කටයුතු සහා මග පෙන්වීමක් ඇති කර ගැනීමට
(4) සම්පත් කාර්යක්ෂම හා ඵලදායි ව කළමනාකරණය කිරීමට.
(5) ඉහත සියලු ම ප්‍රතිලාභ ලබා ගැනීමට                                         (.....)

2. ව්‍යාපාර සැලැස්මක ඇතුළත් වන අංගයක් ලෙස සැලකිය නොහැක්කේ,
(1) විධායක සාරාංශය 
(2) ව්‍යාපාර විස්තරය 
(3) අලෙවි සැලැස්ම
(4) මෙහෙයුම් සැලැස්ම 
(5) ව්‍යාපාරය ලබාගෙන ඇති ණය ශ්‍රේණිය                                       (.....)

3. ව්‍යාපාර සැලැස්මේ ඇතුළත් මූලික කරුණු සංක්ෂිප්තව ඉදිරිපත් කරන කොටස හැදින්වෙන්නේ කවර නමකින් ද?
(1) ව්‍යාපාර සාරාංශය 
(2) ව්‍යාපාර විස්තරය 
(3) විධායක සාරාංශය
(4) සංවිධාන ව්‍යුහය 
(5) වෙළෙඳ පොළ හා කර්මාන්ත විශ්ලේෂණය                                   (.....)

4. බාහිර පාර්ශ්වයන් තවදුරටත් ව්‍යාපාරය පිළිබඳ ව සොයා බැලීමට පෙළඹ වීමක් කරනු ලබන්නේ,
(1) ව්‍යාපාර විස්තරය මගිනි
(2) අලෙවි සැලැස්ම මගිනි
(3) මූල්‍ය සැලැස්ම මගිනි.
(4) විධායක සාරාංශය මගිනි
(5) ඉහත සියල්ල ම මගිනි.                                                            (.....)

5. ව්‍යාපාර සැලැස්මක් තුළ ඇතුළත් විධායක සාරාංශය වැදගත් වීමට හේතුවක් ලෙස පිළිගත නොහැක්කේ,
(1) මෙයින් සමස්ත ව්‍යාපාර සැලැස්ම පිළිබද ව පෙර දැක්මක් ඇති කිරීම.
(2) ව්‍යාපාර සැලැස්ම පිළිබඳ ව මග පෙන්වීමක් ලබා දීම.
(3) ව්‍යාපාරය පිළිබඳ ව තවදුරටත් සොයා බැලීමට බාහිර පාර්ශ්වයන් පෙළඹ වීම.
(4) ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍ය සම්පත් ලබා ගැනීමට උපකාරී වීම.
(5) ව්‍යාපාර සැලැස්ම පිළිබඳ ව විශ්වාසයක් ඇති කිරීම.                         (.....)

6. විධායක සාරාංශය ලිවීමේ දි සැලකිලිමත් විය යුතු මූලධර්මයක් ලෙස සැලකිය නොහැක්කේ,
(1) ව්‍යාපාර සංකල්පය හොඳින් විස්තර වන පරිදි ලිවිය යුතු යි.
(2) ආකර්ෂණීය භාෂා ශෛලියකින් ලිවිය යුතු යි.
(3) සැලැස්මේ සෙසු කොටස්වල වැදගත් ම කරුණු ඉස්මතු වන සේ ලිවිය යුතු යි.
(4) හැකි තාක් කෙටියෙන් හා සරලව ලිවිය යුතු යි.
(5) ව්‍යාපාර සැලැස්මේ ඇතුළත් මාතෘකාවල ලැයිස්තුවක් ලෙස ලිවිය යුතු යි. (.....)

7. ව්‍යාපාරය කුමක් ද යන්නත්, ව්‍යාපාරය සපයන භාණ්ඩය හෝ සේවා ව පිළිබඳ වත් එමගින් ගනුදෙනු කරුවන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ වත් විස්තර කෙරෙනු ව්‍යාපාර සැලැස්ම තුළ ඇතුළත් කවර කොටස මගින් ද?
(1) විධායක සාරාංශය මගිනි 
(2) ව්‍යාපාර විස්තරය මගිනි.
(3) කර්මාන්ත හා වෙළෙඳපොළ විශ්ලේෂණය මගිනි 
(4) මෙහෙයුම් සැලැස්ම මගිනි.
(5) අලෙවි සැලැස්ම මගිනි                                                              (.....)

8. ව්‍යාපාර සැලැස්ම තුළ ඇතුළත් තොරතුරු කිහිපයක් පහත දැක්වේ.
A - ව්‍යාපාරයේ නම ලිපිනය B – ඉදිරිපත් කරන නිෂ්පාදිතය
C - සංවිධාන ව්‍යුහය           D – අපේක්ෂිත අලෙවිය
E - ව්‍යාපාරයේ අරමුණ       F – ඉලක්ක වෙළෙඳපොළ
මේ අතුරින් ව්‍යාපාර විස්තරය යටතේ ඇතුළත් කළ යුතු තොරතුරු පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න
(1) A,B,C (2) A,D,E (3) A,C,E (4) B,D,E (5) C,E,F                  (.....)

9. අලෙවි සැලැස්ම තුළ ඇතුළත් අංගයක් ලෙස සැලකිය නොහැක්කේ කුමක් ද?
(1) කර්මාන්ත හා වෙළෙඳපොළ විශ්ලේෂණය  
(2) විකුණුම් පුරෝකථනය
(3) තරගකාරිත්ව විශ්ලේෂණය 
(4) ව්‍යාපාරයේ නම හා ලිපිනය
(5) තරගකරුවන්ගේ අලෙවි උපාය මාර්ග                                         (.....)

10. නිෂ්පාදන ක්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා සිදුවන යෙදවුම් පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය සිදු වන ආකාරය විස්තරාත්මක ව දක්වන්නේ,
(1) නිෂ්පාදන සැලැස්ම මගිනි
(2) මෙහෙයුම් සැලැස්ම මගිනි.
(3) අලෙවි සැලැස්ම මගිනි
(4) ව්‍යාපාර සැලැස්ම මගිනි.
(5) ඉහත සියල්ල මගිනි.                                                                (.....)

(මෙම ප්‍රශ්න පත්‍රය ව්‍යාපාර අධ්‍යයනය ප්‍රවීන දේශක ප්‍රසන්න රණවක මහතාගේ ව්‍යාපාර අධ්‍යයනය - II පෙරහුරු ප්‍රශ්න හා පිළිතුරු පොතෙන් උපුටා ගන්නා ලදි)

No comments:

Post a Comment