Thursday, 20 October 2022

Smart investor


 

Smart Investor කෙනෙක් වෙන්න කැමති ද?

කොහොම ද Smart investor කෙනෙක් වෙන්නේ?

වයස අවුරුදු 18 න් ම පටන් ගමු. ආයෝජනය කරන්න.

මොනාගෙද ආයෝජනය කරන්නේ?

අපිට ආයෝජනය කරන්න පුළුවන් මිල කළ සමාගම් වල ඒ කියන්නේ ලැයිස්තු ගත පොදු සමාගම් වල

කොළඹ කොටස් වෙළෙදපොළේ ලැයිස්තුගත වු පොදු සමාගම් ය.

නොමැති නම් කොටස් වෙළෙදපොළ නිල ලේඛනයට නම ඇතුළත් කොට ඇති පොදු සමාගම් ය.

උදා

 :- DFCC Bank PLC,  සම්පත් බෑන්ක්  පී එල් සී

මෙවැනි සමාගම් 294 ක් ලැයිස්තු ගත කර ඇත.

අපිටත් පුළුවන් මෙම සමාගම්වල සාමාන්‍ය කොටස් මිල දී ගන්න.

මෙම සමාගම්වල සාමාන්‍ය කොටස් හිමියන් යනු එම සමාගමේ අයිතිකරුවන් ය.

මෙම සමාගම්වල සාමාන්‍ය කොටස් මිල දි ගැනීමෙන් එම සමාගමේ අයිතිය සහ පාලන බලතල අපිට හිමි වේ.

මෙම සමාගමක කොටස් මිල දි ගන්න අපට තිබිය යුතු සුදුසුකම්
01. වයස අවුරුදු 18 ට වැඩි වීම.
02. ජාතික හැදුනුම්පත තිබීම.

ආයෝජනය කරන්න මුදල් හොයා ගන්නේ කොහොම ද?
01. පාරිභෝජනය ටිකක් කැපකර දිනකට කීයක් හරි ඉතිරි කරමු.
02. අනවශ්‍ය වියදම් නොකර ඒ මුදල ඉතිරිකර ගමු.
03. ටික ටික ඉතුරුකරලා ටික ටික ආයෝජනය කරමු.

අපි  මෙම සමාගම්වල මිල දී ගත්තට පස්සේ
01. අපි වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකරුවන් සේවකයන් වැඩකරලා ලාභ උපයනවා.
02. වර්ෂ අවසානයේ අපි මිලදී ගත් කොටස් වලට ලාභාංශ ගෙවනවා.
03. අපිට පුළුවන් ඒ ලාභාංශ නැවත ආයෝජනය කරන්න.

04. ඒ වගේම අපි මිල දි ගත් කොටස් වල මිල ඉහළ  යන අවස්ථාවල අපිට ඒ කොටස් පහසුවෙන් කොටස් වෙළෙදපොළේ වෙනත් අයට වැඩි මිලකට විකිණිය හැකි ය.
අඩු මිලට මිල දි ගත් කොටස් වැඩි මිලට විකිණිමෙන් ප්‍රාග්ධන ලාභ ඉපයිය හැකි ය.

05. කොටස් විකිණිමෙන් ලබන ප්‍රාග්ධන ලාබ ආදායම් බදුවලින් නිදහස් ය. රජය බදු අයනොකරයි.

06. සමාගමේ වාර්ෂික මහ සභා රැස්වීමට කැදවීම් ලැබෙනවා.

සමාගමේ වාර්ෂික මහ සභා රැස්වීමේ දි සමාගමේ ඉදිරියෝජනා සම්මත කරගැනීමට අපිට ඡන්ද ප්‍රකාශ කළ හැකියි.

07. මුදල් හදිසියක දි මෙම කොටස් පහසුවෙන් විකිණිය හැකියි. ඉහළ ද්‍රවශිලතාවයකින් යුක්තයි.

08. සමාගමේ වැඩි ලාභ තියෙන වර්ෂවල වැඩි ලාභයකුත් ලැබෙනවා.

09. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ පාලනයට කොටස් වෙළෙදපොළ යටත් බැවින් ආයෝජනවල ආරක්ෂාව ද පවති.

10. කොටස් මිල ගණන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු කොටස් වෙළෙදපොළ හරහා ලබා ගත හැකි වීම.

කොටස් වෙළෙදපොළේ නිල වෙබ් අඩවිය

www.cse.lk වෙබ් අඩවිය මගින් ලැයිස්තුගත සමාගම්වල මූල්‍ය ප්‍රකාශන පරික්ෂා කළ හැකි ය.

11. කොටස්ගනු දෙනු විනිවිධ භාවයකින් යුතු වන අතර නිවැරදිතාව ද 100 % කි.

12. කොටස් මිල දි ගැනීම් සහ විකිණිම් ගනුදෙනු එම මෙහොතේම ස්වයංක්‍රීයව පියවීම් සිදුවේ.

13. ප්‍රසාද කොටස් නිකුතුවල දි නොමිළේ කොටස් ලබාගත හැකි ය. ලාභාංශ මුදලින් නොගෙවා ඒ වෙනුවට කොටස් ලබා දීම කදි අපගේ කොටස් ප්‍රමාණය ඉහළ යෑම.

විස්වාසවන්ත ආයෝජන මාර්ගයකි.

කොළඹ ව්‍යාපාර වස්තු  හුවමාරුව මිල කල සමාගම්වල කොටස් ගනුදෙනු ක්‍රියාත්මක කරනු ලබයි.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව
මෙය ව්‍යාපාර වස්තු හුවමාරු කිරීම  සදහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම මගින් අධිකාරිය ලත් ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ශ්‍රී ලංකා නීතිය යටතේ ස්ථාපනය කොට ඇත.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම ව්‍යාපාර වස්තු හුවමාරුව ලෙස ක්‍රියාත්මක වන අතර එමගින් සමාගම් වලට සහ ආයෝජකයන්ට හමුවීම සදහා අවශ්‍ය විනිවිද පෙනෙන සහ විධිමත් පරිසරයක් සකස් කෙරෙයි.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව,වෙළදපොල ක්‍රියාකරු ලෙසත් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ පරිපුර්ණ හිමිකාරිත්වය, සහිත මධ්‍යම තැන්පතු ක්‍රමයපුද්ගලික සමාගම,පියවීම්, හා නිශ්කාෂණ ක්‍රියාකරු ලෙසත් පහසුකම් සැපයීමේ නිරත වී සිටි.

මධ්‍යම තැන්පතු ක්‍රමයපුද්ගලික සමාගම

දකුණු ආසියානු කලාපය තුළ නිශ්කාෂණ හා පියවීම් කටයුතු සහිතව තැන්පතු ආයතනයක් පිහිටවූ පළමු කොටස් වෙළදපොළ කොළඹ ව්‍යාපාර වස්තුහුවමාරුවයි.1991 දී මෙහි නිෂ්කාෂණය හා පියවීම් සම්පුර්ණ ස්වයංක්‍රීය පද්ධතියකට සාර්ථකව අනුගත කරන ලදී.

කොටස් මිල දී ගැනීම ආරම්භ කරන්නේ කෙසේ ද?

කොටස් තැරැව්කාර සමාගමක් හා සම්බන්ධ වීම පළමුවෙන් සිදු කළ යුතු ය.

https://www.cse.lk/pages/members/members.component.html





No comments:

Post a Comment